Rukshan Jayasekara



Hisakes Warna Ganweemata Pera හිසකෙස් වර්ණ ගැන්වීමට පෙර

 

හිසකෙස් වර්ණ ගැන්වීමට පෙර දැන සිටිය යුතු කරුණු 4ක්

 

පළපුරුදු රූපලාවණ්‍යාගාරයක් සහ ප්‍රමිතියෙන් යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්න

ඇතැම් අවස්ථාවන්වල නිවසේදී සකස් කරගත් යම් යම් ද්‍රව්‍ය හිසේ ගැල්වීමෙන් වර්ණ ගැන්වීම් කරන්නට උත්සාහ ගන්නවා. ඒක කිසිසේත්ම නුසුදුසු තත්ත්වයක්. වර්ණ ගැන්වීම් සිදුකරන ශිල්පියා සම්බන්ධයෙන් සේම එහිදී භාවිතා කරන නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සම්බන්ධයෙනුත් සැළකිලිමත් වියයුතුයි.

 

ආසාත්මිකතා පරීක්ෂා කරගන්න.

අනිවාර්යයෙන්ම මෙවැනි සත්කාරයකට ප්‍රථම මෙම නිෂ්පාදන ශරීරයට ආසාත්මිකතා ඇති කරවන්නේ දැයි පරික්ෂාකර බැලිය යුතුයි. එසේ නැත්නම් මිස කිසිම ලෙසකින් වර්ණ ගැන්වීමකට නොයා යුතුයි.

 

වර්ණය තෝරගන්න.

තමන්ගේ හිසකෙස්වල පැහැයට අනුරූපවන පැහැයක් තෝරා ගන්න. එහිදී බොහෝවිට ආසියාතිකයන්ට ගැලපෙන්නේ තද කළු වර්ණයට වඩා දුඹුරු වර්ණයයි.

 

වර්ණ ගැන්වීමට පසු,

හිසකෙස් වර්ණ ගැන්වූවාට පසු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම ගැල්වූ වර්ණයේ පැහැය ආරක්ෂාකර ගැනීමට ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

  • මුහුදු ජලය, වඩාත් උණුසුම් ජලය, ක්ලෝරීන් මිශ්‍ර ජලය ස්නානය කරන්න එපා.
  • සැර සබන් හෝ ෂැම්පු වර්ග පාවිච්චි කරන්න එපා.
  • හිස කෙස් වියලනයකින් හිසකෙස් වියලන්න එපා.

මේ ආකාරයට හරි අවබෝධයෙන් හිසකෙස් වර්ණගැන්වීම සිදුකරනවා නම් ඒ සම්බන්ධයෙන්බියවියයුතු නැහැ.