Dammananda Weda Hamuduruwo rusian akka Hot Photos

Hadathi Ruwakata Ayurweedays හැඩැති රුවකට ආයුර්වේදය

 

හැඩැති රුවකට ආයුර්වේදයෙන් උපදෙස්

 

ලස්සන වීමට බොහෝ දෙනා කැමතිය. ස්තී‍්‍ර පුරුෂ සියල්ලෝම ලස්සන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබන අතර රුව රැකගැනීම සඳහා නොයෙක් දේ කරති. දේශීය වෙදකමෙහි ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ද සුන්දරත්වය රැකගැනීම පිළිබඳ තොරතුරු දක්වා තිබේ.කෙසේ වූව ද සුන්දරත්වය හෙවත් ලස්සන යනු ස්තී‍්‍ර හෝ පුරුෂ භේදයකින් තොරව මිනිසාට සම්පතකි. එය අගනා සම්පතක් වන්නේ මෙලොව වැසි සියල්ලන්ටම සුන්දරත්වය හිමි නො වන නිසා ය. ලස්සන හෙවත් සුන්දර බවට කිසිදු මිනුම් දණ්ඩක් නොමැත. මෙය සාපේක්‍ෂ දෙයකි.උපතින් කෙනකුට ලැබෙන සුන්දරත්වය අතර යම් අසුන්දර අවලක්‍ෂණ බවක් හෙවත් �කැතක්� වෙත්නම් එම අසුන්දර රුව සුන්දර කර පෙන්වීමට බාහිර ආලේප හා වර්ණ භාවිත කිරීමට කාන්තාවෝ වැඩි වෙහෙසක් දරති. මෙය හඳුන්වන්න් රූපලාවන්‍ය ලෙසයි.

රූපලාවන්‍ය කෙරෙහි විශේෂඥ දැනුම ඇති ආයතන හා පුද්ගලයන් වෙත ගොස් ඒ සුන්දර මුදු කොමළ බව ඇති කරගන්නට බොහෝ දෙනා වෙහෙසෙති. මුදල් වැය කරති. බොහෝ ද්‍රව්‍ය බාහිරව ආලේප කරති. ආයුර්වේදයෙහි ද උත්පත්තියෙන් පුද්ගලයාට හිමි වූ සුන්දර බව ආරක්‍ෂා කර ගැනීමට මෙන් ම වර්ධනය කර ගැනීමට ද හැකියාව ඇති අයුරු දක්වා තිබේ. එසේ ම සිරුරේ අසුන්දර තැන් සුන්දර ලෙස සකසා ගැනීමට ද රූපලාවන්‍ය ක‍්‍රම භාවිත කරනු ලබන අතර, ඒ සඳහා බොහෝසෙයින් ම භාවිත කරනුයේ ආයුර්වේද ඖෂධයන් ය. වර්තමානයේ මෙන් ම අතීතයෙහි දී ද පෙරදිග ලලනාවෝ මෙන් ම පුරුෂයෝ ද සුන්දරව හිඳීමට බොහෝ දේශීය ආයුර්වේද ඖෂධ සංයෝග භාවිත කළහ. සඳුන්, කොකුම්, කිරි, කහ, වෙනිවැල්, කෝමාරිකා ආදිය මේ අතර ප‍්‍රධාන විය.සුන්දරත්වය පතා කරනු ලබන සත්කාර අතරින් බොහෝමයක් ම කරනුයේ මිනිස් සිරුරෙහි විශාලතම ඉන්ද්‍රිය වූ සමෙහි සුන්දරත්වය මෘදු බව දීප්තිය අලංකාරය අරඹයා ය. ඒ සියලු සත්කාරයන්ට අමතරව ආභරණ, ඇඳුම් පැළැඳුම් භාවිතයෙන් ද රුව වැඩිකර ගැනීමට කවුරුත් පි‍්‍රය කරති.ඒ සියල්ල පසෙකලා කේශ, දන්ත, මාංශ, චවි, වයඞ යන අංගයන්හි සුන්දරත්වය පුද්ගල සුන්දරත්වය තීරණය කිරීම කෙරෙහි මිනුම් දණ්ඩක් ලෙස සැලකේ. නමුත් මේ සියලු කල්‍යාණයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව නම් නීරෝගී බව හෙවත් ස්වස්ත භාවය අත්‍යාවශ්‍ය වේ. ඒ සමඟ ම චිත්ත පාරිශුද්ධිය අවශ්‍ය වේ.මානසික නිරෝගී භාවය නොමැතිවීම ද, නින්ද අවශ්‍ය පමණට නොලැබීම ද, අපිරිසුදු බව ආදිය නිසා ද ශරීරයේ පැහැපත් බව වියැකී සුන්දරත්වය මැකී යයි.ග‍්‍රහ අපල හා කර්මජ රෝග නිසාවෙන් ද පුද්ගලයාගේ රූපය අවලස්සන වන බව ආයුර්වේදයේ සඳහන් වේ.තව ද උෂ්ණාධික ශරීරයක් ඇති අයගේ ශරීර උෂ්ණත්වය, පුද්ගල ශරීරයේ වාපිත් සෙම් ආදීන්ගේ කි‍්‍රයාකාරීත්වය ද රුව කෙරෙහි බලපෑම් ඇතිකරන බව අප දන්නා කරුණකි. රක්ත දූෂණය වීම නිසාවෙන් සිදුවන සම අවපැහැ ගැන්වීම ද සුන්දරත්වය නසාලීමට හේතුවන බව සිහි තබා ගැනීම ඉතා වැදගත් වේ.ඔබ ජීවත්වන ප‍්‍රදේශයේ දේශගුණය ඔබගේ රුව වැඩීමට මෙන් ම නැසීමට ද හේතුවිය හැකි ය. සෞම්‍ය දේශගුණයකින් යුත් ප‍්‍රදේශවල දිවි ගෙවන්නන්ගෙන් බොහෝ දෙනෙක් සුන්දර සමකට හිමිකම් කියන්නො වෙති.

