Gundasa Guruthuma - ගුණදාස ගුරුතුමා
Hot Kello

Jangama Durakathana Bawithaya ජංගම දුරකථනය භාවිතය

 

අද වන විට නාන කාමරයට පවා ජංගම දුරකථනය රැගෙන යෑම කාහටත් පොදු වූ පුරුද්දක් වෙලා. විද්‍යාඥයන්ට අනුවනම් මේ ක්‍රියාව මහා අනතුරුදායක  ක්‍රියාවක්.
ඔබ නොදැනුවත්වම සිදුකරනු ලබන මෙම අත්වැරැද්ද නිසා “E. Coli” හෝ “Salmonella” වැනි හානිදායක බැක්ටීරියාවන් ආසාදනය වී ඔබේ සමස්ථ ශරීර පද්ධතියටම දැඩි හානි පැමිණීමේ අවධානමක් තිබෙනවා.

 

මේ දේ වෙන්නේ කොහොමද?

වෛද්‍ය Lisa Ackerley සතුවමේ ප්‍රශ්නයට නිසිපිළිතුරක් තිබෙනවා.
ඔබ වැසිකිළි ගොස් අවසන් වූ පසු නැවතත් ජංගම දුරකථනය වැසිකිළියේ තිබු තැනින් අතට ගන්නවා. ඉන්පසුව ඔබ අත් සොදාගත්තත් දුරකථනය මත ඇති බැක්ටීරියාවන් නැවතත් ඔබේ අත් වලටම පැමිණෙ ඔබට ආසාදනයන් ඇතිකරනවා.”
තවත් වෛද්‍යවරයෙකු වන Ron Cutler උපදෙසක් ලෙස සියල්ලන්ටම පවසනවා ජංගමදුරකථනයක් අතැතිව වැසිකිළියට නොයන ලෙස.
ඔබට ආසාදනය වන්නට ඉඩ ඇති බැක්ටීරියා ප්‍රමාණය ඔබ යන වැසිකිළි පද්ධතිය අනුව වෙනස් වනවා. උදාහරණයක් ලෙස ඔබ ඔබේ කාර්යාලයේ වැසිකිළිය හෝ නිවසේ වැසිකිළිය මේ ආකාරයට භාවිතා කරනවා නම් මේ තත්වය එතරම්ම දරුණු වන්නේ නෑ. ඒ, මෙවන් වැසිකිළි විවේකාගාරයක, රෝහලක ඇති පොදු වැසිකිළියක හා සමාන පිරිසක් භාවිතා නොකරන නිසයි.
වැඩි පිරිසක් භාවිතා කරන වැසිකිළියක සෑම වර්ගයකම බැක්ටීරියා සහ විෂ බීජ තිබෙන්නට පුළුවන්.
වෛද්‍ය Ackerley වැඩිදුරටත් පවසන්නේ අත් හරහා පමණක්ම වෛරස සහ බැක්ටීරියාවන් ආසාදනය නොවන බවයි.
හානිදායක වෛරස සහ බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂා වන්නට නම් ඔබ වැසිකිළිය භාවිතා කරන අවස්ථාවේ දී ජංගම දුරකථනය රැගෙන ගොස් වැසිකිළියේ කොහේ හෝ තැබීමෙන් වළකින්න.
ඒවගේම, ඔබේ දත්බුරුසු ආදියත් වැසිකිළිය අසලින් තිබීමෙන් වළකින්න.
ඔබ මෙය විශ්වාස නොකලත් මේ ආකාරයට ජංගම දුරකථනය මතට පැමිණෙන බැක්ටීරියාවන්ට සහ වෛරසවලට දින කිහිපයක්ම ජීවය පවත්වාගෙන යන්නට පුළුවන්.
ජංගම දුරකථනය භාවිතා කරන අවස්ථාවේදී ජංගම දුරකථනය තරමක් උණුසුම් වන නිසා මේ තත්වය බැක්ටීරියාවන් ගේවර්ධනයට සුදුසු පරිසරයක් වනවා.
ඒ වගේම ඔබ ඇලෙන සුළු පැණිරස ආහාර වර්ග ආහාරයට ගන්නා අතරතුර ඔබේ ජංගම දුරකථනයත් ස්පර්ශ කරනවා නම් මෙමගිනුත් බැක්ටීරියාවන්ගේ වර්ධනයට සුදුසු පරිසරයක් ඇති කරනවා.
මෙවන් හේතුන් නිසා තමයි ඔබේ අත් නිතරම සබන් යොදා සේදීමත් වැසිකිළියට යන අවස්ථා වලදී ඔබේ බෑගයේ හෝ සාක්කුවේ ජංගම දුරකථනය තබා ගැනීමත් සිදුකළ යුතු වන්නේ.