Ikili Kasima ඉකිලි කැසීම
ඉකිලිය කැසීම සාමාන්‍යයෙන් වැඩිපුර දැකිය හැකි තත්වයක්ද ?
මෙය සාමාන්‍යයෙන් වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින්ගේ වැඩිපුර දැකිය හැකි තත්වයකි. තද පෑවිල්ල ඇති කාලයේදී බහුලව ඇති වේ.
මෙය ඇතිවීමට හේතු මොනවාද ?
· මෙය දිලීරයක් නිසා ඇතිවන රෝගී තත්වයකි.
· තදට අදින යට ඇදුම් නිසා ඉකිලිය කැපීම.
· ඉකිලිය ප්‍රදේශයට වැඩිපුර දහඩිය දැමීම හා ඒවා වැඩි වේලාවක් රැදී තිබීම. (විශේෂයෙන් දහඩිය උරා නොගන්නා යට ඇදුම් භාවිතා කිරීම නිසා).
· මෙම රෝගී තත්වය ඇති අයෙකුගෙන් කෙලින්ම ස්පර්ෂ වීම හෝ ඔහු භාවිතාකරන ඇදුම් ඇදීමෙන්.
· යුරෝපීය ක්‍රමයට කොමඩ් එකක් සහිත පොදු වැසිකිලි භාවිතයෙන් ( මෙම දිලීර රෝගී තත්වය ඇති අයෙකු කොමඩ් එකෙහි වාඩි වීමෙන් එම දිලීරය කොමඩ් එක මත තැවරී තව කෙනෙකුට බෝ විය හැක)
මෙහි දී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?
· මුලදී ඉකිලිය ප්‍රදේශය කැසීම හා පසුව එය කලවා ප්‍රදේශයට හා ගුදය ආහ්‍රිත ප්‍රදේශ දක්වා පැතිරීම.
· සම රතුවීම, පතුරු ගැලවීම, බිබිලි ඇති වීම හා කැසීමේදි ඒවා බිදී යාමෙන් දියර වැනි යමක් ගැලීම.
· කැසීම සහිත ප්‍රදේශය රතු වී ඉහලට එසවුනු ගැටිත්තකින් වට වී තිබීම.
· ක්‍රමයෙන් ඉකිලිය ප්‍රදේශය කලු වීම.
මේ සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද ?
සාමාන්‍යයෙන් මේ සදහා පරීක්ෂණ සිදු නොකෙරේ. කැසීම සහිත සමෙහි ස්වභාවය අනුව වෛද්‍යවරයා රෝග නිගමනයකට පැමිනේ.
මේ සදහා ඇති ප්‍රථිකාර කවරේද ?
· ඉකිලිය අවට තෙතමනය අවම කර විශේෂයෙන් වියලි තත්වයක තබා ගැනීම.
· ඉකිලිය අවට කැසීම ඇතිකරන යට ඇදුම් භාවිතා නොකිරීම.
· වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව දිලීර නාශක ක්‍රීම් වර්ගයක් දිනපතා සති 2 ක් පමණ ආලේප කිරීම.
· කැසීම නිසා ඉකිලිය අවට තුවාල සිදු වී ඇත්නම් වෛද්‍යවරයා විසින් විෂ බීජනාශක ඖෂධද නියම කරනු ඇත.
මෙම තත්වය නැවත ඇතිවීම වලක්වා ගන් නේ කෙසේද ?
· වෛද්‍යවරයා නියමකල පරිදි නියමිත කාලයක් (බොහෝවිට සති දෙකක් පමණ) අදාල දිලීර නාශක ක්‍රීම් වර්ගය පාවිච්චි කිරීම.
· යට ඇදුම් සියල්ල හොදින් සේදීම හැකි නම් එවා වතුරෙන් තම්බා සේදීම.
· වෙනත් අය සමග පොදුවේ ඇදුම් භාවිතා නොකිරීම.
· ඉකිලිය අවට පිරිසිදුවට හා වියලි තත්වයෙන් තබා ගැනීම.
· තද යට ඇදුම් භාවිතා නොකිරීම.
· දහඩිය උරා ගත හැකි රෙදිවලින් පිලියෙල කල යට ඇදුම් භාවිතය (උදා කපු රෙදි)
· යට ඇදුම් නිතර සේදීම.
· නැවත ඉකිලිය කැසීම පටන් ගැනීමක් ඇති වූ වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ඇතිව දිලීර නාශක ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම.
මේ සදහා නොපමාව ප්‍රථිකාර නොගතහොත් කුමක් සිදුවේද ?