Piyasena Guruthuma පියසේන ගුරුතුමා sinhala wal katha 2013

Ice Keta Wala Guna අයිස් කැට වල විශ්මිතසුවය

 

තත්පර 30ක කාලයක් බෙල්ලෙ හි පිටුපස අයිස් කැබැල්ලක්  තබාගැනීමෙන් බොහෝ ලෙඩරෝග සුව කරගත හැකි බව ඔබ දන්නවාද? හරියටම කියනවා නම් අයිස් කැබැල්ල තැබිය යුත්තේ බෙල්ලෙ හි පිටුපස බලනහර අතරමැදය. එනම් බෙල්ල සහ හිස සම්බන්ද වන තැන ඇති කුඩා වල වැනි ස්ථානයේය. චීන කටුචිකිත්සාවට අනුව මෙම ස්ථානය Feng Fu (ෆෙන් ෆු) හෝ Refuge of Wind (රෙෆියුජ් ඔෆ් වින්ඞ්) ලෙස හැදින්වෙන අතර මෙම ස්ථානය හිස්කබල හා සම්බන්ධවන පීඩන ලක්ෂයකි.
 
ඔබ  පළමුව ඔබෙහි උදරය බිම වදින සේ දිගා වී අනතුරුව Feng Fu ස්ථානයේ අයිස් කැබැල්ලක් විනාඩි 20 ක පමණ කාලයක් තබන්න. ඔබට මෙලෙස බිම දිගා වන ඉරියව්වෙන් දිගු වෙලාවක් සිටීමට අපහසු නම් රෙදි කැබැල්ලක් ආධාරයෙන් අයිස් කැබැල්ල රැදී සිටින පරිදි ගැට ගසා කෙලින් සිටින්න.  ඔබ උදේ අවදිවුණු පසු සහ රාත‍්‍රී නින්දට යාමට පෙර මෙය දවසට දෙවරක් බැගින් කල හැකි නම් ඉක්මන් ප‍්‍රතිපල ලගා කර ගත හැකිය.

 

Feng Fu සත්කාරයේ  ප‍්‍රතිපල

 
ආරම්බක අවස්තාවේදී නම් අයිස් කැබැල්ල තැබූ විගසම ඔබට ඉතාමත් අපහසුතාවයක් දැනිය හැකියි. නමුත් පළමු තත්පර 30 අවසාන් වන විටම එම අපහසුතාවය මග හරි යන  බව ඔබට වැටහේවී… මෙම ප‍්‍රතිකාරයේ ආරම්භක අවදියේ දී ඔබට euphoria (සතුටුදායක තත්වයක් හෝ හැගීමක්) නම් තත්වයකට ලගා වනු ඇත. මෙයට හේතුව වනුයේ අයිස් කැබැල්ලෙන් ශරීරයට ලැබෙන සීතල නිසා මොලයෙන් ශ‍්‍රාවය වෙන endorphins එන්ද්‍රෝෆින් නම් හොර්මොනයක් ය. මෙම ක‍්‍රමය ආතති රෝගී තත්ත්ව වලින් පීඩා විදින රෝගීන් සුව කිරීම සදහාද යොදා ගනු ලැබේ. නිතරම මෙලෙස ප‍්‍රතිකර්මය යෙදීමෙන් ඔබට සුව පහසු නින්දක් ලගා කර ගත හැකි අතර එමගින් ඔබගේ ශරීරයේ ශක්තිය ඉතිරි කරනු ලබනවා පමණක් නොව ඔබව සැමවිටම සුවපහසුව තබනවා.
බෙල්ලෙ හි පිටුපස අයිස් කැබැල්ලක් තැබීමෙන් පමණක් නොව ශ්වශන රෝග සහ රුධිර වාහිනී ආශ‍්‍රිත බොහොමයක් රෝග සුවපත් කරනු ලැබයි. මෙයට හේතුව වනුයේ අයිස් කැබැල්ල මගින් ශරීරය සීතල කිරීම තුළින් දේහයේ පවතින රුධිර වාහිනී විවෘත වීමයි. එවිට හොදින් රුධිර ගමනාගමනය සහ වාතය හොදින් පෙනහළු හරහා ගමන් කිරීම සිදුවේ.
ඊට අමතරව කොඳු ඇට පෙළේ පවතින විවිධ ස්නායු අබාධ, උදරයේ ඇතිවන රෝග, ලිංගිකව බෝ වන රෝග, තයිරොයිඩ් ග්රන්ථි ආශ‍්‍රිතව ඇතිවන ආකුලතා, ආතරයිටිස්, අධික රුධිර පීඩනය, ඇදුම, තරබාරුකම, මන්ධපෝෂණය, cellulite, ඔසප් චක‍්‍රයේ ඇතිවන ව්‍යකුලතා, අන්තරාසර්ග අසාරතාවය, මනෝ-මානසික ආබාධ, මානසික ආතතිය, නිදන්ගත විඩාව, මානසික අවපීඩනය, නින්ද නොයාම වැනි බොහොමයක් රෝගී තත්වයන්ට පිළියම් ලබා දෙයි.