Rukshan Jayathilaka Gurukam Advertisement

Lingika Awayawa ලිංගික අවයව පුරුෂ බාහිර ප්‍රජනක පද්ධතිය පිරිමි ලිංගික අවයව

පුරුෂ ලිංගය හෙවත් ශිෂ්ණය අයත් වන්නේද පුරුෂයින්ගේ බාහිර ලිංගික පද්ධතියටයි. මේ නිසා මෙවර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසා බැලීමක් කෙරෙනවා. මේ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

බොහෝදෙනෙකුට පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිර ප්‍රජනක ඉන්ද්‍රියයන් පිළිබඳව ගැටලු ඇති වෙනවා. ඊට හේතුව වන්නේ සමහර මිත්‍යා මතයන්ද බව පැවසිය යුතුයි.

Lingika Awayawa,ලිංගික අවයව,පුරුෂ බාහිර ප්‍රජනක පද්ධතිය,පිරිමි ලිංගික අවයව

ශිෂ්ණය the penis 

පුරුෂ ලිංගය ශ්‍රෝණි මේඛලාවේ ඉදිරිපසින් ඉදිරියට නෙරා පිහිටනවා. ශ්‍රෝණියට සවි වී ඇති කොටස පුරුෂ ලිංගයේ මුල ලෙසත් මැද කොටස කඳ ලෙසත්, කෙළවර පිහිටා ඇති තරමක් විශාල වූ සංවේදීම කොටස ශිෂ්ණ මුණ්ඩය ලෙසත් හඳුන්වනවා.

ෆි‍්‍රනියුලම (Frnulum) නැමැති නූලක් වැනි කොටස පිහිටා ඇත්තේ ශිෂ්ණ මුණ්ඩය ආවරණය වී ඇති පෙර සමට පිටුපසින් ඊට සවිවන සේය.

මුත්‍රාශයේ එකතුවන මුත්‍රා පිටකිරීම කෙරෙනුයේ පුරස්ථි ග්‍රන්ථියේ පහළ කෙළවරේ සිට බාහිර මුත්‍රා විවරය දක්වා ගමන් කෙරෙන මුත්‍රා මාර්ගය හරහායි.

ලිංගික ක්‍රියාවලියේදී මුත්‍රා මාර්ගය පුරස්ථි ග්‍රන්ථිය අසලින් වැසී යන අතර, ශුක්‍ර නාලය දිගේ ගමන් කෙරෙනා ශුක්‍ර තරලය මුත්‍රා මාර්ගය හරහා ගෙනවිත් මුත්‍රා විවරයෙන් පිටතට මුදා හරිනවා.

මුත්‍රා මාර්ගය ලිංගික ක්‍රියාවලියේදී පුරස්ථි ග්‍රන්ථිය අසලින් වැසී යාම නිසා මුත්‍රා සහ ශුක්‍ර තරලය එකතු වීම වැලකෙනවා. මේ නිසා කිසිවිටෙකත් ශුක්‍ර තරලය සහ මුත්‍රා එකවිට මුත්‍රා මාර්ගය හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.

මුත්‍රා මාර්ගය ශිෂ්ණයේ පහළ කොටසට වන්නට පිහිටා තිබෙන අතර ස්පොන්ජි දේහය හෙවත්  Corpus spongiosum  නම් වූ සිලින්ඩරාකාර පටකයෙන් එය වට වී පිහිටනවා. මුත්‍රා මාර්ගයට ඉහළින් දිවෙන සිලින්ඩරාකාර පටක දෙක කැවනෝසා දේහ හෙවත් Corpora Cavaernosa නමින් හඳුන්වනවා.

ලිංගික අප්‍රාණිකත්වය හෙවත් නෂ්ඨකාම නැමැති රෝගී තත්ත්වයට බොහෝ පිරිමින් ජීවිතයේ යම් වකවානුවකදී මුහුණ දෙන බව පෙනෙනවා. මත්පැන්, ඖෂධ, දුම්පානය, මානසික ආතතිය, දියවැඩියාව, රුධිර නාල ගත රෝගද මේ සඳහා බලපෑම් කරනවා.

පුරුෂ ලිංගයේ ප්‍රාණවත් බව පාලනය කරනු ලබන්නේ කොදු ඇටපෙළ ඇතුළතින් දිවෙන ස්නායු රජ්ජුවේ පහළ කොටසේ පිහිටි Erection Centre නම් වූ උත්තේජන මධ්‍යස්ථානය හරහායි. බෙහෝවිට අපිට ලැබෙන ගැටලු අතරින් ලිංගේන්ද්‍රියේ ප්‍රමාණයන් ගැන විමසීම් කරනවා. කෙසේ වුවත් ලිංගේද්‍රිය කුඩාවීම පිළිබඳව බොහෝදෙනා තුළ ඇත්තේ මිත්‍යා මතයක් බව පැවසිය යුතුයි.

දුමින්ද සම්පත්