somawathi-gurumaiyo
Hot Kello

Japan Prethikara Krama ජපාන ප්‍රතිකාර ක්‍රම

 

ජපාන ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ විශ්මිත විකල්ප වෛද්‍ය ක්‍රමයක් පවතින අතර එය සැම අගිල්ලක්ම කිනම් හෝ ශරීර අවයව දෙකක් හා සම්බන්ධය යන මතය මත රදා පවතී. මෙම ක්‍රමයේ ප්‍රසිද්ධියට හේතුව වන්නේ එහි ප්‍රත්‍යක්ෂ බව හා වේගවත් ප්‍රතිපලයි.
 
Jin shin Jyutsu නමින් හදුන්වන මෙම අවේනික වෛද්‍ය ක්‍රමය මෙහිදීඅපි ඔබට හදුන්වා දෙන්නෙමු. අතේ යම් යම් ස්ථාන උත්තේජනය මගින් අපගේ චිත්තාවේග සමබර කිරීමට එය උපකාරී වේ. මෙම ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රායෝගික බව රදාපවතින්නේ ඇගිලි වල යම් වැදගත් ස්ථාන උත්තේජනය මගින් ශරීර ශක්ති ප්‍රභවය සමබරකර මානසික හා ශාරීරික සෞඛ්‍ය වර්ධනය කළ හැකිය යන්න මතයි. නිසියාකාරව පවසනවා නම් මෙහිදී සිදු වන්නේ ඔබේ අතේ යම් ඇගිල්ලක් තදින් අල්වා ගෙන විනාඩි 3-5 අතර කාලයක් රදවා තබා ගැනීමයි. මේ කෙටි කාලය තුළ ඔබ ඔබේ ශ්වසනය පිළිබද සැලකිලිමත් විය යුතු අතර, ගැඹුරින් සෙමින් හුස්ම ගැනීමට උත්සාහ කළ යුතුය. ඇගිල්ල අතහැරිය පසු අත් දෙකේම ඇගිලි සෙමින් සම්භාහනය කළ යුතුය. මෙසේ කිරීමෙන් ඔබ සිතන අවයවය සුවපත් කර ගත හැක.
එයට ගත වන්නේ විනාඩි 3-5අතර කාලයක් පමණි. ඊට අමතරව එක් එක් අවයව විවිධ චිත්තවේග හා සම්බන්ධ බවද පැවසිය යුතුය.
පහත කරුණු අනුව ඔබට කුමන ඇගිල්ල කුමන අවයව හා සම්බන්ධද යන්න දැනගත හැක.

 

මහපටගිල්ල

 

අවයව: ප්ලිහාව, හා උදරය
චිත්තවේග: ආතතිය හා උද්වේගය
රෝග ලක්ෂණ: හිසරදය, සමේ අසාදන, උදර අබාධ, චකිතය

 

දබරගිල්ල

 

 අවයව: වකුගඩු, මුත්‍රාශය
චිත්තවේග: ව්‍යාකුලබව, අතෘප්තිය, බිය
රෝග ලක්ෂණ: ජීර්ණ ගැටළු, මස්පිඩු වේදනා, දත් අමාරු, පිට කොන්ද වේදනා

 

මැදගිල්ල

 

අවයව:  අක්මාව,පිත්තාශය
චිත්තවේග:  කිපෙනසුලුබව, ප්‍රකෝපය, අනිශ්චේය බව
රෝග ලක්ෂණ:  සංසරණ ගැටළු, හිසරදය (හිසේ ඉදිරි කොටස), මහන්සිය, ඔසප් වේදනා, මිග්‍රේන්

 

වෙදගිල්ල

 

 අවයව: පෙනහළු, මහ බඩවැල
චිත්තවේග: බිය, සෘනාත්මකබව, දුක
රෝග ලක්ෂණ: සමේ අසාදන, ජීර්ණ ගැටළු, ඇදුම හා අනෙක් ශ්වසන ගැටළු

 

සුලගිල්ල

 

 අවයව: හදවත, කුඩා බඩවැල
චිත්තවේග: උද්වේගය, චකිතය, ආත්ම විශ්වාසය මදකම
රෝග ලක්ෂණ: හර්ද රෝග, අස්ථි රෝග, උගුර වේදනා
ඔබට මෙම අවයවවල සෞඛ්‍ය ගැටළු ඇත්නම් මෙම ජපන් වෛද්‍ය ක්‍රමය ආධාරයෙන් ප්‍රතිලාභ අත්විදින්න.