prema-jayalath-gurunnanse sinhala wal katha 2013

Haritha Panaya හරිත පානය

 

අධික වේදනාකාරී වගේම දිගු වේලාවකින් සුවනොවී පවතින හිසරදයෙන් අදහස් වන්නේ අපේ ශාරීරික සෞඛ්‍යයේ ඇති දුර්වලතාවයන් පිළිබඳවයි.
අපේ ශරීරයේ විජලනය ඇතිවීම, සෞඛ්‍යයට අහිතකර වන ආහාර පාරිභෝජනය කිරීම වැනි එදිනෙදා අප විසින් සිදුකරනු ලබන සෞඛ්‍යයට අහිතකර වන ක්‍රියාවන් නිසාත් හිසරදය සහ ඉරුවාරදය (මිග්‍රේන්) වැනි තත්වයන් ඇති වන්නට පුළුවන්.
ශරීරයේ විජලන තත්වයක් ඇති වූ පසුව එය එක් ජලය වීදුරුවක් පානය කිරීම මගින් සුවකරගන්නට නොහැකි දෙයක්. මේ තත්වය ඇතිවන්නේ සති ගණනක් හෝ මාස ගණනක් ශරීරයට අවශ්‍ය වන ජලය ප්‍රමාණය නොලැබීම නිසයි. විජලනය නිසා ශරීරයේ පෝෂණය, ශක්තිය සහ ප්‍රත්‍යාස්ථතාව නැසී යනවා.
මේ ඉරුවාරදය රෝගී තත්වය කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් යන ඛනිජ වර්ග තුන භාවිතා කිරීමෙන් සුව කරගන්නට පුළුවන්.
මේ ලිපිය මගින් ඔබට සදහන් කරන පානය සතුවන මේ ඛනිජ වර්ග තුන සහ අධික ජලය ප්‍රමාණය නිසා ඉරුවාරදය සැණෙකින් සුවකරගන්නට පුළුවන්!
අවශ්‍ය වන ද්‍රව්‍ය :
·         අඟලක පමණ ඉඟුරු අලයක්
·         කොළ පැහැති මිදි කෝප්ප දෙකක්
·         ලෙමන් ගෙඩියකින් කාලක්
·         කොළ පැහැති අපල් ගෙඩියක්
·         නිවිති මිටක්
·         කොළපැහැති බෙල් පේපර් ගෙඩි දෙකක් (green peppers)
ඔබ මේ සියලුම අමුද්‍රව්‍ය එක්කර රසවත් ජූස් එකක් සකසා පානය කරන්න. මේ සමගම ඔබේ සෞඛ්‍යය තත්වය ඉහළ දමන ආහාරත් අනුභවකරන්න.
මෙයින් ඔබට නැවතත් ඉරුවාරදය හෝ හිසරදය ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.
ඒ වගේම මීට පෙර ඔබට ඉරුවාරදය නිතරම වාගේ ඇති වුණානම් ඉරුවාරදය ඇති වන්නට බලපාන ආහාර පාන වලින් ඈත්වී ඉන්නත් හොදින් මතක තබාගන්න.

ඇල්කොහොල් සහිත පාන වර්ග, කෘතීම ආහාර වර්ග, මේදය අධික ආහාර වර්ග, සීනි බහුල ආහාර, චොකලට්, පිටි ආහාර, පැණිරස කෑම, කිරි ආහාර, ඇට වර්ග සහ කැෆේන් අඩංගු පාන වර්ග මගින් ඉරුවාරදය ඇතිවනවා.