Piyasena Guruthuma පියසේන ගුරුතුමා kallange selfe

Rathri Ninda Nolabima රාත්‍රී නින්ද නොලැබීම

 

ඔබත් රාත්‍රී නින්ද නොලැබීමෙන් පීඩාවිදිනවාද?
ඔබට රාත්‍රී නින්ද නොලැබෙනවා නම් මේ තත්වය ඔබට පමණක් ඇති වෙනවා කියා සිතා මේ පිළිබඳව කිසිසේත්ම කනගාටු වියයුතු නෑ. ඒ, ඔබ හා සමානව ලොවපුරා සිටින මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ සෞඛ්‍යය ගැටළුවට මුහුණ දෙන නිසයි.
රාත්‍රී නින්ද නොලැබෙන පුද්ගලයින් ඔවුන්ට සුවදායක නින්දක් ලබාගැනීමේ අරමුණින් විවිධ ඖෂධ ලබාගත්තත් මේ ඖෂධ නිසා හිස කරකැවිල්ල, මලබද්ධය, පපුවේ දැවිල්ල සහ ධාරණ ශක්තිය පිළිබඳව ගැටළු සමග විවිධ අතුරු ආභාද වලට මුහුණ දෙනවා.
ඔබත් මේ සෞඛ්‍යය ගැටළුවෙන් පීඩාවිදින කෙනෙක් නම් අද අපි ඔබට කියා දෙන්න ම් ස්වභාවික පානයක් මගින් රාත්‍රී සුවදායක නින්දක් ලබාගන්නා අයුරු.
මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ.
·         හෝමෝන රහිත ස්වභාවික තත්වයේ ඇති කිරි අවුන්ස 6 ක් (මේ සඳහා ඔබට ආමන්ඩ් කිරි “ almond milk ” වුවත් භාවිතා කරන්නට පුළුවන්)
·         වැනිලා යුෂ බිංදුවක්
·         මී පැණි තේ හැන්දක්
ඔබ ප්‍රථමයෙන්ම සාස්පානක් ගෙන කිරි හොඳින් රත්කරගන්න. (පැහෙන තුරු රත්කරන්න එපා) ඉන් පසුව රත්කරගත් කිරි වීදුරුවකට වක්කරගන්න. දැන් මීපැණි සහ වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඔබ රාත්‍රියේදී නින්දට යෑමට ප්‍රථමයෙන් මේ කිරි පානය සෙමින් පානය කරන්න.

 

මේ කිරි පානය ක්‍රියාකරන්නේ කොහොමද ?

 

කිරි පානයේ අඩංගු වන අමුද්‍රව්‍ය මගින් සෞඛ්‍යය සම්පන්න නින්ද ආරම්භ කරලා ශරීරය නින්දට සුදුසු ආකාරයට පත්කරවනවා. අපි දැන් බලමු මේ එක් එක් අමුද්‍රව්‍ය මගින් නින්ද ලබාදෙන ආකාරය පිළිබඳව.

 

වැනිලා

 

1991 වසරේදී සිදුකළ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබෙනවා වැනිලා මගින් හමන සුවඳින් මනස සැහැල්ලු කරන බව. මේ අධ්‍යයනය සඳහා රෝගීන් 85 දෙනෙකු යොදාගෙන MRI ස්කෑන් සිදුකර තිබෙනවා. මෙහිදී සොයාගෙන තිබෙනවා මේ වැනිලා මගින් හමන සුවඳින් මිනිස් මොළය සැහැල්ලු කර කාංසාව ආදී තත්වයන් වලකන බව. මෙය රාත්‍රී නින්ද නොයෑමෙන් පීඩාවිදින පුද්ගලයින්ට හොඳ ආරංචියක්. මීට අමතරව රාත්‍රීයේදී ගොර ඇදීමෙන් පීඩා විදින පුද්ගලයින්ටත් වැනිලා ඉතා හොඳ ඖෂධයක් වනවා.

 

කිරි

 

කිරි වැනි ප්‍රෝටීන් බහුල ආහාර වල “ tryptophan ” ලෙස හඳුන්වන ඇමයිනෝ අම්ලයක් අඩංගු වනවා. මේ ඇමයිනෝ අම්ලය මගින් ශරීරයේ “ serotonin ” සහ “ melatonin ” වර්ධනය වේගවත් කර සුවදායක නින්දක් ලබා දෙනවා.

 

මී පැණි

 

මී පැණි මිනිස් ශරීරයට අවශ්‍ය වන විවේකී සුවය වර්ධනය කරදෙන තවත් ඉතා හොඳ අමුද්‍රව්‍යක් බවට විවිධ අධ්‍යයන මගින් තහවුරු කර තිබෙනවා.මී පැණි මගින් කෙරෙන එක් කාර්යයක් තමයි ශරීරයේ “ glycogen ” ප්‍රමාණවත් පරිදි නිපදවීම වේගවත් කිරීම. අක්මාවේ නිසි ක්‍රියාකාරීත්වයත් පවත්වා ගන්නට නම් මේ “ glycogen ” අවශ්‍යවනවා. දිවා කාලය පුරාවටම ශරීරයේ අන්තර්ගත වන “ glycogen ” ප්‍රමාණය පහළ බසිනවා. රාත්‍රී කාලයේදී ඔබ නින්දට වැටුනත් ඔබේ මොළය ව්‍යාකූල කර ඔබට නින්දක් නොලැබී ඔබව අවදිකර තබන්නේ ඔබේ ශරීරය තුල මේ සංයෝගය හිඟවීම නිසයි. ඒ වගේම, සුවදායක නින්දකට අවශ්‍ය වන “ melatonin ” සංයෝගයත් මී පැණි මගින් මොළයට නිකුත් කරනු ලබනවා.