Leman Gedi Wala Guna ලෙමන් ගෙඩි වල ගුණ Health Sinhala Views 2415 Posted on Tuesday, April 18, 2017 ( 5 years ago) Leman Gedi Wala Guna ලෙමන් ගෙඩි වල ගුණ Health Sinhala අපි කාටත් ජවසම්පන්නව අපේ වැඩරාජකාරි සිදු කරගන්න නම් සෑම දිනකම ඉතා හොද දවසේ මුල් ආරම්භයක් අවශ්‍ය වෙනවා. උදෑසන අවදි වූ සැනින්ම වැඩි පිරිසක් පුරුදු වෙලා ඉන්නේ ලෙමන් යුෂ මිරිකලා උණු ජලයත් සමග මිශ්‍ර කරලා පානය කරන්න. අවාසනාවකට වගේ මේ ක්‍රමයෙන් නම් ලෙමන් වල අන්තර්ගත වෙන සෞඛ්‍යය වාසි අපිට නිසි පරිදි ලබා ගන්න ලැබෙන්නේ නෑ. ඔබත් මේ ක්‍රියාවට හුරු වෙලා ඉන්න කෙනෙක් නම් මේ ක්‍රියාවලිය මගින් ඔබට කිසිසේත්ම ලෙමන් ගෙඩියේ රේණු තුල සහ ලෙමන් ගෙඩියේ ලෙල්ල තුල අන්තර්ගත වෙන පෝෂණ ගුණය නිසියාකාරව ලබා ගත නොහැකි බව හොදින් මතක තබා ගන්න. ලෙමන් ගෙඩි මිරිකලා යුෂ ලබා නොගෙන ලෙමන් ගෙඩි කිහිපයක් උණු ජලයේ තම්බලා ලෙමන් තුල අන්තර්ගත වන නිසි පෝෂණය අපේ ශරීරයට ලැබෙන පරිදි රසවත් තේ පානයක් සකස් කරගන්න විදිහ තමයි අපි අද ඔයාලට කියලා දෙන්න සූදානම් වන්නේ .. ඔබට අවශ්‍ය වෙන්නේ… · ලෙමන් ගෙඩි හයක් · ජලය අවුන්ස විස්සක් · මීපැණි පළමුව රත්කරගැනීමට සුදුසු භාජනයක් ගෙන එයට ජලය එක්කරන්න. ඊළඟට ලෙමන් ගෙඩි හයම දෙපලු කර ජල බදුනට දමා විනාඩි තුනක කාලයක් ලෙමන් පලු හොදින් තම්බා ගන්න. දැන් මේ භාජනය ගින්නෙන් ඉවත් කරගෙන විනාඩි දහයක් හෝ පහළොවක් තබා හොදින් සිසිල් කරගන්න. ඉන්අනතුරුව ලෙමන් පලු සහ ලෙමන් රේණු මේ ජලයෙන් ඉවත් කර උණුසුම් ලෙමන් තේ කෝප්පයක් පානය කරන්න. මේ ඉතිරි ලෙමන් ජලය පසුව පාරිභෝජනය කිරීම සදහා වීදුරු බෝතලයක ගබඩාකර තබන්න. ඔබට මේ තේ පානය පාරිභෝජනය කිරීමේ දී යම් කටුකරසයක් දැනෙනවානම් ඔබේ තේ කෝප්පයට මීපැණි ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්! මේ උණු ලෙමන් පානයෙන් ඔබට ලැබෙන වාසි: · ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වීම. · සෙම්ප්රතිශ්යාවෙන් ඔබව ආරක්ෂා කරදීම. · ඔබට ඇදහිය නොහැකි තරම් ජවයක් ශරීරයටලබාදීම. · ආහාර ජීර්ණය වේගවත් කර දීම සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරදීම. · ශරීරයේ අවයව වල pH අගය සමබර කර ගැනීමට උපකාරයක් ලබා දීම. · අලංකාරවත් පෙනුමකට සම පිරිසිදු කර දීම. · ශරීරයේ බර අඩු කරගැනීමට උපකාර වීම. · තුවාල සුවකර දීම. · විෂ සහිත වන සංයෝග බොහෝමයක් ශරීරයෙන් පිරිසිදු කර දීම. · ඔබේ හුස්ම ප්‍රබෝධවත් කරදීම. · ඔබේ වසා පද්ධතියේ සජලනය පවත්වා ගැනීම. · ඔබට ඇතිවෙන සාංකාව මගහැර මානසික තත්වය සහ සතුට වැඩි දියුණු කරදීම. ඔබ ගබඩා කරගත් අතිරික්ත ලෙමන් ජලය වෙනත් දවසක උදෑසන පානය කරන අවස්ථාවේ නැවතත් උණු කරගන්න අවශ්‍ය වන්නේ නෑ. පළමු අවස්ථාවේදී රත්කර ගැනිමේදී ජලයට එකතු වන පෝෂණ ගුණයට කිසිම හානියක් සිදු නොවන නිසා ඔබට මේ තේ පානය සිසිල්ව වුවත් පානය කල හැකියි. කෙසේ වුවත්, පමණට වඩා සිසිල්ව මෙය පානය නොකරන්න වගබලා ගන්න. ඔබට මේ තේ පානය සිසිල්ව පානය කරන්න යම් මැලි කමක් දැනෙනවා නම් ඔබ මේ මිශ්‍රණය මද ගින්නේ සුළු මොහොතක් රත්කර පානය කරන්න. ලෙමන් ගෙඩි තම්බා සකස් කරගන්න මේ රන් හා සමාන ජීවක ඔසුව ඔබට නිරෝගීව සිතේ සැහැල්ලුවෙන් දවස ආරම්භ කරන්නත්, ඔබට දවස පුරාවටම සිදු කරන්න තිබෙන වැඩරාජකාරී නව ජවයකින් සිදු කර ලොව ජයගන්නටත් නිසැකවම උපකාර වේවි.