Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ rusian akka Hot Photos

Muhuna Pirisidu kirimata scrab ekak මුහුණ පිරිසිදු කිරීමට ස්ක්‍රබ් එකක්

 

නිවසේදී පහසුවෙන් සුක්‍රබ් එකක් මගින් ඔබගේ මුහුණ පිරිසුදු කරගන්නා ආකාරය.

 

ඔබ බොහෝවිට හුරුපුරුදු වී ඇත්තේ‍ වෙළදපොලෙන් මිලදී ගතහැකි ස්ක්‍රබ් භාවිතා කිරීමටයි. ඒත් ඒ ස්ක්‍රබ් තුළ ඔබගේ සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබෙන බව ඔබ දන්නවාද? විශාල මුදලක් වැයකර ශරීරයට අහිතකැ තත්වයක් ඇතිකර ගන්නවාට වඩා 100% ක්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් ස්ක්‍රයිබ් එකක් කරගතහැකිබව ඔබ දන්නවාද?

සම නිරතුරුවම හිරු එළියට නිරාවරණය වීම ශෛල මැරීමටත් කළු ලප ඇති කිවීමටත් හේතුවේ. මුහුණේ ඇති මැරුණු ශෛල හා කළු ලප මුහුණේ සම අවපැහැ වීමට ප්‍රධානම හේතුවයි. මෙසේ අවපැහැවන මුහුණ පැහැපත් කර ගැනීම ස්ක්‍රබ් එකක් මගින් සිදුකරගත හැකිය.

මේ සදහා වෙනිවැල්ගැට කුඩු මේස හැදි 2ක් මී පැණි මේස 2 ක් සහ හීනියට ගාගත් දෙහි ලෙලි මේස හැදි 2ක් අවශ්‍ය වන අතර මේවා එකට දමා හොදින් කලවම් කරන්න. ඉන්පසු පිරිසිදු ඇල් ජලයෙන් මුහුණ සෝදා මෙම මිශ්‍රණය මුහුණේ හා බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් පමණ හොදින් උඩ අතට සමිබාහනය කරන්න. විනාඩි 20 කින් පමණ පිරිසුදු වතුරෙන් සෝදා ඉවත කරන්න. මේ ස්ක්‍රබ් එක සතියට එක් වරක් කිරීම ප්‍රමාණවත් වේ.

මේ සදහා පහත සදහන් ස්වභාවික ද්‍රව්‍යන් යොදාගැනීමටද හැකිය.

  • තේ වත්කර ඉතිරි වන තේ රොඩු මේස හැදි 4 ක්
  • එළකිරි මේසහැදි 4ක්
  • දෙහි යුෂ මේසහැදි 1ක්


මේ ද්‍රව්‍ය ඉතා හොදින් කලවම් කර මුහුණේ හා බේලලේ ආලේප කර විනාඩි 15ක් පමණ සම්භාහනය කරන්න. පසුව පිරිසිදු වතුරෙන් සොදා හැරිය හැකිය.

මෙසේ ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව මුහුණ මත් ඇරුණු රෝමකූප වසා ගැනීම සදහා ටොනර් එකක් භාවිතාකල යුතුය. ඒ සදහා අයිස් වතුර හෝ බිත්තර කහ මදය යොදා ගත හැකිය.