Sandi Weedanawa සන්ධි වේදනාව
යම් අයෙකුට අස්ථි වල ඇතිවන වේදනාව සහ සන්ධි දුර්වල වීම මහත් පීඩාකාරී වගේම නිදන්ගත වේදනා තත්වයනුත් ඇති වී වෙනත් විවිධ සෞඛ්‍යය ගැටළු පවා ආති වන්නට මුල් වන කරුණක්. අස්ථි වල වේදනාව ප්‍රධාන වශයෙන් වයස්ගත වීම නිසා ඇතිවුවත් අප එදිනෙදා සිදුකරන ක්‍රියාකාරකම්, ශරීරයට ඇතිවන ආභාද, රක්තවාතය, ඔස්ටියෝ – ආතරයිටිස්, ආතරයිටිස් සහ ප්‍රතිදේහමය රෝග මේ වේදනාවන් සඳහා ප්‍රභලවම බලපානවා.
මේ කෙසේ වුවත් ඔබටත් අස්ථි වල සහ සන්ධි වල වේදනාවක් ඇතිවනවා නම් මේ වේදනාව ඉවසාගෙන නොසිට වේදනාව සමනය කිරීම සඳහා කුමක් හෝ ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම ඔබේ සෞඛ්‍යයට වඩාත් හිතකර වනවා.
සම්පූර්ණ වශයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය සහ බලගතු ඖෂධීය ගුණයක් අන්තර්ගත වන මේ බෙහෙත් වට්ටෝරුව අස්ථි සහ සන්ධි වල වේදනාව සඳහා ඔබටත් භාවිතා කරන්න පුළුවන්.
මේ බෙහෙත් වට්ටෝරුවේ අන්තර්ගත වන ඉඟුරු සතු වන වේදනා නාශක බලය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරදීමත්, කැරට් සතුවන පෝෂණ ගුණය මගින් සන්ධි නැවතත් සවිමත් කර දී අස්ථි වල සෞඛ්‍යය තත්වය වර්ධනය කරදීමත් සිදුවනවා.
අවශ්‍ය වන ද්‍රව්‍ය…
· සෙන්ටි මීටර් 2ක් පමණ වන නැවුම් ඉඟුරු අලයක්
· කැරට් අල 5 ක් හෝ 6 ක්
· සෙන්ටි මීටර් 1 ක් පමණ වන වන කහ අලයක්
· කිරි 250 ml
උපදෙස්…
ඉඟුරු අලය සහ කහ අලය හොඳින් ගාගන්න. ගාගත් ඉඟුරු සහ කහ සමග අනෙත් අමුද්‍රව්‍යත් බ්රේන්ඩරයකට එක්කර මෘදු මිශ්‍රණයක් වන තෙක් හොඳින් අඹරා ගන්න.(මේ ප්‍රමාණය එක් දිනක් සඳහා පමණක් ප්‍රමානවත් වේ.)
භාවිතය…