Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ
Hot Kello

Shariraya Labadena Sanghna ශරීරය ලබාදෙන සංඥා

 

මිනිස් ශරීරය යනු එක විටමනමුත් ස්වාධීනව ක්‍රියාකරන පද්ධති ගණනාවකින්ම සැදුම් ලත් සංකීර්ණ යාන්ත්‍රනයක් බව අප සැවොම දන්නා කරුණකි. අපේ ශරීරයේ කුමන හෝ ගැටළුවක් ඇත්නම් අපට එය හැගේ නැතහොත්  දැකිය හැක. යම් රෝගයක රෝග ලක්ෂණ හා තත්වයන් නියම වේලාවට දැන ගැනීම හා අවබෝධ කර ගැනිම වැදගත්ය.
එම නිසා අප ඔබට මෙම ලිපිය මගින් ශරීරය ලබා දෙන නොසලකා හැරිය නොයුතු සංඥා 10ක් පිළිබද විස්තර ලබා දේ. අවාසනාවන්ත ලෙස ශරීරය ලබා දෙන මෙම සංඥා පිළිබද අවධානය යොමු කරන පුද්ගලයන් ප්‍රමාණය අඩුය. එසේම ඔවුන් පමාවී ක්‍රියාත්මක වේ.

 

වියළි සම

එය විටමින් E ඌනතාවයේ සලකුණකි. එයට නිසි වේලාවට ප්‍රතිකාර ලබා දිය යුතුය. වැඩිපුර alomonds, ධාන්‍ය, ගෝවා, එළවළු තෙල්, නිවිති, මාළු හා බිත්තර ආහාරයට ගන්න. එය ශරීරයේ විටමින් E ප්‍රමාණය වැඩි කරයි.

 

හානි වූ කෙස් හා නියපොතු

මෙය විටමින් D හා කැල්සියම් ඌනතාවය නිසා සිදු වේ. මෙම ගැටලුව විසදීමට ඔබ අර්තාපල්, broccoli වැනි එළවළු ආහාරයට ගත යුතුය. උණු නොකරන ලද කිරි, kefir සහ යෝගට් ද එසේම පැළවුණු තිරිගු සහ ධාන්‍ය ද ලබා ගන්න.

 

සීනි සදහා ආශාව

මෙසේ වන්නේ ඔබේ ස්නායු පද්ධතිය විඩාවට පත්ව ශක්තිය අවශ්‍ය කරන මොහොතකදීය. නමුත් මෙම අවස්ථා වලදී chocalate ආහාරයට නොගන්න. මී පැණි හෝ dark chocalate ලබා ගන්න.

 

ඇඹුල් සදහා ආශාව

ඔබට මෙවන් ආශාවක් ඇත්නම් එවිට ඔබේ අක්මාවේ හෝ පිත්තාශයේ ගැටලුවකි. එයට හේතුව අම්ල සහිත ආහාර විය හැක. මෙයට ප්‍රතිකාර ලෙස වැඩියෙන් දෙහි හා බෙරි ආහාරයට ගන්න.

 

මුහුදු ආහාර සදහා ආශාව

එය iodine ඌනතාවය නිසා ඇති වේ. වියළි මුහුදු පැළෑටි ආහාරයට ගැනීම මගින් මෙම ගැටලුව විසදිය හැක. තවද navy beans, tuna සහ මෝර මාළු ලබා ගන්න.

 

විදුරු මස් ලේ ගැලීම්

විටමින් C ඌනතාවයයි. ඔබට ප්‍රමාණවත් තරම් kale, broccoli, kiwi, තක්කාලි, මුං, මෑ සහ ගස්ලබු නිතරම අනුභව කළ යුතුය.

 

ලුණු සදහා ආශාව

එය ප්‍රජනන ඉන්ද්‍රියන්ගේ හා මුත්‍රාශයේ දැවිල්ල හා අසාදන නිසා ඇති වේ. අසහනය, කකුල්වල මස් පිඩු පෙරලීම්, අඩු නින්ද පොටෑසියම් හා මැග්නීසියම් ඌනතාවය නිසා සිදු වේ. මේ ඛනිජ දෙකේ ප්‍රමාණ වැඩි කිරීමට ඔබ වැඩිපුර ගෝවා, කජු, collard, හණ ඇට, සූරියකාන්ත ඇට හා alomond අනුභව කළ යුතුය.

 

වැලමිටි වල වියළි සම

එය විටමින් A හා C ඌනතාවයයි. වැඩිපුර වට්ටක්කා, දොඩම් හා කොට්ටන් ආහාරයට ගන්න.

 

අමු ආහාර

ඔබට එවන් ආශාවක් ඇත්නම් අමු එළවළු හා පළතුරු ආහාරයට ගන්න.