somawathi-gurumaiyo
Hot Kello

Nidangatha Rooga නිදන්ගත රෝග

 

දෙහි ලොව පැරණිම හා වැඩි වශයෙන් වගා කරනු ලබන පළතුරු ශාකයකි. දෙහි අනර්ඝ ආහාරයක් යයි පැවසීම අසත්‍යක් නොවේ.
දෙහි විටමින් C, A, B1, B6, magnesium, bioflavonoids, pectin, folic acid, phosphorous, calcium හා potassium වැනි විටමින් හා ඛනිජ වලින් අන්තර්ගතය. ඒවා අපව රෝග වලින් ආරක්ෂා කරන අතර අතුනුබහන්, උදරය, අක්මාව හා ප්‍රතිශක්තිකරන පද්ධතියට යහපත් ලෙස බලපායි.
දෙහි යුෂ හා දෙහි ලෙලි වල ඇඹුල් හා අම්ල රසයක් පවතින අතර විශේෂයෙන්ම දෙහි ශරීරයේ ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. එසේම එය උදරයේ අධි ක්‍රියාකාරිත්වය අවම කරයි. දෙහි ලෙලි හොද විෂබීජ නාශකයක් වන අතර දෙහි කොළ උණ රෝගය අඩු කිරීමට දායක වේ.
ඔබ නොදන්නා කරුණ නම් මෙම පැගිරි වර්ගයේ පළතුර සන්ධි වේදනා සමනයට ඖෂධයක් බවයි. දෙහි ලෙල්ලේ අන්තර්ගත සුවදවත් වාෂ්පශීලි වැදගත් තෙල් වර්ග ලේ නහර ලිහිල් කරයි. එසේම සන්ධි හා ස්නායු වේදනා සමනයට දායක වන ප්‍රතිප්‍රදාහ ශක්තිය නිපදවයි.
පහත වට්ටෝරුව ඉතා ඵලදායි හා සරල වේ. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ දැනටමත් ඔබ නිවසේ භාවිතා කරන දේය.

 

වඩාත්ම ඵලදායි ක්‍රම දෙක මෙන්න.

1. දෙහි ලෙල්ල ඉවත් කර ගන්න. (සුදු පැහැති කොටස නොඑන ලෙස කහ පැහැති ලෙල්ල ඉවත් කර ගන්න.) අසාදිත ප්‍රදේශයේ දෙහි ලෙල්ල පිරිමැද වෙළුම් පටියකින් වෙලන්න. පැය දෙකක් පමණ නොසොල්වා තබන්න.
2. දෙහි ගෙඩි දෙකක ලෙල්ල බදුනකට දමා ඔලිව් තෙල් එක් කරගන්න. බදුන හොදින් වසා සති දෙකක් පමණ තබන්න. එය අසාදිත ප්‍රදේශයේ ආලේප කර සිහින් රෙදි කඩකින් මුළු රැයක් ඔතා තබන්න. මෙහිදී ස්වාභාවික දෙහි භාවිතය වඩා වැදගත්ය.