Wijesundara Sami - විජෙසුන්දර සාමි
Hot Kello

Salada Kola සලාද කොළ

 

Lactuca sativa ලැක්ටියුකා සැටයිවා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන සලාද කොළ ගුණ ඇති ශාඛමය ආහාරයකි. පෝෂණය අතින් සැලකූ විට මෙහි වැඩි ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි.
මෙහි ප්‍රෝටීන් හිතකර මේදය, කාබෝහයිඩ්‍රේට්, ආහාරමය කෙදි සහ සීනි අන්තර්ගත වේ. කෙදි දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 5 ක්ද, ප්‍රෝටීන් සියයට 3 ක්ද කාබෝහයිඩ්‍රේට් සියයට 1 ක්ද කැලරි  සියයට 1 ක්ද අන්තර්ගත වේ. සලාද කොළ වඩාත්ම අන්තර්ගත පෝෂක කොටස් වනුයේ විටමින් සහ ඛනිජ වර්ගයි.
විශේෂයෙන්ම කැල්සියම්, යකඩ මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තයමීන්, රයිබෝප්ලේවීන්, නියසීන්, ෆෝලේට් විටමින් B, C, විටමින් E, C, K, අන්තර්ගත වේ. මෙය විටමින් ඛනිජ ලවණ අතින් ඉතා පොහොසත්ය.
මෙහි පොටෑසියම් බහුලයි. දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 217 ක් අන්තර්ගත වේ. එසේම රෝග ගණනාවකට ගුණදායි ආහාරයකි. අමුවෙන් ආහාරයට ගන්නා නිසා ඉහත සදහන් විටමින් ඛනිජ ලවනවල පෝෂණය ආරක්ෂා වේ.
රෝග ගණනාවක ප‍්‍රදාහ තත්ත්ව ශරීර ඉදුමුම ආසාදනවලට ගුණදායි ආහාරයකි. එසේම සිරුරේ ස්නායු පද්ධතියට ඉතා වැදගත් වේ. විශේෂයෙන් ස්නායු ආබාධ නිසා ඇති වන අමතකවීම් සදහා ඉතා ගුණදායකය. එසේම ස්නායු විනාශවීම පාලනය කරනු ලබයි. ස්නායු පද්ධතිය ආරක්ෂා කරන ආහාරයකි.
විශේෂයෙන් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහාද, දියවැඩියා රෝගීන්ටද ඉතා ගුණදායි ආහාරයකි. අනවශ්‍ය හෘද ස්පන්දන වේගය පවා අඩු කරනු ලබයි. අධික රුධිර පීඩනය ද හෘද ස්පන්දන වේගය පවා අඩු කරනු ලබයි. අධික රුධිර පීඩනය ද අඩු කරනු ලබයි.
එසේම ප‍්‍රතිශක්ති කාරක ගුණය ඉතා ඉහළය. බැක්ටීරියා නාශක ගුණය ඇත. නොසන්සුන් බව, මානසික ආතතිය, පීඩනය පාලනය කරනු ලබයි. ප‍්‍රතිපිලිකා නාශක ගුණය ඇත. අස්ථි ශක්තිමත් කිරීමට පරිවෘත්තීය කි‍්‍රයා (මල පිට කිරීම) වැඩි දියුණු කිරීමට ඉතා ගුණදායකයි. අධික තරබාරුව පාලනයට ද ඉතා වැදගත්ය.
ඇල්සයිමා රෝගීන් සඳහා ද, ගර්භනී මවුවරු සඳහාද ගුණදායකය. අක්මාවට හොද ඖෂධයකි. තවද මලපහ පිටකිරීම පහසු කරන ආහාරයකි. සිරුරට ඉතා හිතකර සංයෝග වන ඔමෙගා 3 ෆැටී ඇසිඞ් ඇත. මෙහි ශරීරයට හිතකර ප්‍රෝටීන් අන්තර්ගත වේ. මෙය ආහාරයට ගන්නා විට තනිකර සලාදයක් වශයෙන් හෝ නැතිනම් ආහාරය අලංකාර කිරීමට සැරසිල්ලක් ලෙසින් ද කෙටි කෑම සදහාද යොදා ගත හැකිය.

 

  • උපදෙස් | ආයූර්වේද විශේෂඥ වෛද්‍ය නිමාලි සොලොහොකාර