Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ
Hot Kello

Rakthawathaya රක්තවාතය

 

රක්තවාතය ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝගී තත්වයක්.
රක්තවාතය ඇති වන්නට මුල්වන සත්‍යම හේතුව නිවැරදිව සොයාගත නොහැකි වුවත් ශරීරය තුල යූරික් අම්ලය විශාල ලෙස නිපදවීම එක් හේතුවක් ලෙස සලකනවා.
රක්තවාතය ඇතිවන්නට බලපාන වෙනත් හේතුන් විදිහට ජානමය තත්වයන්, අධික ඇල්කොහොල් පානය, ව්‍යායාම වල නිරත නොවීම, අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම සහ අධි මානසික ආතතිය හදුන්වා දෙන්නට පුළුවන්.
රක්තවාතය තත්වයේදී සිදු වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල පටක වල සහ තරල වල යූරික් අම්ලය කැට ආකාරයෙන් බැදීමයි. මෙම හේතුව නිසා වේදනාව, දැවිල්ල, හිසරදය, යටිපතුල් පැලීම සහ උණ ගතිය ඇතුළුව විවිධ රෝග ලක්ෂණ ඇති වනවා.
රක්තවාත රෝගී තත්වයෙන් පීඩා විදි සමය අවසන් කරමින් “New Haven, CT” වල පිහිටි “Yale”වෛද්‍ය විදුහලේ මහාචාර්යවරයෙක් වන “Vishwa Deep Dixit” මහතා කීතජනක  ආහාර මගින් රක්තවාතය රෝගී තත්වය සුවවන බවට සාර්ථක අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

 

මොනවද මේ කීතජනක බොජුන් කියන්නේ ?

 

කීතජනක ආහාර කියන්නේ මේදය වැඩි කාබෝහයිඩ්‍රේට අඩුවෙන් අන්තර්ගත වන ආහාරයි .කීතජනක ආහාර වැඩි වශයෙන් පාරිභෝජනය කරනු ලබන්නේ ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා වුවත් රක්තවාතය රෝගයට මේ ආහාර වඩාත් ගුණදායක වනවා. කීතජනක ආහාර මගින් BHB අගය ඉහළ නංවා රක්තවාතය නිසා ඇති වන පීඩාකාරී රෝගී තත්ව වලින් ආරක්ෂා කරනු ලබනවා.

 

රක්තවාත රෝගියෙක් ආහාරයට ගත යුතු කීතජනක බොජුන් කිහිපයක්.

 

·         අලිගැටපේර
·         බටර්
·         පොල් තෙල්
·         ඔලිව් තෙල්
·         මත්ස්‍යයින්
·         කුකුළු මස්
·         බිත්තර
·         ඌරු මස්
·         කකුළුවන්
·         පොකිරිස්සන්

 

රක්තවාතය සඳහා තවත් සරල පිළියම් කිහිපයක්

 

 ඇපල් විනාකිරි

ජලය වීදුරුවකට ඇපල් විනාකිරි තේ හැන්දක් බැගින් එක්කර දිනකට වාර දෙකක් හෝ තුනක් පානය කරන්න. ඔබට මේ බෙහෙත් වට්ටෝරුවෙන් යම් කිසි ගුණයක් දැනෙනවා නම් ඇපල් විනාකිරි එක්කරන මාත්‍රාව තේ හැඳි දෙක දක්වා වැඩිකරන්න.

 

ලෙමන් යුෂ

ලෙමන් ගෙඩියකින් යුෂ ලබාගෙන එයට බේකින් සෝඩා තේ හැඳි භාගයක් එක්කර සුළු වේලාවක් තබන්න. ඉන්පසුව මේ මිශ්‍රණය ජලය වීදුරුවකට එක්කර ක්ෂණිකව පානය කරන්න.

 

ඉඟුරු

උළුහාල් කුඩු, කහ කුඩු සහ වියළි ඉඟුරු කුඩු සම සමව ගෙන මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මිශ්‍රණයෙන් එක තේ හැන්දක් උණු ජලය වීදුරුවකට එක්කර පානය කරන්න. මේ ආකාරයට දිනකට දෙවරක් මෙය පානය කරන්න.

 

 චෙරි

දිනකට චෙරි ගෙඩි පහළොවක් හෝ විස්සක් ආහාරයට ගන්න. චෙරි රක්තවාතය රෝගයට ඉතාමත් ගුණදායක නිසා ඔබේ රක්තවාතය තත්වයට ඉක්මන් සුවයක් ගෙනදේවි. ඔබේ දවස චෙරි ගෙඩියකින් ආරම්භ කරන්න.