Rukshan Jayasekara



Obath Lassana Wenna Kamathida? ඔබත් ලස්සන වෙන්න කැමතිද?

 

ඔබත් ලස්සන වෙන්න කැමතිද? ලස්සන වෙන්න කවුද අකමැති..

 

ලස්සන වන්නට ලස්සනව රූ සපුව තබා ගැනීමට කවුරුද අකමැති. ඔබ අකමැතිද? කාන්තාවන් පමණක් නොව පුරුෂයින්ද ලස්සනට ඉන්නට ගොඩාක් කැමති බව කවුරුත් දන්නා පොදු රහසක් නොවේද? ඉතින් මම හිතුවා ලස්සන වෙන්නට පුළුවන් ක්‍රම ටිකක් ඕගොල්ලෝ එක්ක බෙදාහදාගත්තොත් හොදයි කියලා. ඒ වගේම රූපලාවන්‍යාගාරයකට නොගොස් තමන්ගේ සල්ලි ඉතුරු කරගෙන ගෙදර දොරේ හමුවන භාවිතයට ගන්නා දේවල් මගින් රූපය අලංකාර කරගතහැකි ක්‍රම ගණනාවක් තිබේ.


සම එල්ලා වැටීම ඔබට ප්‍රශ්ණයක්ද? සම තද කරන පැක් එකක්



හොදින් පොඩිකරගත් ඉදුනු කෙසෙල් ගෙඩි දෙකකට ගසාගත් බිත්තරයක් මිශ්‍ර කරගන්න. එම සාදාගත් මිශ්‍රණය මුහුණ හා ගෙල පෙදෙසේ ආලේපකර විනාඩි 15 ක් පමණ සිටින්න. ඉන්පසුව මුලින්ම කිරිවලිනුත් දෙවනුව වතුරෙනුත් ලෙස මෙලෙසම දෙවරක් සෝදා හරින්න. ඔබේ සමට දීප්තිමත් සිනිදු බවක් දැනේවි. මෙය සතියකට වරක් පමණ කිරීම ප්‍රමාණයත්ය.

ඔබේ සම වියලිද? මෙන්න සමේ වියලි බව මගහරවා ගැනීමට ඇරෝමා ප්‍රතිකර්මයක්

 

පළමුව මුහුණ ක්ලෙන්සර් වලින් පිරිසිදු කර ඇරෝමා ටෝනර් වලින් ටෝනර් කරගන්න. ඉන්පසු බියු‍ටි ග්‍රෙන්ස් සහ ටොනර් මිශ්‍රකර එය ආලේප කර විනාඩි 20ක් තබන්න. නැවත එය ස්ක්‍රය්බ් කරන්න. එය සෝදා හැර බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න. මීලගට කල යුත්තේ ඩ්රයි ස්කින් ඔයිල් එකක් මිශ්‍රකර මුහුණේ ආලේප කර එය විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර මසාජ් කිරීමයි. ඉන්පසු ඊට උඩින් ග්‍රීන් ටී පැක් එක දමා නැවත විනාඩි 20ක් තබා සොදා හැර සන් ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න.