Kalu Lapa Iwath Karana Krama කළු ලප ඉවත් කරන ක්‍රම

 

මෙන්න මුහුණ අවලස්සන කරන කළු ලප ඉවත් කරන තවත් සරල පහසු ක්‍රමයක්.

 

කළු ලප යනු මුහු‍ණේ සියුම් කුහර වල ඇතුළුවන මල සෛල, කුණු හා තෙල් මිශ්‍රණය දිගු කලක් එසේම පැවතීම හේතුකොට ගෙන ඇතිවන තත්වයකි. විශේෂයෙන්ම මෙවා නාසය මත හෝ ඒ අවට වැඩියෙන් දක්නට ලැබේ. එහෙත් ඉතා කලාතුරකින් සමහර අ‍යගේ මුහුණ සැම තැනකම දක්නට ලැබේ. දැන් මම කියලා දෙන්නට යන්නේ ඒවා ඉතා පහසුවෙන් ඉවත් කරගන්නේ කෙසේද කියලා.

පලමුව මුහුණ ‍ක්ලෙන්සර් කරගන්න. ඉන් පසුව බ්ලැක් හෙඩ්ස් පවතින් තැන්වල බ්ලැක් හෙඩ්ස් පැක් එක ආලේප කරන්න. සසුව ඒ මත ටිෂු එකක් විනාඩි 5ක් පමණ අලවා තබන්න. ඉන්පසුව ටිෂු එක ඉවත් කරන්න. දැන් ඔබට බ්ලැක් හෙඩින් නොමැති පැහැදිලි මුහුණක් දැකබලා ගැනීමට ලැබේවි.