මෙසේ බැලූ කල්හි අප ජීවත්වන ස්වභාවික පරිසරය ද අප ගන්නා ආහාරපාන මෙන් ම පුද්ගල ශරීර ප‍්‍රකෘතිය ද පෙර කර්මයද එක්ව අපට ලැබී ඇති රූපය රැකගැනීමට අප යම් පමණකින් කැපවීමක් කළ යුතුය. ඒ සඳහා සමට හානි කරනු ලබන සූර්ය කිරණ, උෂ්ණ ගුණ ඇති ආහාර ද්‍රව්‍ය (ඉස්සන්, කකුළුවන්, දැල්ලන්, ටින් කළ ආහාර වර්ග මෙන්ම රසායනික ද්‍රව්‍ය යෙදූ කෘති‍්‍රම ආහාර) භාවිතයෙන් වැළැකීම ද, පෝෂ්‍යදායී නැවුම් ආහාර ද්‍රව්‍ය අනුභව කිරීම ද ශරීරයේ හි නිපදෙන මළ පදාර්ථ නිසි ලෙස ඉවත් කිරීමද කළ යුතු වේ.මේ සියලු කි‍්‍රයාකාරීත්වයන් තුළින් සම ප‍්‍රාණවත්ව පෘෂ්ඨිමත්ව මෙන් ම දීප්තිමත්ව හා වර්ණවත්ව තබා ගැනීමට හැකියාව ලැබේ. පුද්ගල සුන්දරත්වය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් ම සමෙහි ස්වභාවය බලපෑම් කරනු ලබයි. රුව ගැන සිහි වූ සැනින් මතකයට නැඟෙන්නේ �සම� හෙවත් �චර්මය� යන්නයි. පුද්ගල සුන්දරත්වයේ රහස සොඳුරු සමයි. මිනිස් සිරුරෙහි විශාලම ඉන්ද්‍රියය වන සමෙහි ප‍්‍රධාන කාර්යය වනුයේ සුන්දරත්වය ආරක්‍ෂා කිරීම නො වේ. නමුත් සුන්දරත්වය පිළිබඳ කතා කරනු ලබන සෑම මොහොතකම සිහියට නැඟෙන්නේ සම පිළිබඳයි. සමෙහි වර්ණය ස්වභාවය ආදී දේ පිළිබඳ රුව ගැන කතාකිරීමේදී අප විශේෂ අවධානයක් යොමු කළ ද සමට අයත් ප‍්‍රධාන කාර්යය වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කිරීමයි.සමෙහි පමණක් නොව ශරීරයෙහි සියලුම ඉන්ද්‍රියන්ගේ මනා කි‍්‍රයාකාරීත්වය හා පරිවෘත කි‍්‍රයා හෙවත් මළ මුත‍්‍ර ස්වෙද (දහදිය) නිසි ලෙස ශරීරයෙන් බැහැරවීම මිනිස් සිරුරෙහි රුව රැකීමට හේතු කාරක වේ.මනුෂ්‍ය ශරීරයෙහි රුව රැකගැනීම කෙරෙහි ප‍්‍රබල ලෙසම දායක වන්නේ ආහාරයයි. ආහාර මඟින් පුද්ගලයාට ආයු (ආයුෂ), වර්ණය (පැහැය), සැප, බලය (ශක්තිය), ප‍්‍රඥාව (කල්පනා ශක්තිය), බුද්ධිය, තෘෂ්ටිය, සතුට, පෘෂ්ටිය (පෝෂණය) සහ අධිපති බව (පෞරුෂය) යන ගුණ ලබා දේ.අප විසින් ගනු ලබන ආහාර නිසි ලෙස පැසවා (ජීර්ණය වී) ශරීරයේ ඉන්ද්‍රියයන් පෝෂණයට ද කි‍්‍රයාකාරිත්වයට ද උපකාරී වේ. ඒ තුළින් ම සමෙහි පෝෂණය ද සිදු වේ. එබැවින් ආහාර සුන්දරත්වය කෙරෙහි අප‍්‍රමාණ ලෙස බලපෑම් කරනු ලබයි.ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් සන්තර්පනය කරමින් සම ද පෝෂණය කරනු ලබන නිසාවෙන් අප ගනු ලබන ආහාර රුව රැකගැනීම කෙරෙහි අතිශයින්ම බලපෑම් කරනු ලබන බව ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයෙහි දක්වයි.අලුත් පලතුරු, අලුත් එළවළු සමේ පෝෂණයට ගුණදායක වේ. තෙල් වර්ග විවිධ මාදිලියේ ආලේපන වර්ග ද සම අලංකාර කර රුව රැකගැනීමෙහිලා අප භාවිත කළ ද සම මඟින් සිරුරට උරාගනු ලබන පෝෂක ප‍්‍රමාණ පිළිබඳ සෑහීමකට පත්විය නො හැකි ය. රුව කෙරෙහි ඔබ යම් පමණක හෝ අවධානය යොමු කරන්නේ නම් ඉහත කරුණු පිළිබඳ යම් පමණක හෝ අවබෝධයක් ලැබිය යුතු වේ.