Darmasooriya Guruthuma aluth badu

Medaya Iwath Karana Athbeheth මේදය ඉවත් කරන අත්බෙහෙත්

 

ඇතැම් අවස්ථාවලදී අපට අසනීපයක් සෑදුනු විට වෛද්‍යවරයෙකු මුණනොගැසි එම අසනීප තත්වය කුමක් හෝ අත්බෙහෙතක් භාවිතයෙන් සුවකර ගන්නට පුරුදු වී සිටිනවා.
මුදලුත් කාලයත් වැයකිරීමට දක්වන මැලිකම නිසා තමයි අපි මේ විදිහට වෛද්‍යවරයෙකු මුණනොගැසි අපේ අසනීප අපිම සුවකරගන්න පෙලබෙන්නේ.
අද ඔබට ඉදිරිපත් කිරීමට සුදානම් වන මෙම ස්වභාවික බෙහෙත් වට්ටෝරුව විසින් සෞඛ්‍යය වාසි බොහෝමයක් අපට සපයාදෙන බව විශේෂඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
ඔබත් මෙම ස්වාභවික බෙහෙත් වට්ටෝරුව දිනපතා භාවිතා කරනවා නම්ඔ බේ මුළු සෞඛ්‍යය තත්වයම යහපත් අතට හැරී නිරන්තරයෙන් වෛද්‍යවරයෙකු මුණගැසීමට සිදු වන අවශ්‍යතාවයත් මගහැරී යාවි.
මේ ස්වභවික බෙහෙත් වට්ටෝරුවේ ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ ලෙඩරෝග බොහෝමයකට ජීවක ඖෂධයක් වී ශරීරයේ අවයව වල නිසි ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමට උපකාර වන රතු අලයි.
රතු අල මගින් අස්ථි සහ හදවත් සෞඛ්‍යය වර්ධනය කරන අතර ශරීරයේ රුධිර පීඩනයත් නිසිලෙස පවත්වාගන්න උපකාර වනවා.
රතු අල නයිට්‍රේට සහ නයිට්‍රික් ඔක්සයිඩ් වලින් සපිරි නිසා ශරීරය තුල ඇති ධමනි පුළුල් කොට අධි රුධිර පීඩනය පාලනය කරනු ලබනවා. අපි සාමාන්‍ය වශයෙන් දිනකට රතු අල ග්‍රෑම් 500 පමණ ආහාරයට ගත් විට අධිරුධිර පීඩනය පැය හයකින් පමණ පසුව අඩු වන බව පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ වගේම මේ රතු අල තුල අඩංගු වන ද්‍රාව්‍ය තන්තු, “flavonoids” සහ“betacyanin” යන සංයෝග මගින් අපේ ශරීරයේ අහිතකර වන කොලෙස්ටරෝල් මට්ටමත් පාලනය කර දී ධමනි බිත්ති මත තෙල් බැදීමත් වලක්වනවා.
කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නවාට අමතරව රතු අල ආහාරයට ගැනීම මගින් ආඝාතය, හදවත් රෝග සහ හෘද්‍යාභාධ වැනි දරුණු රෝගී තත්ව ඇතිවීමෙනුත් අපව ආරක්ෂාකර දෙනවා.
මේ සෞඛ්‍යය සම්පන්න එළවළු වර්ගයේ අන්තර්ගත වන ස්ලිකා නමැති ඛනිජය මගින් අප ශරීරයේ කැල්සියම්  බාවිතය වැඩි කරවනවා. එම නිසාම අපට සවිමත් සහ සෞඛ්‍යය සම්පන්න දත් දේපලක් සහ අස්ථි හිමිකර ගන්නට පුළුවන් කම තිබෙනවා.
එක්තරා අධ්‍යයනයක් මගින් සොයාගෙන ඇති කරුණක් තමයි රතු අල යුෂ වීදුරුවක් දිනකට පානය කිරීම මගින් ඔස්ටියෝපොරෝසිස් රෝගය සුවකරගත හැකිබව. මීට අමතරව රතු අල යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීම මගින් අවහිර වූ මහබඩවැල සුවපත් කරගැනීම, අක්මාවේ තැම්පත් වූ මේදය ඉවත් කරගැනීම, නිතර ඇතිවෙන ලෙඩරෝග සුවකර ගැනීම, ඇස් පෙනීම හා සම්බන්ධ වන ගැටළු සුවකර ගැනීම සහ දිනකට අවශ්‍ය වන ශරීර ශක්තියත් වර්ධනය කරගන්නට හැකියාව තිබෙනවා.
මේ වගේම සෑම දිනකම රතු අල ඔබේ ආහාර වේලට එකතු කරගැනීමත් නුවනටහුරු ක්‍රියාවක් වනවා.

 

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වේගවත් කරන රතු අල ජූස් එක සකස්කරගන්නා ආකාර.

 

අවශ්‍ය වන ද්‍රව්‍ය :

·         සාමාන්‍ය ප්‍රමාණයේ රතු අලයක්
·         ලෙමන් පෙත්තක්
·         සෙන්ටිමීටර් තුනක පමණ මහත ඉඟුරු කැබැල්ලක්
·         ඇපල් ගෙඩියක්
·         මින්ට් පත්‍ර මිටක්

 

සකස් කරගැනීමට උපදෙස් :

ඔබ විසින් සපයාගත්  අමුද්‍රව්‍ය සියල්ලම කුඩා කැබලිවලට කපාගන්න. ඉන්පසුව කුමක් හෝ ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කර කුඩා අමුද්‍රව්‍ය කැබලි සියල්ල හොදින් අඹරාගෙන රසවත් සහ සෞඛ්‍යය සම්පන්න ජූස් එක සකස් කර පානය කරන්න.