Mee Pani Saha Yourgut Face Masks 3k මී පැණි සහ යෝගට් face masks 3ක්

 

වියළි සහ පළුදු වුණ සම වෙනුවෙන් මී පැණි සහ යෝගට් face masks 3ක්

 

මී පැණි

මී පැණි කියන්නේ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් සහ ඉතාම වටිනා ඖෂධයක්. මේ නිසාම ඔබේ සැමට සත්කාර කිරීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මී පැණි යොදාගන්න පුළුවන්.

වෙළෙඳපොලේ ඇති මී පැණි අතරින් හොඳ වර්ගයේ මී පැණි සොයාගැනීම සරල පරීක්ෂාවකින් පසු ඔබට කළ හැකියි. ඔබ කළ යුත්තේ මී පැණි බිඳු කිහිපයක් පිරිසිදු ජලය අඩංගු බඳුනකට දැමීමයි. ඒවා තත්වයෙන් උසස් මී පැණි නම් බඳුනේ පතුලට කිඳා බසිනු ඇති.

සම සිනිඳු හා මෘදු කිරීමට, පිළිස්සුම් හා කැපීම සීරීම්වලින් ඇතිවූ ලකුණු මකා දැමීමට, සම පැහැපත් කිරීමට සමත් අගනා ගුණයන් මී පැණි සතුයි.

 

යෝගට්

යෝගට්වල සින්ක්, විටමින්, ලැක්ටිස් ඇසිඩ් ආදියෙන් සමන්විතයි. ඕනෑම වර්ගයේ සමක් මත ආලේප කළ හැකි යෝගට් සමේ තෙතමනය රැක ගැනීමට, සම රැලි වැටීම, එල්ලා වැටීම අඩු කිරීමට භාවිතා කළ හැකියි.

ඉතින් සම පිලිබඳව බොහෝ දෙනාට ඇති ගැටළුවලට පිලියමක් ලෙස මීපැණි සහ යෝගට් මිශ්‍ර කර සැකසූ face mask කිහිපයක් ගැනයි මේ ලිපිය.

 

සමේ තෙතමනය රැක ගැනීම සඳහා face mask එකක් (වියළි සමට වඩාත් සුදුසුයි)

අවශ්‍ය ද්‍රව්‍ය,

  • යෝගට් මේස හැඳි 2යි
  • මී පැණි මේස හැඳි 1යි
  • පිස සීතල කරගත් oatmeal මේස හැඳි 1 -2

මේ සියලු දේ හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව එය මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 10 -15 කට පමණ පසු සෝදා හරින්න.

 

පළුදු වුණ සමක් සඳහා face mask එකක්

 අවශ්‍ය ද්‍රව්‍ය

  • යෝගට් කෝප්ප භාගයක්
  • කෝමාරිකා යුෂ හෝ ජෙල් මේස හැඳි දෙකක්
  • මී පැණි මේස හැඳි 1ක්
  • තලාගත් පිපිඥා කෝප්ප භාගයක්
  • Chamomile තෙල් බිඳු කිහිපයක්

මේවා බ්ලෙන්ඩර් එකකට දමා හොඳින් අඹරාගන්න. අනතුරුව ආලේප කර විනාඩි 10 -15 මුහුණ මත තබා පසුව සෝදා හරින්න.

 

යෝගට් – මී පැණි cleansing scrub (අඳුරු සමට)

අවශ්‍ය ද්‍රව්‍ය,

  • මී පැණි මේස හැඳි 1
  • යෝගට් මේස හැඳි 1
  • හොඳින් අඹරන ලද කොට්ටම්බා මේස හැඳි 2
  • ලෙමන් යුෂ තේ හැඳි භාගයයි

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 1 -2 පමණ තබා අනතුරුව සෝදා හරින්න.