ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Lee Katiyak ලේ කැටියක්

 

ලේ කැටිය – මේ වචන දෙක ඉතා බියජනකය. Mayo Clinic  එකට අනුව ලේ කැටි විය යුතුය. එය ලේ ගැලීම නවතන ක්‍රමයයි. සිරිමක දී හෝ තුවාලයක දී ලේ කැටි වන ආකාරය අප දැක ඇත. නමුත් සමහර අවස්ථා වලදී ලේ අනවශ්‍ය ලෙස ද කැටි වේ. මෙසේවූ විට ඔබට සමහර විට හර්දයබාධයක්, හදිසි අබාධයක් නැතහොත් වෙනත් දරුණු ලෙඩ රෝගයකින් පෙළීමට සිදු වේ.
ඔබ හෝ ඔබේ ආදරණියයෙක් මෙවන් ලේ කැටියකින් පීඩා විදිනවාද යන්න දැන් ඔබට දැන ගත හැක.
1.      එක් අවයවයක ඉදිමීමක්
මෙය deep vein thrombosis (DVT) ලෙස හදුන්වන ලේ කැටි ගැසීමක රෝග ලක්ෂණයකි. මෙය රුධිර සංසරණ පද්ධතියට රුධිරය ගමනාගමනය අවහිර කරයි. Prevention පැහැදිලි කරන ලෙස වැදගත් අවයව වලට ඔක්සිජන් ගමන් කිරීම වලකන නිසා මෙය දරුණු තත්වයකි.
2.      කකුළක වේදනාවක් හෝ මොළොක් බවක්
National Blood Clot Alliance පවසන පරිදි මෙය DVT හි සාමාන්‍ය ලක්ෂණයකි. බොහෝවිට මෙම වේදනාව මස් පෙරළීම ලෙස හදුන්වයි.
3.      සම මතුපිට රතු පැහැ ඉරි
මතක තබාගන්න. සීරීමක් නම් එය ලේ කැටි ගැසීමකි. නමුත් ඔබේ නහර හා සමානවම රතු ඉරි සම මතු පිට පවතී නම් එය සාමාන්‍ය සීරීමක් නොවේ. ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.  Prevention පවසන පරිදි මෙවන් රතු පැහැ ඉරි පවතින විට ඔබ අතක් හෝ පාදයක් ස්පර්ශ කළහොත් ඔබට උණුසුමක් දැනේ.
4.      ගැඹුරු හුස්ම ගැනීම හා සමග වූ පපුව වේදනාව
National Blood Clot Alliance පවසන පරිදි ඔබ මෙම ලක්ෂණ වලින් පෙළේ නම් ඔබේ පෙනහලු වල ලේ කැටියක් ඇත. වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. මන්ද මෙය මරණාසන්න විය හැක.
5.      කෙටි හුස්ම
Prevention පවසන පරිදි ඔබට හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් ඔබේ පෙනහලු වල ලේ කැටියක් ඇත. එසේම ඔබට පපුව වෙව්ලීමක්, වේගවත් හදගැස්මක් හා කලාන්ත ගතියක් ඇති විය හැක. මේ ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.
6.      හේතු විරහිත කැස්ස
හේතු විරහිතව ඔබට කැස්සක් පැමිණේ නම් Prevention පවසන ලෙස ඔබ ඔබේ හද ගැස්ම, පපුව හා ශ්වසනය පිළිබද අවධානය යොමු කළ යුතුය. මෙම රෝග ලක්ෂණ සමග හේතු විරහිත කැස්සක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
මෙසේ, ඔබ හෝ ඔබේ ආදරණියයෙක්ට ලේ කැටියක් ඇති බව ඔබට සිතෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්න. ඔබේ වෛද්‍යවරයා අමතන්න හෝ ඉක්මනින්රෝ හලකට  යන්න. මෙවන් ලේ කැටි මරණීය විය හැක. ඒ නිසා අවධානමක් නොගන්න.