Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ
Hot Kello

Iguru Koththamalli ඉඟුරු කොත්තමල්ලි තේ

 

ශරීරයේ රස නහර පිනවන්නට ගත සිත ප්‍රබෝධවත් කරන්නට අප දිනපතා පානය කරන තේ ශරීරයට ගුණදායී ලෙස සහ ඖෂධීය ගුණයෙන් යුක්‌තව පානය කිරීමට වර්තමානයේ අප බොහෝ දෙනා යොමුවෙති. එවැනි ඖෂධීය ගුණයෙන් යුක්‌ත තේ පානයක්‌ ලෙස ඉඟුරු සහ කොත්තමල්ලි මිශ්‍ර තේ (Ginger and Coriander Tea) හැඳින්විය හැකිය. මෙම තේ පානය මගින් ශරීරයට රෝගාබාධ ඇතිකරන බැක්‌ටීරියාවලට එරෙහිව සටන් කිරීමට ශරීරය තුළ ප්‍රතිශක්‌තිය වර්ධනය වේ. සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්‌සට ගුණදායකය.
ආතරයිටීස්‌ රෝගීන් ඉඟුරු කොත්තමල්ලි මිශ්‍ර තේ දිනපතා පානය කිරීම මගින් ආතරයිටීස්‌ නිසා මතුවන වේදනාවන් කැක්‌කුම්වලට සහනයක්‌ ලබාගත හැකිය.
බඩවැල් සහ ආමාශගත පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගැනීමට දිනපතා ඉඟුරු කොත්තමල්ලි මිශ්‍ර තේ කෝප්ප තුනක්‌ පානයට යොමු වීමෙන් පිළිවන. විශේෂයෙන්ම කාන්තාවනට මතුවන ගැබ්ගෙළ පිළිකා මර්දනයට සහ එය ඇතිවීමේ හැකියාව අවම කර ගැනීමට ඉඟුරු කොත්තමල්ලි මිශ්‍ර තේ දිනපතා පානය ගුණදායක බව වෛද්‍ය පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ.
ශරීරයට ඇතුළුවන විෂ කාරක මර්දනය කිරීමේ ගුණයත් මිගේ්‍රන් නමැති අධික හිස රදය සහිත වේදනාකාරී රෝගයෙන් මතුවන පීඩාවන්වලින් මිදීමටත් කාන්තාවකට ඔසප් සමයේ ඇතිවන මාංශපේශී වේදනාවන් සමනය කර ගැනීමටත් ඉඟුරු සහ කොත්තමල්ලි මිශ්‍ර තේ පානය ඉතා ගුණදායකය. එනිසා ඉඟුරු සහ කොත්තමල්ලි මිශ්‍ර තේ කාන්තාවන්ට මතුවන රෝග රැසකට ගුණදායක බව අනාවරණය වී තිබේ.