ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Iguru Sathu Guna ඉගුරු සතු ගුණ

 

සෙම්ප‍්‍රතිශ්‍යාවට මෙන්ම කැස්සට ඖෂධයකි.

 

ඉගුරු සතුව ප‍්‍රතිවෛරස, ප‍්‍රති දිලීර හා ශරීරයේ විෂ ධාතු ඉවත් කරන විශේෂ ගුණයක් තිබේ. මෙය ඉමහත් ගුණ ඇති ඖෂධයකි. සෙම්ප‍්‍රතිශ්‍යාව හා කැස්ස යන රෝග වලින් පීඩා විඳින අයට බෙහෙවින් ගුණදායකය.

 

උදරබාධ වලට අතිශයින් ගුණදායකය.

 

හෙළ වෙදකමෙහි උදරාබාධ වලට දෙන අත්බෙහෙත් වල ඉගුරු ඉස්ම වරදින්නේ නැත. එය උදරාබාධ වලට අත්දුටු බෙහෙතකි. ආහාර ගැනීමෙන් පසු ඉස්මුරුත්තාව යනුවෙන් හැඳින්වෙන අපහසුතාවයෙන් මිදීමට ඉගුරු අන්තර්ගත උණුසූම් පානයක් ගැනීමෙන් ඉක්මන් ගුණ ලැබේ. ඉගුරු ජීර්ණය වේගවත් කරයි. ජීර්ණක එන්සයිම ඝ‍්‍රාවය වැඩි කරයි

 

පිළිකා වැළැක්වීමට උපකාරී වෙයි.

 

ඉගුරු මගින් පිළිකා සෛල මැඩලන බව හඳුනාගෙන තිබේ. ආන්ත‍්‍රික පිළිකා, පුරස්ථිති පිළිකා මෙන්ම චර්ම, පෙණහළු, වකුගඩු හා අග්න්‍යාශයික පිළිකා මර්ධනයටද ඉගුරු ඉවහල් වන බව හඳුනාගෙන තිබේ.

 

ඉගුරු ප‍්‍රතිප‍්‍රදාහික ඔසුවකි.

 

පටක ඉදිමීම මතින් ඇතිවන ගැටළු අපේ සමාජයේ සැළකිය යුතු පිරිසක් පීඩාවට පත් කරයි. හන්දිපත් රෝග ආතරයිටිස් ආදියට හේතු වන්නේ මේ ශරීරයේ ප‍්‍රදාහික ආචරණයයි. ඉගුරු මේ ප‍්‍රදාහික තාවය මර්ධනය කිරීමට උපකාරී වෙයි.

 

ඉරුවාරදයෙන් සහනය.

 

ඇතැමෙක් නිබඳ මුහුණපාන ගැටළුවක් වන්නේ ඉරුවාරදය යනුවෙන් හැඳින්වෙන හිසේ කැක්කුමයි. මේ රෝගයට බලපාන ප්‍රොස්ටග්ලැන්ඩින් හෝමෝනය වෑස්සීම අධෛර්ය කරන නිසා ඉගුරු ඉරුවාරද රෝගීන්ටද ගුණදායකය.

 

කාන්තාවන්ගේ ඔසප් ගැටළු වලට සහනය.

 

ඔසප් ගැටළු විවිධ වපසරියක් ගනී. ඔසප් වේදනාවේ සිට අධිකව රුධිරය වෑස්සීම. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් නොවීම ආදී ගැටළු රාශියක් මේ යටතට ගැනේ. ඉගුරු මේ සියල්ලටම පිළියමකි. ඉගුරු මිශ‍්‍ර පානයක් ගැනීමෙන් වෙසෙසින්ම ඔසප් චක‍්‍රය නියමාකාරයෙන් පවත්වාගැනීමට රුකුලක් ලැබෙන බව හඳුනාගෙන තිබේ.

 

දත් කැක්කුමෙන් සහනය.

 

ඉගුරු වල ඇති ප‍්‍රතිදිලීර හා ප‍්‍රතිජීවක ගුණාංග නිසා දත් අමාරුකම් වලින් සහනය සැලසෙයි. බොහෝ දන්තෞෂධ වල ඉගුරු අනුපානයක් වන්නේ මේ නිසාය.

 

හදවතට ගුණ සලසයි.

 

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, රුධිරවාහිනී අවහිරතා ඉවත් කිරීමට ඉවහල් වන ඉගුරු හෘදයාබාධ මැඩලීමටද උපකාරී වන මහගු වටිනාකමක් සහිත ඔසුවකි.