somawathi-gurumaiyo
Hot Kello

Pol Wathura Panaya පොල් වතුර පානය

 

පොල් වතුර කියන්නේ අපි කවුරුත් කුඩාකල සිටම පානය කරන්න ප්‍රිය කරන ස්වභාවික පානයක්. නමුත් මේ පොල් වතුර සතුවන සුවිශේෂී සෞඛ්‍යය වාසි රැස පිළිබඳව ඔබ එතරම දැනුවත් භාවයක් නැතිව ඇති.
මේ නිසා ම අද අපි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නට සුදානම් වන්නේ පොල් වතුර සතුවන සෞඛ්‍යය වාසි පිළිබඳවයි.

 

මොනවද මේ පොල් වතුර කියන්නේ ?

 

විවිධ ලෙඩ රෝග රාශියක් සුව කිරීමේ හැකියාව ඇතැයි විශ්වාස කරමින් විවිධ රටවල් වල මිනිසුන් දශක ගණනාවක සිටම පොල් වතුර පානය කර තිබෙනවා.
සංස්කෘත භාෂාවෙන් මේ පොල් ගස හදුන්වනු ලබන්නේ කල්ප වෘක්ෂ” නමින්. මෙහි අර්ථය වන්නේ ජීවයට අවශ්‍ය සියල්ල සපයන ශාකය” යන්නයි.
මේ පොල් වතුර තුල අඩංගු වන මිහිරි රසයත් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසිත් නිසා ලොව පුරා සිටින විවිධ මිනිසුන් පොල් වතුර පානය කරන්නට වැඩි කැමැත්තක් දක්වනවා.
වෙළදපොලේ පොල් වතුර අඩංගු වන විවිධ සෞඛ්‍යය සම්පන්න පාන වර්ග අලෙවි කරන්නට තිබෙනවා ඔබත් දැක තිබෙන්නට පුළුවන්. ක්‍රීඩකයන් සඳහා ශක්ති ජනක පාන වර්ග සැකසීමටත් මේ පොල් වතුර භාවිතා කරනවා.

 

අපි දැන් බලමු මේ පොල් වතුර අපේ ශරීර සෞඛ්‍යයට ඇත්ත වශයෙන්ම ගුණදායකද යන වග…

 

පොල් වතුර කෝප්පයක ආසන්න වශයෙන් කැලරි 46, සීනිග්‍ 10g සහ ප්‍රෝටීන් සුළු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර පොල් වතුර මේදයෙන් තොර වනවා.
පොල් වතුර තුල අඩංගු වන විටමින්, ඛනිජ සහ “phytochemcials” යන සංයෝගයන් මිනිස් සෞඛ්‍යයට අතිශය වැදගත් වනවා.
පොල් වතුර තුල අන්තර්ගත වන සංයෝග අතරින් වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ පොටෑසියම් යන සංයෝගයයි. පොල් වතුරෙ පොටෑසියම් 600 mg (12% DV) පමණ අන්තර්ගත වන නිසා පොල් වතුර ඉතා හොඳ විද්‍යුත් විච්ඡේදකයක් ද වනවා.
පොල් වතුර සතුව සෝඩියම් කුඩා ප්‍රමාණයකුත් අන්තර්ගත වනවා. ඒ වගේම අපට දිනකට අවශ්‍ය වන කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රමාණයෙන් 10% පමණ දිනපතා පොල් වතුර පානය කිරීම මගින් ශරීරයට සපයාගන්නට පුළුවන්.

 

අපි දැන් බලමු පොල් වතුර පානය කිරීමෙන් අපට ලැබෙන සෞඛ්‍යය වාසි මොනවාද කියා.

 

1.      ශරීරයේ සජලනය පවත්වා ගන්නවා

පොල් වතුර ඉතා රසවත් වගේම අපේ ශරීරයත් යලි උද්වීපණය කරනු ලබනවා. පොල් වතුර පානය කිරීම මගින් සාමාන්‍ය ජලය පානය කරනවාට වඩා උෂ්ණ අධික දිනවල දී ශරීරයේ සජලනය ඉතා හොඳින් පවත්වා ගන්නට පුළුවන්.
හොඳ දේත් වැඩිපුර භාවිතය අපට නරකක් ගෙන දෙන්නට පුළුවන්. ඒ නිසා, ශරීරයට දිනකට අවශ්‍ය වන සජලනය ලබාගන්නට ප්‍රධාන මාධ්‍යය විදිහට පොල් වතුර භාවිතා කරන්න එපා. පොල් වතුර තුල අඩංගු වන අධික පොටෑසියම් ප්‍රමාණය නිසා පොල් වතුර වැඩි වශයෙන් පානය කිරීම මගින් හදවත් ගැටළු ඇතිවන්නට පුළුවන්.

2.      වෙරි මතින් පසුව ඇති වන හිසේ කැක්කුම වැනි අසනීප ගතිය සුව කරගන්නට

ඔබ මත්පැන් පානය කරන අයෙක් නම් වෙරි මතින් පසුව පසුදා උදෑසන පීඩාකාරී තත්වයන්ට ඔබ ඕනෑ තරම් මුහුණදී තිබෙන්නට පුළුවන්. පොල් වතුර තුල අඩංගු වන කාබෝහයිඩ්‍රේට මගින් රුධිරයේ  සීනි මට්ටමත් ඇතැම් විට ඇතිවන ඔක්කාර ගතියත් පාලනය කරනු ලබනවා.
“Lastly” මෙය පොල් වතුර තුල අඩංගු වන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්. මෙමගින් මානසට පීඩාවක් ගෙනදෙන ආතති තත්වයත් දුරුකරගන්නට පුළුවන්.

