Guru Suwendra Sami Thuma sinhala wal katha 2013

Rudira Wargaya රුධිර වර්ගය

 

රුධිර වර්ග වන A, B, AB සහ O යන රුධිර වර්ග වලින් අපි සැවොම අපේ උපතේදීම එක රුධිර වර්ගයකට හිමිකම් කියනවා.
විශේෂඥයන්ගේ අදහස් වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම එයටම අනන්‍ය වූවිශේෂ ලක්ෂණයන් තිබෙනවා. අද මේ ලිපිය මගින් ඔබහා සාකච්ඡා කිරීමට සුදානම් වන්නේ මේ රුධිර වර්ග හතරෙහිම ඇති විශේෂත්වයයි.

රුධිර වර්ගය සහ දරුවන්

මිනිසුන්ගෙන් 85% පමණ ප්‍රතිශතයකගේ රුධිරයේ RH අගය ධන අගයක් ගනු ලබනවා. උදාහරණයක් විදිහට අපිවිවාහක යුවලක් ගමු. කාන්තාවගේ රුධිරයේ RH සෘණ අගයක් ගෙන පිරිමි පුද්ගලයාගේ රුධිරයේ RH ධන අගයක් ගන්නවානම් ඒ යුවලට දාව ඉපදෙන ළමුන්ගේ රුධිරයේ RH අගය ධන බවට පත්වනවා. එමනිසා මේ දරුවන්ට යම් සෞඛ්‍යය ගැටළු ඇතිවීමේ අවධානම තරමක් වැඩි වන්නට පුළුවන්.

රුධිර වර්ගය සහ රෝග

මිනිසාට වැළදෙන ඕනෑම රෝගී තත්වයක් මේ රුධිර වර්ග හතරම හිමි ඕනෑම අයෙකුට වැළදෙන්නට පුළුවන්. එමනිසා ඔබට වැළදෙන රෝග පිළිබදව නිසි අවධානයකින් ඉදලා මේ රෝග සුවකර ගන්න එක ඔබේම වැඩක්.

රුධිර වර්ගය සහ පෝෂණය

ඔබේ රුධිර වර්ගය කුමක්ද කියන එක ඔබ දැනගත් පසු ඔබේ සෞඛ්‍යයට වාසි වන ආහාර මොනවාද කියන එක ඔබට තීරණය කිරීම ඉතාමත් පහසු ක්‍රියාවක්. ඒවගේම ඔබ විසින් වැලකී සිටිය යුතු ආහාර වර්ග තීරණය කිරීමත් වඩාත් පහසු වනවා.
 A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වනවා.
 O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් ප්‍රෝටීන් බහුල ආහාර වන මස්  සහ මාළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනවා.
AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් මේදය අඩු මස් වර්ග සහ මුහුදු ආහාර කෙරෙහි වැඩි ඇල්මක් දක්වනවානම් එය වඩාත් සුදුසු වනවා.
අවසාන වශයෙන් B වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින් වැඩි වශයෙන් රතු මස් තමයි ආහාරයට ගතයුතු වන්නේ.
රුධිර ප්‍රතිදේහක “Blood antigens”
රුධිර ප්‍රතිදේහ රුධිරයේ මෙන්ම, ආහාර ජීර්ණ මාර්ගයේ, පෙනහළු තුල, නාස්පුඩු තුල, මුඛයේ සහ මහ බඩවැලේත් අන්තර්ගත වනවා.
රුධිර වර්ගය සහ මානසික ආතතිය
O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින්ට මානසික ආතතිය වැඩි කරවන තත්වයකින් පසුව අනෙත් පුද්ගලයින්ට වඩා සන්සුන් වීමට වැඩි කාලයක් ගත වනවා.

රුධිර වර්ගය සහ ශරීරයේ බරෙහි ඇතිවෙන ගැටළු

ශරීරයේ සිදුවන බරෙහි යම් වෙනස්  කම් වලටත් රුධිර වර්ගය බලපානවා. O වර්ගයේ රුධිරය හිමි වැඩි පිරිසකගේ ඉදිරියට නෙරා ආ උදරයක් දැකගන්නට පුළුවන්. ශරීරයේ බරෙහි ඇති වෙන මෙවන් ගැටළු වලට මුහුණ නොදෙන පුද්ගලයින් විදිහට A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයින්  නම් කරන්නට පුළුවන්.

රුධිර වර්ගය සහ ගර්භනීභාවය

AB වර්ගය හිමි කාන්තාවන්ගේ “follicle-stimulating” හෝමෝනය නිපදවීම අඩු නිසා අනෙත් කාන්තාවන්ට වඩා ඉක්මණින් ගැබිනියක් වීමේ හැකියාව තිබෙනවා.

රුධිර වර්ගය සහ හදිසි අවස්ථා

හදිසි අවස්ථාවක රුධිර පාරවිලයනයක් (එක් අයෙකුගේ රුධිරය තවත් අයෙකුගේ ශරීරයට ඇතුලත් කිරීම) සිදු කිරීමට අවශ්‍ය වූ විට මතකයෙ හි තබාගත යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. ඒ, O වර්ගයේ RH අගය සෘණ වන පුද්ගලයන්ට ඕනෑම රුධිරයක් හිමි පුද්ගලයෙකුට රුධිරය ලබා දීමටත් AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට ඕනෑම රුධිර වර්ගයක් ලබා ගැනීමටත් හැකි වීමයි.