Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ 12-25



Nawa Demapiyange Manasika Athathiya නව දෙමාපියන් මුහුණදෙන මානසික ආතතිය

 

තම පළමු දරු උපතට මුහුණ දුන් අලුත් දෙමාපියන් හට දරු උපතින් පසු සුළු වශයෙන් හෝ මානසික ආතතිය පැමිණීම ඉතා සුලභ තත්ත්වයක්. මෙම මානසික ආතති තත්ත්වය පාලනය සදහා විවිධ ක්‍රමයන් විවිධ දෙමාපියන් විසින් යොදා ගන්නවා. එලෙස යොදා ගන්නා ක්‍රමයන් පිලිබදව මෙම ලිපිය තුලින් අප කතා කිටිමට බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රමයන් ඔබට එදිනෙදා ජීවිතයේදී පැමිණෙන අභියෝගයන් ජය ගැනීමට උදව්වක් වේවි...

ඔබගේ බලාපොරොත්තු නිසි මට්ටමක තබා ගන්න...

ඇත්තෙන්ම දෙමාපියන් බවට පත්වීම ඔබ දෙමාපියන් වීම මෙසේ යයි සිතාගෙන සිටි ආකාරයම නොවන්නට පුළුවන්. මෙය ඔබ මුහුණ පා තිබෙන තත්ත්වයම නොවන්නට පුළුවන්. නමුත් සියල්ල ඔබ සිතාගෙන සිටි ආකාරයෙන් සිදු නොවන බව ඔබට මේ වනවිටත් වැටහී ඇති. ඔබ මෙසේ බලාපොරොත්තු වනුයේ විවිධ පත්තර පොත පත ඇසුරින් හා යහළුවන් නෑදෑයන් අයගේ අත්දැකීම මගින් ඔවුන් විස්තර කරන ලද ඒවා වෙන්නට පුළුවන්. ඔබ දෙමාපියකු වීමේදී ඇති යහපත් සතුටු දායක තත්ව වලට මෙන්ම අර්බුදකාරී තත්ත්වයන්ටද මුහුණ දීමට සිදුවන බව මතකයේ තබාගෙන වැඩකරන්න. 

 

අනිත් අයගේ සහය ලබාගැනීම සංවිධානාත්මකව සිදුකරන්න 

මෙම කාලයේදී ඔබට ඔබ තනියම මෙම ක්‍රියාවෙහි යෙදෙනවා වැනි හැගීමක් ඇති වීම සාමාන්‍යයි.  නමුත් ඔබ ඇත්තෙන්ම එසේ තනිවී නැහැ. ඔබ ඔබගේ අපහසුතාවයන්  පවුලේ අනිත් අය යහළුවන් සමග කතා බහ කරන්න. ඔවුනගේ උදව් ලබා ගන්න.

 

ඔබගේ අවශ්‍යතාවයන් පිලිබදව අමතක කරන්න එපා

දෙමාපියන්  බවට පත්වූ විට ඔබ නිරායාසයෙන්ම දරුවාගේ සුභ සිද්ධිය ඔබගේ අවශ්‍යතාවයන්ට වට මුල් තැනක් දී කටයුතු කිරීම බොහොමයක් සුලබ ලෙස දෙමවුපියන් අතර දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් ඔබ මානසික ආතතියෙන් මිදීමට නම් ඔබ ගැනත් සිතීම අත්‍යවශ්‍ය කරුණක්. දරුවාව හොදින් රැක බලා ගැනීමට නම් ඔබ හොදින් සිටීම අත්‍යවශ්‍ය වන බව අමතක කරන්න එපා

 

ඔබ  ගැන අවශ්‍ය නොවන තරම් වැඩි බලාපොරොත්තු තබා ගන්න එපා

සෑම විටම ඔබ සිදු කරන උපරිමය ඔබට මදි යයි හැගීම ඔබට  පැමිණීම සාමාන්‍යයි. ඔබ එය ගැන වද වෙන්නට  එපා. සියල්ල අවසානයේදී අන්තිමට ඔබ හැරී බලන විට ඔබ සිදු කල දේවල් වල උපරිමය දෙස නොව ඔබ ලබා ගත සුන්දර මතකයන් රැස් කරගැනීමට උත්සහ කරන්න.