3.      පොල් වතුර පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්

පොල් කියන්නෙත් පළතුරක් බව ඔබ දනන් සිටියා ද?
අපි පොල් විවිධ ආහාර වර්ග සකස් කිරීමට භාවිතා කලත් පොල් කියන්නෙත් වාසි රැසක් තිබෙන පළතුරක්.
පොල් වතුර කෝප්පයක කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්, විටමින් C, මැග්නීසියම් සහ මැන්ගනීස් වැනි අපට අවශ්‍ය වන පෝෂණය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මේ විටමින් සහ ඛනිජ වලට අමතරව කැලරි 50 ක් පමණ, කාබෝහයිඩ්‍රේට සහ ප්‍රෝටීන් සුළු ප්‍රමාණයකුත් අන්තර්ගත වනවා.

4.      කොලෙස්ටරෝල් සහ “triglycerides” මට්ටම අඩුකර දීම

මීයන් යොදාගෙන මේ දක්වා මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කර තිබෙනවා. මේ අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබෙනවා පොල් වතුර මගින් සාර්ථකව හෘදයාබාධ ඇති වීම වලක්වාගත හැකි බව. හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් ඇති වූ සැනින් පොල් වතුර පානය කිරීමෙන් ඒ හෘදයාබාධය ඇතිවීමේ අවදානම යම්තාක් දුරට අඩුකර ගත හැකි බව තමයි මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ.
පොල් වතුර මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටමේ අහිතකර වන “LDL” මට්ටම අඩු කරදීම සිදුවනවා.

5.      වකුගඩු වල ගල් ඇතිවීම වලක්වාලීම

මේ වේදනාකාරී වකුගඩු වල ගල් ඇති වන්නට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ශරීරයේ ඇතිවන විජලන තත්වයයි. අප අතරින් බොහෝ දෙනෙක් දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය පානය කරන්නට අපොහොසත් වනවා. ඒ වගේම කැලරි අනවශ්‍ය ලෙස වැඩි කරවන විවිධ වර්ගයේ සෝඩා වර්ග සහ පළතුරු පාන වර්ගත් පානයකරන්නටත් පුරුදුවී සිටිනවා. ඔබ ජලයට අමතරව පානය කරන මෙවන් පාන වර්ග වෙනුවට පොල් වතුර ස්වල්පයක් පානය කරන්න පුරුදු වන්න. එයින් ඔබේ ශරීරයට අවශ්‍ය වන සජලතාවය ආරක්ෂා වේවි.
පොල් වතුර පානය කිරීම මගින් වකුගඩු වල ගල් ඇතිවීම වැලැක්වීමත් වකුගඩු වල ගල් ඇතිවූ පුද්ගලයින්ගේ රෝගී තත්වය සුවවීමත් සිදුවන බව මේ පිළිබඳව සිදුකළ අධ්‍යයනයක් මගිනුත් තහවුරු කර තිබෙනවා.

6.      ව්‍යායාම සිදුකරන අතරතුර අහිමිවන ඛනිජ ප්‍රමාණය නැවතත් ලබාදීම

ඔබත් වැඩි වශයෙන් මහන්සි වී දහඩිය දමමින් දිගුවේලාවක් ව්‍යායාම කරන පුද්ගලයෙක් නම් ව්‍යායාම වලින් පසුව පොල් වතුර පානය කරන්න.
මෙලෙස ව්‍යායාම සිදුකිරීම නිසා ශරීරයට අවශ්‍ය වන ඛනිජ අහිමි වීමක් සිදුවනවා. පොල් වතුර සතුවන පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් සහ කැල්සියම් වැනි ඛනිජ නිසා ශරීරයට අහිමි වූ ඛනිජ නැවතත් ලබාදෙනවා.

7.      අධි රුධිර පීඩනය පාලනය කිරීම

අධි රුධිර පීඩනය නිසා ආඝාතය වැනි දරුණු බෝනොවන රෝගී තත්වයන් ඇතිවන බව ඔබ මේ වනවිටත් දැනුවත් ඇති. අධි රුධිර පීඩනය පොල් වතුර පානය කිරීම මගින් සුවකරගත හැකි බව අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. පොල් වතුර තුල අන්තර්ගත වන ඛනිජයක් වන පොටෑසියම් නිසා තමයි අධි රුධිර පීඩනය පාලනය කරනු ලබන්නේ.
සතුන් යොදා සිදු කළ තවත් අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා පොල් වතුර පානය කිරීම මගින් රුධිරය කැටිගැසීමත් වලක්වා ගතහැකි බව.

8.      සම්පූර්ණ වශයෙන් ස්වභාවිකයි වගේම සැකසීමකට ලක්නොකල නිසා වඩාත් ප්‍රණීතයි.

ඔබ වෙළදපොලෙන් විවිධ පාන වර්ග මිලදී අරන් පානය කරනන්ට පුරුදුවී තිබෙන්නට පුළුවන්. මේ විවිධ සැකසීම වලට භාජනය වූ කෘතීම රසකාරක අඩංගු වන පානයන් මිලදී ගන්නවා වෙනුවට නිවසේදී ම ස්වභාවික පානයක් ලෙස පොල් වතුර පානය කරන්නට හුරුපුරුදු වන්න. පොල් වතුර සතු ගුණ නිසාම විවිධ රටවල පොල් වතුර වෙළදපොලේ අලවි කරන්නට තිබෙනවාත් ඔබ දැක ඇති.