Advertisement
Hot Kello

Shareeraya Winasha Karana Ahara ශරීරය විනාශ කරන ආහාර

 

අපි සෑම කෙනෙකුටම කුරුලෑ ඇතිවනවා.

සාමාන්‍යයෙන් කුරුලෑ වැඩිපුරම ඇතිවන්නේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ටයි. නමුත් ශරීරයේ සිදුවන හෝමෝන අසමතුලිතතාවයන් නිසා ඕනෑම වයස් පරතරයක සිටින පුද්ගලයෙකුට කුරුලෑ වැනි ආසාත්මිකතා ඇතිවන්නට පුළුවන්.

හෝමෝන වල සිදුවන වෙනස්කම් නිසා ඇතිවන කුරුලෑ අන්තරාසර්ග අසමතුලිතතාවය “ endocrine imbalance ” ලෙස හඳුන්වනවා. කාන්තාවන්ට නම් මේ තත්වය ඔවුන්ගේ ඔසප් සමය තුලදී සහ ඔසප් සමයට පෙර ඇතුව ඇති වනවා.

කාන්තාවකගේ ශරීරය තුල නිසියාකාරව හෝමෝන නිපද නොවීම නිසා ශරීරය තුල ඇති විෂ සහිත සංඝටක ඉවත්වීම මන්දගාමී වනවා. මේ හේතුව ප්‍රධාන කොට ගෙන සමේ කුරුලෑ සහ දැවිල්ල වැනි සෞඛ්‍යය ගැටළු ඇතිවනවා.

හෝමෝන වල සමබරතාවය බිද වට්ටන ආහාර වර්ග පහකින් ඔබව දැනුවත් කිරීමටයි අද අපි සිතුවේ.

 

කැෆේන්

උදෑසනම ලැබිය යුතු ජවය ලබා ගන්නට කැෆේන් ඔබට අවශ්‍ය වුවත්. කැෆේන් මගින් සමේ ප්‍රතිශක්තිකරණයට භාදා පමුණුවනවා. කැෆේන් අඩංගු පාන වර්ග සහ තේ නිතරම පානය කිරීම මගින් ශරීරයට අවශ්‍ය වන B විටමින්, මැග්නීසියම් සහ සින්ක් කපා හැරීමක්ද සිදුවනවා.

 

ග්ලූටන්

ග්ලූටන් මගිනුත් කිරි ආහාර මගින් ශරීරයට කෙරන බලපෑමට සමාන බලපෑමටක් සිදුවනවා. ග්ලූටන් අඩංගු වන ආහාර (පාන්පිටි හා කෙටි ආහාර) වර්ග වැඩි ලෙස පරිභෝජනය කිරීම මගින් බඩවැල් තුල දැවිල්ල වැනි තත්වයන් ඇතිවී හෝමෝන මට්ටමට භාදා ඇති වනවා. ඒ වගේම, මෙමගින් වෙනත් සෞඛ්‍යය ගැටළු ඇතිවීමේ අවදානමද වැඩි වනවා.

 

කිරි ආහාර

කිරි ආහාර නිෂ්පාදිත වැඩි වශයෙන් පරිභෝජනය කිරීම නිසා ශරීරයේ තිබිය යුතු හෝමෝන මට්ටම අධික ලෙස ඉහළ නගිනවා. ඒ වගේම, කිරි ආහාර වැඩි ලෙස පාරිභෝජනය කිරීම නිසා බඩවැල් වල පාරගම්‍යතාවය වැඩිවන “ leaky gut syndrome ” නමැති සෞඛ්‍යය ගැටලුවත් ඇති වනවා.

පමණට වඩා කිරි ආහාර නිෂ්පාදිත ලබා ගැනීම නිසා ශරීරයේ කුරුලෑ සහ ඒ හා සමාන වෙනත් වේදනාකාරී සෞඛ්‍යය ගැටළු ඇතිවනවා.

 

කැනෝලා “ Canola ”, සූරියකාන්ත, සැෆ්මල් සහ එළවළු තෙල්

ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන මෙවන් තෙල් වර්ග තුල ඔමේගා 6 සහ ඔමේගා 3 මේද අම්ල වැඩි වශයෙන් අන්තර්ගත වනවා.

ඔමේගා 6 වැනි මේද අම්ල වැඩි වශයෙන් ශරීර ගතවීම නිසා ඊස්ට්‍රෝජන් වැනි හෝමෝන අසමතුලිත කර කුරුලෑ ආදිය වැඩි වශයෙන් ඇතිකරනවා.

 

සෝයා

සෝයා තුල හෝමෝන අසමතුලිත කිරීමට සමත් වන “ phytoestrogens ” යන සංයෝගය අන්තර්ගත වනවා. ඔබට නිතරම වාගේ හෝමෝන වෙනස් වීම නිසා මුහුණේ කුරුලෑ ලප කැළැල් ඇතිවනවා නම් සෝයා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නෑ. විවිධ ආහාර නිෂ්පාදනය සඳහා සෝයා අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කරන නිසා සෝයා අඩංගු ආහාර පරිභෝජනය කිරීමේදී වාඩාත් සැලකිලිමත් වන්න.

(http://healthtips.lk)