 

ඔබ සදහා කාලය වෙන් කරගන්න

ඔබ ඔබේ සිගිත්තා මෙලොවට පැමිණීමට ප්‍රථම විනෝදය සදහා සිදු කල ක්‍රියාකාරකම් වල මඳ පමණින් හෝ යෙදීමට කාලය කෙසේ හෝ සොයා ගන්න. ඔබ හා ඔබගේ සහකරුවා සමග හොදින් කාලය ගත කල හැකි ක්‍රියාකාරකම් සොයාගන්න. එය දෙමපියෙකු වන අතරම ඔබ ඊට පෙර සිටි ආකාරය මතක් කර දෙන්නට හේතු කාරක වේවි.

 

ඔබ මෙතෙක් පසුකර ගෙන පැමිණි අපහසු කාලයන් ගැන සිහි කරන්න 

ඔබ අපහසු යයි සිතනා කාලයක සිටිනවා නම් සෑම විටම එම අපහසුතා මග හැරී තත්ත්වයන් සමාන්‍ය පහසු අතට හැරෙන බව සෑම විටම මතක තබා ගන්න. මෙම තත්ත්වය සෑම දෙමාපියෙකුම අත්විදීමට සිදු වන තත්ත්වයක්. දෙමපියෙකු වී සිටීමදී සෑම දෙමපියෙකුම ඔබ අත්විදිනා තත්ත්වය අත්විදීමට සිදුවන බව සිහි කරගන්න 

 

සමාජගත වන්න 

ඔබ තනිවී යයි සිතෙනා සෑම විටකදීම කා සමග හෝ කතා කිරිමට උත්සහ කරන්න දුරකථනය හරහා වුවද කමක් නැහැ. සෑමවිටම උදව් ඉල්ලීමට ආඩම්බර හෝ බිය වන්න එපා. පළමු වරට දෙමාපියකු වීම තරමක් අපහසු කාරී තත්ත්වයක් ඔබ උදව් ලබා ගැනීම ඉතා සාමාන්‍ය තත්ත්වයක්.

 

ඔබ ගැන විශ්වාසය තබා ගන්න 

දෙමාපියෙකු වීමේ හොඳ හෝ නරක යැයි ක්‍රමයක් නැහැ. තම කාර්යභාරය ගැන  ඔබට ඕනෑවටත් වඩා උපදෙස්  හා  තොරතුරු ලැබී  ඇති. ඇතැම් ඒවා ඔබ නොමග යවන සුළු තත්ත්වයක් ඇති කරවයි. ඔබ ගැන විස්වාශ කර ඔබේ ක්‍රියාමාර්ග ලබා ගන්න. එය ඔබ දෙමපියෙකු වශයෙන් ඉදිරියට යාමේදී ඉතා වැදගත් කරුණක් වේවි.

 

සසඳන්න එපා

ඔබව අනිත් අය සමග සසදන්නට යන්න එපා. සෑම පුද්ගලයකුටම  විවිධ ප්‍රශ්න පවතිනවා. ඒවා ඔබගේ ප්‍රශ්න සමග සැසදීම ප්‍රතිඵලයක් නැති කාර්යයක් මන්දයත් ඔහුට හෝ ඇයට පවතිනු ඇත්තේ ඔබෙගේම ප්‍රශ්ණ නොවන නිසයි. දෙමාපියෙකු වීමේදී අනිත් අය සමග තරඟ කර දිනීමට කිසිවක් නැත. ඔබ ගැන සතුටින් ජිවත්වන්න.

 

ඔබ ඉවසීමේ සීමාව ඉක්මවා යන බව දැනුනොත්...

දරුවාව ආරක්ෂා සහිත ස්ථානයක ප්‍රථමයෙන්ම තබන්න. ඔබ සදහා කාලය වෙන් කරගන්න. ගැබුරු හුස්මක් ලබාගන්න පිටකරන්න. සුදසු භාවනා ක්‍රමයක් වැනි දෙයක් මෙවැනි තත්ත්වයකදී ඉතා ප්‍රයෝජනවත් වනවා නිසැකයි. සංගීතයට සවන් දීමත්, කා සමග හෝ කතා කිරීමත් හොඳ අදහසක්... මේවා මනසිත ආතතිය අඩු කිරීමේ ප්‍රධාන ක්‍රමයන්ය. සෑම විටම මෙම තත්ත්වය පහව යන බව මතක තබා ගන්න.

Verified by Dr. N. De Silva