ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Rudira Sansaranaya රුධිර සංසරණය

 

ඇවිදීමේදී මහන්සිය, මස් පෙරලීම් හා ශරීරයේ පහළ කොටස්වල වේදනා ඇත්නම් එය පර්යන්ත ධමනි පිළිබද රෝගයකි. American Heart Association පවසන ලෙස වෛද්‍ය විශේෂඥයන් විසින් බොහෝ විට මෙයට ප්‍රතිකාර ලබා දීම මග හැරේ. මන්ද ඔවුන් මෙම රෝග ලක්ෂණ වරදවා වටහා ගැනීම නිසාය. එම නිසා මෙම රෝග ලක්ෂණ හොදින් හදුනා ගැනීම වැදගත්ය.
 
AHA පවසන ලෙස මෙය කකුල්වලට, උදරයට, අත් වලට හා හිසට ගමන් කරන පර්යන්ත ධමනි පටු වීමකි. එය කකුලේ ධමනි වල බහුලය. පර්යන්ත ධමනි රෝග ඇති කරන්නේ ධමනි පටු හා අවහිර කරන atherosclerosos මගිනි. PAD ඇති පුද්ගලයන්ට හදවත් රෝග වැළදීමේ සම්භාවිතාව ඉතා වැඩිය.

 

හේතු

WebMD අනුව මිට හේතු වන්නේ දුම් බිම, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් තත්ත්ව, බර වැඩි වීම හා ක්‍රියාකාරී නොවීමයි. එසේම දියවැඩියාව එය තවත් උග්‍ර කරයි.

 

රෝග ලක්ෂණ

·         ඔබ ව්‍යායාමකරන විටදී ඇති වන පසුව නැතිවන කකුල් වේදනා
·         දැවිල්ල
·         හිරිවැටීම
·         සෙමින් සුව වන තුවාල
·         ආසාදිත ප්‍රදේශ අන් ප්‍රදේශ වලට වඩා සීතල වීම
·         දිලිසෙන සම (අත් හෝ පාද ආසාදනය වී ඇත්නම්)
·         පාද වල රෝම නැති වීම
·         පාද වල සෙමින් නාඩි වැටීම
සමහර පුද්ගලයන්ට වේදනා ගෙන නොදේ. එසේම රෝග ලක්ෂණ නොපෙන්වයි. එයට හේතුව වන්නේ ආසාදිත ප්‍රදේශයේ අවහිර වූ නහර වලට වඩා අලුත් නහර වැඩීමයි.

 

රෝග විනිශ්චය

PAD හි රෝග විනිශ්චය සැමවිටම නිවැරදි නොවේ. AHA ට අනුව ඔබට එම රෝගය වැළදී ඇද්ද යන්න ඔබේ වෛද්‍යවරයාට සොයා ගත හැකි මගක් ඇත. වෛද්‍යවරයාට ඔබේ කකුලේ රුධිර පීඩනය අතේ රුධිර පීඩනය හා සංසන්දනය කරන වළලු කර brachial index පරික්ෂා කළ හැක. කෙනෙක්ගේ තත්වය බරපතල නම් වෛද්‍යවරයාට MRI, CT Scan සහ angiography කළ හැක.  මෙමගින් අවහිරතාව ඇති ස්ථානය සොයා ගත හැක.

 

ප්‍රතිකාර හා වළක්වා ගැනීම

AHA ට අනුව PAD ට ප්‍රතිකාර ලබා දීමේදී වන්නේ රෝග ලක්ෂණ අඩු කිරීම හා තවත් වර්ධනය වීම වැළකීමයි. මෙහිදී වෛද්‍යවරයා ඔබගේ ජිවන රටාවේ වෙනස්කම් පිළිබදව අවධානය යොමු කරයි.
·         ශාරීරික ක්‍රියාකාරිත්වය වර්ධනය
·         සෞඛ්‍යමත් ආහාර වේලක් ගැනීම
·         දුම් බීමෙන් වැළකීම
·         අධි රුධිර පීඩනය අඩු කිරීමට බෙහෙත් ගැනීම හෝ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීම
PDA ට ප්‍රතිකාර කිරීම හා එය වැලැක්වීම යන දෙකම එක හා සමානය. PDA ඇති වීම වැලැක්විමට ඔබ නිතර ව්‍යායාම කළ යුතුය. සෞඛ්‍යමත් ආහාර ගත යුතුය. දුම් බිමෙන් වැළකිය යුතුය. එසේම ඔබේ රුධිර පීඩන හා කොලෙස්ටරෝල් මට්ටම් ගැන පරික්ෂා කළ යුතුය.
අවසාන ලෙස අවහිර වූ ධමනිය විවෘත කිරීමට angioplasty කිරීමට හා stent insertion ක්‍රියාවලිය සිදු කළ යුතු ලෙඩුන් ප්‍රමාණය ඉතා අඩුය.