Advertisement
Hot Kello

Keti Ninda කෙටි නින්ද

 

කෙටි නින්දක් ලැබීම කාලය කා දැමීමක් නොවෙයි. ඇත්ත වශයෙන්ම කෙටි නින්ද අපගේ මොළය යලි පුබුදුවාලීමක්. කෙටි නින්ද පිළිබඳව විද්‍යාත්මකව ඔප්පු වූ කරුණු කිහිපයක් අද ඔබට පවසන්නම්.

“ The Wall Street Journal ” සඟරාවේ පළවුණු කරුණු වලට අනුව ඔබත් මේ කාලයන් අතර තුර කෙටි නින්දක් ලබාගන්න.

නින්ද පිළිබඳව පර්යේෂණ සිදුකරන විශේෂඥයන් පවසන්නේ විනාඩි 10 – 20 ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගැනීම මගින් ශරීරයට මිල කළ නොහැකි වාසි අත්වන බවයි. නමුත් ඔබ කෙටි නින්දකින් ශරීරය වෙත ලබාගැනීමට අපේක්‍ෂා කරන කාරණය අනුව මෙය වෙනස් වනවා. උදාහරණයක් ලෙස ඔබේ සුපරීක්ෂාකාරී බව වැඩි වනවා. විනාඩි 10 – 20 ත් අතර කාලයක කෙටි නින්දක් ලබාගෙන අවදි වීමෙන් ආවේගයකින් යුතුව කාර්යයන් සිදුකළ හැකි බව විශේෂඥයන් පවසනවා.
විනාඩි 60 ක පමණ කෙටි නින්දකින් මතක ශක්තිය යලිපිබිදෙන බව “Mednick” වෛද්‍යවරයා පවසනවා. මෙවන් නින්දකින් ඔබට ඔබේ මතකයේ ගැඹුරේ තිබෙන විවිධ කරුණු, විවිධ ස්ථාන සහ මිනිසුන්ගේ මුහුණුවර නැවතත් මතකයට ලබාගන්නට පුළුවන්.
මෙහි අවාසිය වන්නේ අවදිවීමේ දී හිස කරකැවිල්ල සහ කම්මැලි ස්වභාවයක් ඇතිවීමයි.
ඔබටමීට පෙර විනාඩි 30 කට අධික කෙටි නින්දක් ලාබාගෙන අවදි වීමෙන් පසුව යම් අපහසුකාරී බවක් දැනී තිබෙනවාද? ඔබ වැඩි වේලාවක් නිදාගැනීමත් එම නින්ද ක්‍ෂණිකයෙන් අවදි වන්නට අපහසු නින්දක්වීමත් මෙසේ සිදුවන්න බලපාන හේතු ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ”වෛද්‍ය “ Michael Breus ”
විනාඩි 90 ක කෙටි නින්දක් දිගු වෙලාවක සම්පූර්ණ නිදි  චක්‍රයකට සමාන වනවා. මෙවන් නින්දක් ලබා අවදිවීමෙන් පසුව නිර්මාණාත්මක, මනෝභාවාත්මකමතක ශක්තියක් වර්ධනය වී නිර්මාණාත්මක ක්‍රියාවන් වල නිරත වන්නට හැකි වන බව වෛද්‍ය “Mednick” පවසනවා.
“PubMed” සඟරාවේ පල වූ කෙටි නින්ද පිළිබඳව කළ අධ්‍යයන වාර්තාවට අනුව දිවාකාලය තුල විනාඩි 5-10 ත් අතර කාලයක කෙටි නින්දක් ලබගාන්නා පුද්ගලයින්ට එවන් නින්දක් ලබා නොගාන්නා පුද්ගලයින්ට වඩා වැඩි පරීක්ෂාකාරී බවක් සහ ඥානයක් වර්ධනය වන බව සඳහන් වනවා. ඒ වගේම, විනාඩි 10 – 20 ත් අතර කෙටි නින්ද මගින් ශරීරය නැවත ප්‍රාණවත් වන අතර විනාඩි 60 – 90 ත් අතර තරමක් දිගු නින්දකින් සම්පූර්ණ වශයෙන්ම ශරීරය පුබුදුවාලීම සිදු කරගන්නට පුළුවන්.
ඔබ මේ කෙටි නින්ද ලබාගැනීමේ දී බෙල්ල සුවපහසු ආකාරකයට තබාගෙන යම්කිසි ආසනයක වාඩිවී කෙටි නින්ද ලබා ගන්න. එයින් ඔබට දිගු නින්දක් ලැබීම වළක්වනවා. ඒ, දිවාකාලයේ දී වඩාත් දිගු නින්දක් ලැබීමෙන් මොළයට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසයි.
ජපානයේ විවිධ ආයතනවල සේවකයින්ගේ ඵලදායීතාවය වර්ධනය කරගන්නට සේවා කාලය තුල කෙටි නින්දක් ලබා ගැනීමට අවසර දෙන බව ඔබ අසා ඇති.
ඔබත් දිවා කාලය තුල මේ ආකාරයේ කෙටි නින්දක් ලබාගන්න. ඔබ සේවය කරන අයෙක්නම් ඔබේ සේවා ස්ථානයේ ප්‍රධානියා ඒ බව ඔබෙන් ප්‍රශ්න කළ විට විද්‍යාව විසින් ඒ බව තහවුරු කර ඇති බව ඔහුට පහදා දෙන්න…