Ruwa Rakaganimata Purana Rahas රුව රැකගැනීමට පුරාණ රහස්

 

රුව රැකගැනීමට පුරාණ ඉන්දියානු ඊජිප්තු රහස්

 

ළචඝආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්ළඉරඝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යළඉරඝ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයළඉරඝ කැලණිය විශ්වවිද්‍යාලයළඉරඝ ළරැචඝ ළචඝඑක් එක් ඍතුවට ගැළපෙන පරිදි විවිධ චර්ම ආලේපන වර්ග වසර 1,500ක් පමණ පැරැණි “අෂ්ටාංග හෘදය” නම් ග්‍රන්ථයේ දැක්වේ.ළඉරඝ තෙල් වර්ග සහ ගිතෙල් මුසු විවිධ ආලේපන මුහුණ අලංකරණය සඳහා යොදාගෙන ඇත. ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට, කෙස් කළු කිරීමට, කෙස් වර්ධනය කර ගැනීම, අකලට කෙස් සුදු වීම වැළැක්වීම ආදී වශයෙන් කෙස්වල සුන්දරත්වය වර්ධනය කරන විස්මිත යෝග විශාල සංඛ්‍යාවක් දක්වා ඇත. කෙස් සුවඳවත් කිරීම සඳහාද නොයෙකුත් ඖෂධ වර්ග හා ෂැම්පු වර්ග පිළිබඳ වට්ටෝරු හමුවේ.ළරැචඝ ළචඝඑමෙන්ම මුඛ සෞඛ්‍ය වර්ධනය කරගැනීමටත් අවධානය යොමුකර ඇති බව පෙනේ. මුඛ සුගන්ධකාරක ද්‍රව්‍ය බොහොමයක් ආයුර්වේදයේ පවතී.ළඉරඝ මේ සියල්ලම පිළිබඳ හොළරැචඝ ළචඝඳින් නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ වර්තමාන රූපලාවණ්‍ය පිළිබඳ තොරතුරුවල ඉතිහාසය බොහෝ ඈතට දිවයන බවයි.ළඉරඝ ආයුර්වේද “ක්‍රියා කල්ප”ළඉරඝ සම පැහැපත් කර තරුණ බවක්, ඇති කරන ඖෂධ සහ ප්‍රතිකාර “ක්‍රියා කල්ප” ලෙස හැඳින්වේ. ක්‍රියාකල්ප අනුගමනය කිරීමෙන් සම පැහැපත් වෙනවා පමණක් නොව, කෙස් කළුවන්ව වර්ධනය වේ. ඇස්වල පෙනීම වැඩිදියුණු වේ.ළරැචඝ ළචඝසම (මුහුණේ) පැහැපත් වීමටළඉරඝ සමේ ඇති ලප කැළැල් ඉවත්කර ආකර්ෂ”ය පැහැපත් සමක් ඇතිකර ගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම සහ සෞඛ්‍යමත් ආහාර පාන ගැනීමත් අවශ්‍ය වෙනවා පමණක් නොව සෞඛ්‍යාරක්‍ෂක ආලේපන වර්ග භාවිතයද කළ හැකිය.ළඉරඝ අසමෝදගම් කොළ, කොහොඹ කොළ, කීකිරිඳිය කොළ, මුඩමහන කොළ සහ නිකකොළ යන ඒවා පවනේ වියළා කුඩුකර එයින් ස්වල්පයක් එළකිරි සමඟ දිනපතා පානය කිරීමෙන් මුහුණ පැහැපත් වෙනවා.ළරැචඝ ළචඝසමේ මියගිය මතුපිට සෛල ඉවත්කර පැහැපත් සුමුදු සමක් ඇතිකර ගැනීමට ශිරීෂ කොළ , කරඳ කොළ, දේවදාර, දාරුහරිද්‍රා යන ඖෂධ වර්ග සියුම්ව කුඩුකර ඒවා පුලුස්සා එම අළු ජලයේ මිශ්‍රකර දින 3කින් මුහුණේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනවා.ළරැචඝ ළචඝමේ ආකාරයට සම පැහැපත් වීමට පමණක් නොව මුහුණේ තොල් වැනි අවයවවලට වඩා සුන්දර පෙනුමක් ලබාදීම සඳහාද විවිධ දුර්ලභ ඖෂධ වට්ටෝරු ආයුර්වේද පතපොතෙහි සඳහන් වේ.ළඉරඝ තොල් පැළීමටළඉරඝ තොල් වියළී ගිය විට ඒවා ඉක්මනින් තුවාල වීමට ඉඩ තිඛෙනවා. එවිට වේදනාව පමණක් නොව, අවලස්සන බවක්ද ඇති වෙනවා.ළඉරඝ අමු ඛෙලි මද තන කිරි සමඟ මිශ්‍රකර තොල්මත ආලේප කිරීමෙන් තොල් වියළී යෑම වළකිනවා. තොල් පැළීමද වළකිනවා.ළරැචඝ ළචඝඅනවශ්‍ය රෝම ඉවත් කිරීමටළඉරඝ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට නෙල්ලි හා තිප්පිලි යන දෙවර්ගය වරා කිරිවලින් අඹරා ආලේප කිරීම සුදුසුය. සමහර අයගේ සමෙහි අසාත්මිකතා පැවැතිය හැකි බැවින් එහි කල්පනාවෙන් කළ යුතුය. මුහුණේ ආලේප කිරීමෙන් වැළකීම වඩා සුදුසුයි.ළරැචඝ ළචඝකුරුලෑවලටළඉරඝ සමේ ඇතිවන කරදරකාරී කුරුලෑ ඉවත් කිරීමට කොත්තමල්ලි, වදකහ, ලොත්සුඹුළු සහ සුවඳකොට්ටම් යන ඒවා සමවගෙන ඇල් ජලයෙන් අඹරා මුහුණේ ආලේප කළ හැකිය. එමඟින් කුරුලෑ ඉවත්වේ.ළඉරඝ මුඛය සුවඳවත් වීමටළඉරඝ සුවඳ කොට්ටම්, තගර, සාදික්කා, කපුරු කොළ සහ කරාබු නැටි යන ඒවා සමව ගෙන ඒවා තම්බා එම ජලයෙන් කට සේදීමෙන් මුඛය සුවඳවත් වේ.ළරැචඝ ළචඝකෙස් සුදුවීම වැළැක්වීමටළඉරඝ අකලට හිසකෙස් සුදුවීම වැළැක්වීමට නම් එයට පාදක වන කරුණුවලින් වැළකිය යුතුය. හිස පිරිසුදුව තබාගත යුතු වන පමණක් නොව පෝෂණය නිසි පරිදි පවත්වාගෙන යුතුය.ළඉරඝ නිතර සුදුසු ඖෂධීය තෙල් වර්ගයක් ආලේපකර හිස සම්බාහනය කළ යුතුය.ළරැචඝ ළචඝකීකිරිඳිය, ත්‍රිපලා, වියළි කහ, සහ යබොරවලට තල තෙල් මිශ්‍රකර සාදා ගන්නා තෙල් හිසෙහි ආලේප කිරීමෙන් කෙස් අකලට සුදුවීම වළකිනවා පමණක් නොව ඉස්හොරිද ඉවත් වෙනවා.ළරැචඝ