Dammananda Weda Hamuduruwo rusian akka Hot Photos

Hishori walin midemu හිස් හොරිවලින් මිදෙමු

 

අපටත් හිසටත් වද දෙන  හිස් හොරිවලින් මිදෙමු. හිස්හොරි වලට හොදම විසදුම

 

බාල මහළු කොයිකාටත් වද ‍දෙන ප්‍රශ්ණයක් ලෙස අපට මෙම හිස්හොරි හැදින්විය හැකිය. නිරන්තරයෙන්ම හිස්කබල මත, හිසකෙස් අතර හා, තමන්ගේ ඇදුම පුරාද සුදු කුඩු වශයෙන් හිස්හොරි වැටී තිබෙනු ඔබ දැක ඇත. ඇත්තටම මෙය ඉතාම අප්‍රසන්න තත්වයකි. හිස් කබල මත හිස්හොරි ඇතිවන්නේ හිස්කබල මත සම වියලී කැබලි ලෙසින් අධික ලෙස ගැලවී යාමයි. සාමාන්‍යයෙන් අපේ සමේ සෛල පරණ සෛල ඉවත් වී අළුත් සෛල ඇතිවීමක් නිරන්තරයෙන්ම සිදුවේ. හිස්හොරි යනුවෙන් හදුන්වන්නේ හිස්කබලේ මෙම මැරුණු සෛල ඉතා වේගයෙන් ඉවත් වීමේ තත්වයකි. ඇත්තෙන්ම සැර සබන්වර්ග මෙන්ම සැර ෂැම්පු වර්ග භාවිතා කිරීමෙන් මෙම තත්වය තවත් වැඩි වන්නට පුළුවන.

හිස්හොරි ඇතිවීමට ප්‍රධාන කරුණු කීපයක් බලපායි

1. හිසකෙස් අපිරිසුදු වීම
2. වැඩිපුර දහඩිය දැමීම
3. හොදින් ෂැම්පු නොකිරීම හා ෂැම්පු කිරීමෙන් පසු හොදින් නොසේදීම
4. මානසික ආතතිය
5. විවිධ ආලේපන වර්ග ගැල්වීම
6. සමබර ආහාර වේලක් නොගැනීම
7. අධික වියලි තෙල් සහිත සමක් තිබීම.

මෙම තත්වයෙන් මිදීමට හිස්කබල මෙන්ම හිසකෙස්ද නිරතුරුව පිරිසිදුව තබාගන්න. ඔයිල් මසාජ්කිරීම මෙන්ම හෙනා ප්‍රතිකාර කරගැනීම මගින්ද මෙම තත්වයෙන් මිදීමට හැකිය. එමෙන්ම සැර ෂැමුපු හා සබන් වර්ග භාවිතයෙන් වැලකීමෙන්ද මෙම තත්වයෙන් මිදිය හැකිය. පිරිසිදු වතුර වැඩිපුර පානය, සමබර ආහාර වේලකට පුරුදු වීම, මනස සමබරව තබාගැනීම මගින්ද හිස්හොරි ගැටළුව අවම කරගත හැකිය.