Dammananda Weda Hamuduruwo
Hot Kello

Obeth Innan Sitida ඔබෙත් ඉන්නන් සිටීද? Health Sinhala

 

Skin fibromas ඉන්නන් ලෙස හදුන්වයි. ඒවා වේදනාශීලි හා දැවිල්ල ඇති කරන නිසා ඉවත් කළ හැක. වෙනස වන්නේ ඒවා උපන් ලප නොවීමයි.
වේදනාව නිසා සමහර පුද්ගලයන්ට මුහුණේ හා ශරීරයේ ඉන්නන් ඉවත් කර ගැනීමට අවශ්‍ය  වේ. නමුත් වැඩිහිටි පරම්පරාව අතර පවතින මතයක් වන ඉන්නන් ඇල්ලීම නිසා ඒවා බරපතල විය හැකිය යන්න නිසා සමහර පුද්ගලයන් ඒවා ඉවත් කිරීමට බිය වේ. ඉන්නන් මුළුමනින්ම ඉවත් කිරීම ආරක්ෂිතද?
පළමුව ඔබ ඉන්නන්ගේ වෙනස හදුනා ගත යුතුය. ඒ වෛරස් ඉන්නන්ද, අසාදිත  ඉන්නන්ද, HPV නිසා හටගන්නා ඉන්නන්ද නැතහොත් skin fibroma ද යන්නයි. පළමු කිහිපය වෛද්‍ය විද්‍යාව අනුව සුව කළ යුතුය.
උදාහරණයක් ලෙස ඔබගේ බාහු මත ඇති වන ඉන්නන් filiform verruca ලෙස හදුන්වයි. ඒවා විශාල වීම සිදු වේ. ඒවායේ ගණන වැඩි වුවහොත් ඒවා ඉවත් කළ යුතුය. සමහරවිට ඒවා ඇති වීමට හේතුව වන්නේ ඔබ සමට කරන ප්‍රතිකාර මද කමයි. ඔබ වැඩි වාර ගණනක් ස්නානය, රෝම ඉවත් කිරීම නිසා ඇති වුවන් හෝ ඔබට වැඩියෙන් දහදිය දමන නිසා ද ඇති විය හැක.
චර්ම විශේෂඥයන් හා ශල්‍ය වෛද්‍යවරු ඊට කුමක් කළ යුතුද යන්න තීරණය කළ යුතුය. ඒවායේ ස්වභාවය අනුව සමහර විට ඔබ ඒවා මුළුමනින්ම ඉවත් කළ යුතු  නොවේ. ප්‍රමාණයෙන් කුඩා කළ යුතු වේ. විරලම ප්‍රතිකාරය වන්නේ cryotheraphy හා nitrogen ද්‍රාවන යොදා ප්‍රතිකාර කිරීමයි.
ශල්‍ය කර්මයෙන් පසු කල  යුතු ප්‍රතිකාර, කැළැල්, සම නැවත ඇති වීමට ගතවන කාලය හා ශල්‍ය කර්මය කිරීමට යන වියදම යනාදිය පිළිබද ඔබ හොදින් දැනුවත්විය යුතුය.

ස්වභාවික ප්‍රතිකාරය

අතීතයේ ඉන්නන් සදහා වූ ප්‍රතිකාරය වන්නේ නැවුම් celandine යුෂ හා දිනකට දෙවරක් ආලේප කළ යුතු බෙහෙත් වතුරයි.

Sticky tape

2002 වසරේ සිට විද්‍යාඥයන් කණ්ඩායමක් ඉන්නන් ඉවත් කිරීම සදහා nitrogen ද්‍රවනය ආලේපයේ හා sticky tape භාවිත කිරීම පිළිබද පර්යේෂණ පවත්වයි. මාස 2ක් පමණ දිනපතා sticky tape  භාවිතා කර මැරුණු සම ඉවත් කිරීමට ගල් භාවිත කිරීම (සතියකට වරක්) මගින් 85% පමණ පුද්ගලයන්ගේ ඉන්නන් ඉවත්ව ඇත.
එලෙසම nitrogen ද්‍රාවනය ඝන කිරීම මගින් 60% ඉන්නන් ඉවත්ව ඇත. එලෙස sticky tape භාවිතය මගින් කැසීමක් ඇතිවන නිසා එය ප්‍රතිශක්ති පද්ධතිය ඉන්නන්ට එරෙහිව ක්‍රියා කරන බව විශේෂඥයන් පෙන්වා දේ.එලෙසම sticky tape හි ද්‍රවානයේ අන්තර්ගත රසායන ද්‍රව්‍ය එම යහපත් බලපෑම ඇති කරනවා විය හැක.