ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Pol Sambole Guna පොල් සම්බෝලේ ගුණ

 

සම්බෝල කියන්නේ ගොඩාක් ජනප්‍රිය කෑමක්. සම්බෝල වලට අකමැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒ තරමට අපිට සම්බෝල සමීප වෙලා තියෙන්නේ රස නිසා. ලූණු දාලා, පොල් දාලා,දෙහි දාලා කටට රසට අඹරලා කොටලා හදන සම්බෝලේ ගැන මතක් කරනකොටත් කටට කෙළ උණනවා. මේ තරම් සම්බෝල ජනප්‍රිය වෙලා තියෙන්නේ බහුලවම දකින්න පුළුවන් නිසා. ඉතා ලේසියෙන් හදාගන්න පුළුවන් වෙන නිසා ගොඩාක් දෙනෙකුට සම්බෝල කන්න පුළුවන්.බත්, පාන්, පිට්ටු, ඉඳි ආප්ප විතරක් නෙවෙයි ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එක්කත් සම්බෝල කන අය ඉන්නවා.මෙහෙම ලේසියෙන්ම හදාගෙන කෑවට සම්බෝල කියන්නේ ඇඟට ගුණදායක කෑමක් කියලා දන්නවාද?
 
සම්බෝල හදන්නේ පොල් වලින්. පොල් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ අරගෙන බැලුවොත්,සෝඩියම්, පොටෑසියම්, සංතෘප්ත මේදය, තියෙනවා. ඒ වගේම පොල් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා ආහාර දිරවීම පහසු කරනවා.
 
රතුලූණු කියන්නේ සම්බෝල වලට අවශ්‍ය මයි.රතුලූණු කියන්නේ බැක්ටීරියා ඇතිකිරීම වළක්වන ආහාරයක් විතරක් නෙවෙයි, සිරුරට ඉතාම හිතකර ආහාරයක්.
 
සම්බෝල වලට ගන්න අනිත් වර්ගය තමය් මිරිස් කුඩු. මිරිස් කියන්නේ විටමින් ඒ බී සහ සී බහුල කෑමක්.ඒ වගේම සිරුරේ කොලස්ටරෝල් මට්ටම අඩුකරන්න මිරිස් කුඩු වලින් ලැබෙන්නේ පුදුම සහයක්. මේ සම්බෝලෙට ගම්මිරිස් එකතු කරගත්තම තවත් රසවත් වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ගම්මිරිස් කියන්නේ මලබද්ධය, පාචනය, කන් කැක්කුම, හර්නියා,හන්දිපත් වේදනා, වකුගඩු රෝග,පෙනහළු රෝග මේ හැම එකකටම ගුණදායක කෑමක්.
 
ලුණු නැතුව කොහොමටත් සම්බෝලයක් රසවත් වෙන්නේ නෑ.මේ නිසා ලුණුත් සම්බෝලයට එකතු කර ගන්නවා. අපි දන්නවා ලුණු කියන්න් රුධිර පීඩනයට,රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන්න, ආදී වශයෙන් රෝගී තතවයන් ගණනාවකටම ප්‍රතිකර්මයක්. ඉතිං මේ සම්බොගෙට ලුණු එකතු වුනාම රස තරමටම පෝෂණීය ගුණය වැඩි වෙනවා.
 
ලුණු එක්ක එකටම එන අනිත් දේ තමයි දෙහි. දෙහි නැත්තං නාරං සම්බෝල වලට එකතු කර ගන්න එක අනිවාර්යයි. දෙහි අරගෙන බැලුවම සිරුරේ බර අඩු කරන්න, ඇස්වලට, මලබද්ධයට වගේම ආහාර දිරවීම පහසු කරන්නත් උපකාරී වෙනවා.
 
ඉතින් මේ සියළු ගුණාංග එක්ක තමයි සම්බෝල මේසෙට එන්නේ.වෙනදා වගේ රහ වැඩි නිසා කියලා හිතලා නෙවෙයි රස ගුණ දෙකෙන්ම ඉහළ නිසා සම්බෝල කන්න දැන් පුළුවන්.