prema-jayalath-gurunnanse sinhala wal katha 2013

ඉරුවාරදය - Iruwaradaya

iruwaradayaඉරුවාරදය යනු රුධිරවාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හටගන්නා හිසේ ඇතිවන වේදනා තත්ත්වයකි. සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී. එමගින් රුධිර නාල තවදුරටත් ප්‍රසාරණය වන අතර එය හේතු කොටගෙන අධික රුධිර ප්‍රමාණයක්‌ හිසට ගමන් කරයි. එමගින් ආසාදනය හා වේදනාව හටගනී. දිගින් දිගටම මෙසේ ශිරා ප්‍රසාරණය වීමෙන් වේදනාව තවදුරටත් තීව්‍ර කරයි.

රෝග ලක්‍ෂණ -

බොහෝ අවස්‌ථාවල හිසේ අඩක වේදනාව හටගන්නා අතර එය හිස පුරාම පැතිරී යයි. පැය 3 ක්‌ 4 ක්‌ කාලයක සිට පැය 72 ක්‌ එනම් දින 3 ක්‌ පමණ දිගටම පැවතිය හැකිය. කුඩා දරුවන්ට පැය 1 සිට පැය 48 ක්‌ එනම් දින 2 ක්‌ දක්‌වා පැවතිය හැකිය.

ඇස්‌වල ඇතිවන දැවිල්ල, නින්ද නොයැම, හිසේ කරකැවිල්ල සමග ඇතිවන වමනය, අධික මහන්සිය, තෙහෙට්‌ටු ගතිය, මානසික ආතතිය, දිගින් දිගටම ඈනුම් යැම, අධික පැණි රස හා ලුණු සහිත ආහාරවලට ඇතිවන රුචිකත්වය ආදිය රෝග ලක්‍ෂණ කිහිපයකි. මෙම රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකිය.

රෝගය ඇති වීමට හේතු -

මත්පැන් හා දුම්වැටි පානය කිරීම, පමණට වඩා අධික ලෙස ආහාර ගැනීම, අවශ්‍ය ප්‍රමාණයටවත් ආහාර නොගෙන සිටීම, අධික වේලාවක්‌ අව්වේ සිටීම, එකවිටම අධික හිරු එළියට ඇස්‌ නිරාවරණය කිරීම, නිදි වැරීම, අධික ගඳ සුවඳට නිරාවරණය වීම, අනුමැතියකින් තොරව අධික ලෙස ව්‍යායාමවල නිරත වීම, අඩු ආලෝකයෙන් පොත්පත් කියවීම, රූපවාහිනිය ආසන්නයේ සිට වැඩි වේලාවක්‌ නැරඹීම, පරිගණකය වැඩි වේලාවක්‌ එක දිගට හැසිරවීම, වාහනවල ගමන් කරන අතර තුර පොත්පත් කියවීම සහ විවිධ ආහාර පාන වර්ග හා ඖෂධ වර්ග විෂවීම මගින්ද ඉරුවාරදය රෝගය හටගත හැකිය.

එම නිසා ඉරුවාරදය රෝගය පවතින රෝගීන් මෙවැනි ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුය. එමගින් බොහෝ දුරට රෝගය පාලනය කරගත හැකිවේ.

මෙම රෝගයට ඉතාමත් පැරැණි ඉතිහාසයක්‌ පවතින ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඉතාමත් පහසුවෙන් කාර්ය බහුලත්වයට ගැලපෙන පරිදි නිෂ්පාදනය කරන රෝගයටම විශේෂිත වූ විවිධ ඖෂධ වර්ග මගින් ඉක්‌මන් සුවය ලැබීමට හැකිවේ.සාමාන්‍ය හිසරදය සහ ඉරුවාරදය වෙන්කර හඳුනාගන්නේ කොහොමද?

ඉරුවාරදය  බොහෝ තැනෙකදී දක්‌නට ලැබෙන රෝගී තත්ත්වයකි. රෝගය හඳුනාගත හැකි රෝග ලක්‌ෂණ ලෙසින් තද හිසරදය, (හිසෙහි එක්‌ පැත්තක හෝ දෙපැත්තේම වේදනාව දැනීමට පුළුවන) හිස යමකින් බැඳ තද කරනවා වැනි වේදනාව පෙන්වා දීමට පුළුවන.

මෙම වේදනාව හිස දෙපස සිට ඉදිරියට එන අයුරක්‌a ඇතැම් රෝගීන්ට දැනෙන අතර සාමාන්‍ය හිසරදයකින් මෙය වෙන්කර හඳුනාගැනීමට අපහසු නැත. ඇතිවූ වේදනාව දිනකින් සුව නොවන අතර දින 2-3 වැනි කාලයක්‌ පවතින්නේය.

