Obe Hisakes Akalata Halenawada? ඔබේ හිසකෙස් අකලට හැලෙනවාද?

 

ඔබේ හිසකෙස් අකලට හැලෙනවාද? හිසකෙස් ගැලවී යාම වැලැක්වීමට හොදම විසදුම මෙන්න

පළමුව පිරිසුදු පොල් විනාකිරි අඩු කෝප්ප 1/2 ගන්න. රතුළූණු ගෙඩි කීපයක් සිහින්ව ලියා හෝ තලා මෙම විනාකිරි බදුනට දමා පැය දෙකක් වසා තබන්න. පැය දෙකකට පසුව ගෙන පුළුන්වල ආධාරයෙන් විනාකිරි හිසේ සමට හොදින් වදින සේ සම පුරාම ආලේප කරන්න. ඉන්පසු විනාඩි 20 හිස සම්භාහනය කරන්න. පැය දෙකක් පමණ විනාකිරි හිස මත තිබෙන්නට හරින්න. ඉන්පසු ෂැම්පු කිසිවක් භාවිතා නොකර හිස සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සතියට දෙවරක් කිරීමෙන් ඔබට හොද ප්‍රතිඵල ලැබේවි. මෙය නිතර හිසරදය සෑදෙන අයටද යොග්‍යය.