නාගවල්ලී ගුරුමෑණියෝ - Nagawalli Gurumaniyo
Hot Kello

Kurula Sadaha Thakkali කුරුලෑ සදහා තක්කාලි

 

තක්කාලි සතුවන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වන “ lycopene ” මගින් අපේ සමට අද්විතීය වාසි රැසක් අත්කර දෙනවා. මේ ප්‍රතිඔක්සිකාරකය මගින් අපව පාරජම්බුල කිරණින් ආරක්‍ෂා කරදීම, අකලට සම වයසට යෑම වැලකීම සහ චර්ම පිළිකා ඇතිවීමවලක්වා ලීමත් සිදුවනවා.
අපි අද ඔබට කියා දෙන්නම් තක්කාලි භාවිතයෙන් රුව වඩවන අයුරු…
තක්කාලි සතුවන ප්‍රතිඔක්සිකාරක බලය නිසාම තත්කාලි යුෂ සම මත ආලේප කිරීම මගින් සමට හානි වීම වලක්වා ගන්නට පුළුවන්.
මුහුණේ සමෙ හි ඇති සිදුරු හරහා මුහුණේ ඇති තෙල් පිටතට ශ්‍රාවය වීම නිසා තමයි කුරුලෑවක් ඇති වෙලා ඒ කුරුලෑව වර්ධනය වන්නේ. තක්කාලි යුෂ තුල අන්තර්ගත වන ආම්ලිකතාවය නිසා තත්කාලි යුෂ කුරුලෑවක් මත ආලේප කිරීමෙන් සමෙ හි සිදුරු සිරවීමක් ඇති කර තෙල් ශ්‍රාවය වීම වලක්වා කුරුලෑව සුවකර දෙනවා.
ඔබ තත්කාලි ගෙඩියක් ගෙන දෙබෑකර තක්කාලි යුෂ ආසාදිත ස්ථානයේ ආලේප වන පරිදි තත්කාලි කැබැල්ල මුහුණේ අතුල්ලන්න. මේ ආකාරයට තප්පර කිහිපයක් තක්කාලි කැබැල්ල මුහුණේ අතුල්ලා ඇල්මැරුණු ජලයෙන් එම ස්ථානය සෝදා පිරිසිදු කරගන්න.

 

කුරුලෑ ලප කැළැල් ඉවත්කර ගන්නට තක්කාලි

 

ඔබේ මුහුණ හොඳින් සෝදාගෙන කුරුලෑ ලප කැළැල් ඇති ස්ථාන වල තක්කාලි යුෂ ආලේප කර විනාඩි 15 ත් 20 ත් අතර කාලයක් තබාගන්න. මේ සත්කාර ක්‍රම මගින් ඔබේ කුරුලෑ ලප කැළැල් සාර්ථකව ඉවත්කර ගන්නට පුළුවන්. මුහුණේ ඇති කුණු දුහුවිලි ආදියත් ඉවත් කරගෙන “ blackheads ” පවා ඇතිවීම වලක්වා ගන්නට මේ සත්කාර ක්‍රමය අනුගමනය කරන්න.

 

“ FACE WASH ” එකක් ලෙස තත්කාලි යුෂ

 

කුඩා භාජනයක් ගෙන එයට තත්කාලි යුෂ මේස හැන්දක් සමග ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. කපු පුළුන් කැබැල්ලක් බෝලයක් ලෙස සකසා මේ මිශ්‍රණයේ පොඟවා සමේ ආසාදනය ඇතිවී ඇති ස්ථාන වල ආලේප කරන්න. ඊළඟට විනාඩි පහක් පමණ සිට මද උණු ජලයෙන් මුහුණ සෝදාගන්න.

 

සමේ රැළි වැටීම සඳහා තත්කාලි

 

තක්කාලි “ lycopene ” වලින් පොහොසත් නිසා තක්කාලි යුෂ ආලේප කිරීම මගින් සම තුලට ඔක්සිජන් උරාගැනීම වේගවත් කර සම ඉක්මණින් වයසට යෑම වලක්වා සමේ රැළි වැටීමත් වලක්වනවා.
තක්කාලි ගෙඩියකින් යුෂ සහ ඉඳුණු අලිගැටපේර ගෙඩියක් ගෙන ඇඹරුම් යන්ත්‍රයකට එක්කර හොඳින් අඹරා ගන්න. මේ මිශ්‍රණය මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 20 ත් 30 ත් අතර කාලයක් තබන්න.
ඉන් පසුව ඇල්මැරුණු ජලයෙන් මුහුණ සෝදා මුහුණ තෙත සිඳවා ගන්න. මේ සත්කාර ක්‍රමය සතියකර වතාවක් සිදුකරන්න.
ඒ වගේම,සමට අවශ්‍ය වන පෝෂණය ලබා ගැනීමට දිනපතාතක්කාලි යුෂ පානය කරන්න.
සැලකිය යතුයි:  මේ සදහා වස විසෙන් තොර තක්කාලි පමනක් බාවිතා කරන්න.