ඉරුවාරදය පැවතීමේදී ආලෝකයට හරිම සංවේදී වන අතර ඇස්‌වලින් ආලෝකය බැලීමට අපහසු තත්ත්වයක්‌ ඇතිවන්නේය. එමෙන්ම වමනය යැමට වැනි තත්ත්වයක්‌ ඇතිවන අතර වමනය ගියේ නම් සුවයක්‌ දැනෙනු ඇත.

තවද දෑස්‌ වැසූ විට ආලෝකය එළි ගමන් කරන අයුරක්‌ පෙනෙන අතර විදුලි කොටනවා සේ දැනෙන්නේය. විදුලිපංකාවක්‌ යට සිටින ඇතැම් ඉරුවාරද රෝගීන්ට පහසුවක්‌ දැනෙන අවස්‌ථා ද තිබීමට පුළුවන.

කෝපි, චොකලට්‌, වයින්, ස්‌ට්‍රොබෙරි සහ චීස්‌ වැනි ආහාරයක්‌ ගත් විට හිස වේදනාවක්‌ මතුවේ නම් එවැනි අය ඉහත ආහාරවලින් වැළකී සිsටිය යුතු වන්නේ එම ආහාර මගින් ඉරුවාරද රෝගී තත්ත්වය මතු කිරීමට මෙන්ම වැඩිකිරීමේ හැකියාව ඇති නිසාවෙනි.

තවද ඇතැම් කාන්තාවන්ට ආර්ථවය පවතින දින කිහිපයේදී ඉරුවාරදය ඇතිවීමට පුළුවන. එයට හේතුව සිරුරේ ඇතිවන හෝර්මෝන වෙනස්‌වීම නිසාවෙනි.

පිරිමි අය ගැන කතා කිරීමේදී විශේෂයෙන් දවසේ වැඩි වේලාවක්‌ පරිගණකය භාවිත කිරීම, නින්ද අඩුවීම, අධික ආතතියකින් වැඩ කිරීම වැනි තත්ත්වවලදී ඉරුවාරදය වැඩිවීමට පුළුවන. කාන්තාවන්ටද මෙම කාරණාවම බලපෑ හැකිය.

පාරිසරික හේතු මුල්වීමේදී ඉරුවාරදය ඇතිවන අතර හිසේ ඇති කෝටරක ප්‍රදාහය නිසාත් රෝගය ඇතිවීමට පුළුවන.

සාමාන්‍ය හිසරදය ඇති අයකුට වේදනා නාශක මගින් වේදනාව සමනය වන අතර ඉරුවාරදය ඇති අවස්‌ථාවක්‌ නම් වේදනා නාශක මගින් සුවය ලැබීම ඉතා අල්පය.

චීන කටු වෛද්‍ය ක්‍රමය ගැන කතා බහ කිරීමේදී ඉතාම සාර්ථක ප්‍රතිකාරයක්‌ ලෙසට ඉරුවාරදය වෙනුවෙන් චීනකටු වෛද්‍ය ක්‍රමය මුල්තැනක තිබේ. ඉරුවාරදයට චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ ඇති සාර්ථකත්වය නිසාවෙන් මේ සඳහා යොමුවන රෝගීන් පිරිස වැඩි බවක්‌ පෙනෙන්නට ඇත.

ඉරුවාරද රෝගියාගේ රෝග ඉතිහාසයට අනුව සහ රෝග ලක්‌ෂණ අනුව ඊට අදාළ විශේෂිත නිල චිකිත්සක ක්‍රමයක්‌ භාවිත කෙරේ. නිල චිකිත්සාව සති 2 පමණ කිරීම තුළින් සාර්ථකව රෝගය වළකා ගැනීමේ හැකියාව ඇත.

ඉරුවාරදයෙන් වැළකීමට නම් අධික ආතතියෙන් තොරව මනසට ආතතියක්‌ නොවන ලෙසට රාජකාරියේ යෙදීSම, විනෝදාංශවලට යොමුවීම තුළින් ඉරුවාරදයට හේතුවන පාරිසරික සහ මානසික සාධකවලින් ඈත්විය යුතුය.

ඉරුවාරදයෙන් පෙළේ නම් ඉහත සඳහන් අසාත්මික ආහාරවලින් වැළකීම කළ යුතුය.

ඉරුවාරදය ඇතිවීමට වයස්‌ භේදයක්‌ නොමැති අතර දවසේ ඕනෑම වේලාවක ඇතිවීමට පුළුවන.

පරිසරයේ තිබෙන උෂ්ණත්වය මත සිරුරට සිදුවන බලපෑමේදී ඒ හරහා සවස්‌ වන විට එනම් සන්ධ්‍යා කාලයේදී රෝගය වැඩිවීමට එම කාරණාව හේතුවක්‌ වීමට පුළුවන.