Advertisement
Hot Kello

Padha Wedana පාද වේදනා

 

සමහර අවස්ථා වලදී පාද වේදනා දරා ගත නොහැකි තරම් වේදනා දෙනවා. එවන් විටකදී මෙම ව්‍යායාම ආකාර 5න් එකක් හෝ 5ම කර බැලීමට ඔබත් උත්සාහ කරන්න. අප ශරීරයේ මස්පිඩු, අස්ථි හා අවයව එකිනෙක සම්බන්ධය. ඔබට වේදනාව එක් ප්‍රදේශයකින් දැනේ නම් එය තවත් ප්‍රදේශයකට වූ හානියක් පිළිබද සංඥාවක් විය හැක.
උදාහරණක් ලෙස ඔබට කකුලේ ඉහළ කොටසේ වේදනාවක් දැනේ නම් එය පතුළේ තුවාලයක් නිසා විය හැක. මෙම කොටස් එකිනෙක සම්බන්ධ නිසා මෙය පුදුමයට කරුණක් නොවේ.
කෙසේවුවද පාද වේදනාව වෙනත් හේතු නිසාද විය හැක. ඇතුළතින් වර්ධනය වූ පාද ඇගිලි වල නියපොතු, කරගැට හා පයේ ඉදිමීම වැනි ඔබට අපහසුවක් ගෙන දෙන හේතු විය හැක.
මෙවන් ගැටළු පිළිබද ඔබට අත්දැකීමක් ඇත්නම් වේදනාවට හේතු වූ කරුණු සොයා ගෙන එයට පිළියම් කිරීමට ඔබට හැක. අප දැන් ඔබට පෙන්වන ඉතා ඵලදායි ව්‍යායාම ක්‍රම 5 මගින් ඔබේ වේදනාව මොහොතකින් සමනය වන ආකාරය ඔබත් අත්දකින්න.

ඵලදායි පාද ව්‍යායාම ක්‍රම 5කින් පාද වේදනා සමනය කරගන්න.

01. ඔබ පාද වේදනාවකින් පෙලේ නම් ඔබට කළ හැකි පහසුම ව්‍යායාමය නම් පාද ඇගිලි තුඩු වලින් එසවීමයි. එය බැලේ නර්තන ඉරියව්වට සමානය. ඔබේ පාදයේ මහපටගිල්ල පහළට නැමෙන අතර අනෙක් ඇගිලි කෙලින් පවතී. දැන් ඔබේ ශරීරයේ බර ඔබේ පයේ ඇගිලි වලට ලබාදී පසුපසට ගමන් කරන්න. එක පාදයකට පස් වරක් බැගින් මෙම ව්‍යායාමය කරන්න.
02. මිලගට ඇගිලි තුඩු එසවීම කරන්න. පළමු ව්‍යායාමයට ප්‍රතිවිරුද්ධ ආකාරයට මෙය සිදු වේ. ඔබේ විලුඹ හොදින් බිමට පතිත කර ඇගිලි තුඩු ඔසවන්න. ඔබේ කුඩා අගිල්ලද මහපටගිල්ල වැනි උසකට එසවිය යුතුය.
03. ඊලග ව්‍යායාමය සදහා ඔබට ටෙනිස් බෝලයක් අවශ්‍ය වේ. මෙයට ටෙනිස් බෝලයක් භාවිතය ඉතා ඵලදායි වන්නේ එහි ඇතුලත ඉතා තද බැවින් හා වටා පවතින මෘදු පෘෂ්ටය හේතුවෙනි. බෝලය දෙසට පීඩනයක් ලබා දෙමින් සෙමින් පාදය දිගේ ටෙනිස් බෝලය රෝල් කළ යුතුය. මෙම ව්‍යායාමයේදී ඔබට මහත් සමනයක් ලැබේ. මෙයට ඔබ වඩාත්ම ඇලුම් කරන අතර මෙය යටිපතුල් රිදුම් දෙන විට කිරීමටද යෝග්‍ය වේ.
04. මෙය මළල ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් සිදු කරන ව්‍යායාමයකි. එයට මුළු සිරුරම යොදා ගනී. නමුත් වැඩි අවධානය පාදයට ලබා දේ. බිම වාඩි වන්න. කකුල් ඉදිරියට දිගු කරන්න. ඔබේ පාද ඇගිලි තුඩු ඔබේ අතේ ඇගිලි තුඩු වලින් අල්ලන්න. ඔබේ දණහිස් බිමට සමාන්තරව තිබිය යුතුය. එසවීම සිදු නොකරන්න. පළමුවර කරන විට එය අපහසු යයි හැගුනද උත්සාහය අත් නොහැර සිදු කරන්න. ඔබ එයට හුරු වූ විට මෙහි ප්‍රතිපල ඔබට අත් විදිය හැක.
05. අවසාන ව්‍යායාමය වන්නේ වළලුකර ව්‍යායාමයකි. මෙයට ඔබට පඩිපෙලකට නැගීමට සිදු වේ. ඔබේ පාද පඩියක කෙලවරේ සිටින සේ සිටගන්න. දැන් ඔබේ වළලුකර පහතට හෙළි ඇති අතර ඇදිමක්ද සිදු වී ඇත. දහයට ගණන් කරන්න. නැවත පඩියකට නගින්න. මෙම ව්‍යායාමය 8-10 වරක් සිදු කරන්න.

 

අමතර කරුණු

 

එසේම මෙම පාද  වේදනා ප්‍රතිකර්ම වලින් ඵලදායි ප්‍රතිපල ලබාගැනීමට නම් ඔබ පාවහන් රහිතව තණකොළ මත ඇවිදීම කළ යුතුය. ඔබේ පාද නම්‍යශීලි නිසා ඔබට පාරේ ඇති ගල් ආදිය පිළිබද දැනේ. එය නොමිලයේ වන සම්භාහනයක් වැනිය.
එසේම ඔබ අනිවාර්යෙන්ම පහසු පාවහන් පැළදිය යුතුය. අයෝග්‍ය පාවහන් පාද රිදීම් පමණක් නොවේ තවත් ගැටළු ඇති කරයි. උදාහරණ ලෙස එයට ඔබේ කොදු නාරටියේ හැඩය විරූපී කළ හැක. එසේ නම් ඔබේ ප්‍රියතම පාවහන් යුගල වුවද අපහසුවක් ගෙන දේ නම් ඔබ කළ යුත්තේ නව පහසු පාවහන් මිලදී ගැනීමය.
තවත් කරුණක් වන්නේ පාද සැහැල්ලු කිරීමට හා වේදනා සමනයට ක්‍රමනුකුලව පාද ලුණු හා ජලයේ පොගවන්න. එප්සම් ලුණු විෂ නාශනයට වඩා යෝග්‍ය වන අතර ඉන් ඔබට පාද වල දුර්ගන්ධය පවා නැති කර ගත හැක.