Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ rusian akka Hot Photos

Innan Sadaha Prathikarma ඉන්නන් සඳහා ප්‍රතිකර්ම

 

රුව අවලස්සන කරවන ඉන්නන් සඳහා ගත හැකි ප්‍රතිකර්ම

 

ඉන්නන් සුව කිරීමට ප්‍රතිකාර අත්‍යවශ්‍ය ද?

නෑ. කිසිඳු ප්‍රතිකාරයක් නොකර සිටියත් අවුරුද්දක් අවුරුදු එකහමාරක් පමණ කල් යන විට ඒවා ඉබේම නැතිව යනවා. ඉන්නන් ඇති කරන වෛරසයට විරුද්ධව අපේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වීම ඊට හේතුවයි. එසේ ඇතිවන ප්‍රතිශක්තිය නිසා වෛරස විනාශ වී යන අතර ඉන්නන් ද අතුරුදන් වෙනවා.

 

ඉන්නන් සුව කර ගැනීමට නිවසේ දී කළ හැකි ප්‍රතිකාරයක් තිබෙනවා ද?

නිවසේ දී මෙන් ම වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන්නන් එකක් දෙකක් නම් සුළු ශල්‍ය කර්මයකින් ඉවත් කළ හැකියි. මෙහිදී අදාළ ස්ථානය එන්නතක් මඟින් හිරි වැටීමට සලසනවා. විදුලි බලයෙන් රත්කළ කම්බියක් මඟින් පුළුස්සා ඉවත් කිරීමෙන් ද ඉන්නන් සුව කළ හැකියි.

ඉන්නන් සුව කළ හැකි පහසුම ක්‍රමය ප්ලාස්ටරයක් ඇලවීමයි. ඕනෑම ඔසුසලකින් මිලදී ගත හැකි මෙම ප්ලාස්ටරය ‘කෝන් ප්ලාස්ටර්’ ලෙස හැඳින්වෙනවා. විවිධ වෙළෙඳ නම්වලින් ‍ඒවා මිල දී ගත හැකියි. මේ ප්ලාස්ටරය මැද ඉන්නන් විනාශ කරන ඖෂධයක් තිබෙනවා. එය අළවා ටික දිනකින් ඉන්නා ගැලවී යනවා.

 

ඉන්නන් බෝ වනවා ද?

ඔව්. වෙනත් කෙනෙකු ගේ ඉන්නෙක් ස්පර්ශ වීමෙන් තවත් කෙනෙකුට පහසුවෙන් බෝවිය හැකියි. ඉන්නන් ඇති අය පිහිනුම් තටාකවල නාන විට පවා බෝවිය හැකි අතර එය සිදුවන්නේ ඔහුගේ සිරුරේ වයිරසයට ප්‍රතිවිරුද්ධ ශක්තිය ඒ වන විටත් වර්ධනය වී නොතිබේ නම් පමණයි. යම් හෙයකින් මේ වෛරසය කෙනකුගේ සිරුරට ඇතුළු වූයේ නම් ඉන්නන් මතුවීම සඳහා මාස කිහිපයක් ගත විය හැකියි.

 

ඉන්නන් ඇති කෙනෙක් වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය ද?

එය වෛද්‍යවරයකුට පෙන්වීමට තරම් කලබල ‍නොවිය යුතු වුවද ඔබට සෑදී ඇත්තේ ඉන්නන් ද එසේ නැතිනම් වෙනත් රෝගයක් ද යන්න පිළිබඳ සැකයක් තිබේනම් වෛද්‍යවරයකු හමුවීම නුවණට හුරුයි. ඊට හේතුව සමහර විට ඉන්නන් ලෙස පෙන්වන රෝග ලක්ෂණ පිළිකාවක් හෝ වෙනත් භයානක රෝගයක, මුල් අවස්ථාව වීමට ඉඩ ඇති නිසයි. එහෙත් ‘ඉන්නෙක්’ පිළිකාවක් බවට පත් නොවන බව ද මතක තබා ගත යුතුයි.

මීට අමතරව මුහුණේ හෝ ලිංගේන්ද්‍රියේ ‍ඉන්නන් තිබේ නම් වෛද්‍යවරයකුට පෙන්වීම වැදගත්. ඊට හේතුව මුහුණේ ඇතිවන ඉන්නන්ට ආවාට ගියාට ප්‍රතිකාර කිරීමෙන් කැළැල් ඇතිවිය හැකි වීමයි. ඒ වගේම ලිංගේන්ද්‍රියන් ගේ හට ගන්නා ඉන්නන් සමාජ රෝගයක් ලෙස ලිංගික ඇසුර මඟින් බෝවිය හැකියි. එවැනි පුද්ගලයෙක් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගත යුතු වන්නේ ඒ සමග වෙනත් සමාජ රෝග ද වැලඳීමට ඉඩකඩ ඇති නිසයි.