Advertisement
Hot Kello

Sooreyasis සෝරෛයසිස්

 

සෝරෛයසිස් නම් සමට වැළදෙන චර්ම රෝගයකි. මේ ආසාදන තත්වය ඇති වූ විට සමේ සෛල හරහා පැතිර යෑමක් සිදු වනවා.
සෝරෛයසිස් තත්වයෙන් ඇතිවන චර්ම රෝග හිස්කබල මත සමෙහි, යටිපතුලේ, වැලමිට ප්‍රදේශයෙහි, දණහිස් වල සහ දෑත් වැනි ස්ථාන වල තමයි වැඩි වශයෙන් ඇති වන්නේ.

 

සෝරෛයසිස් නම් චර්ම රෝගය වැළදුණු පුද්ගලයෙක්ගෙන් මෙවන් රෝග ලක්ෂණ දැකගන්නට පුළුවන්.

·         සමෙහි රතු පැහැති ලප ඇති වී දැවිල්ලක් ඇතිවීම
·         නියපොතු වල විවිධ ගැටළුකාරී තත්වයන් ඇතිවීම
·         සම මත කොරපොතු වැනි ලප ඇතිවීම
සමේ ඇතිවන විවිධ ආසාදන තත්වයන්, මානසික ආතතිය, අධික ලෙස ඇල්කොහොල් සහිත පාන වර්ග පානය කිරීම, සමෙ හි ඇතිවන විවිධ ආභාදිත තත්වයන්, ජාන වල ස්වභාවය, වියළි කාලගුණය, පානය කරන විවිධ ඖෂධ, දුම්පානය කිරීම (අක්‍රිය දුම්පානයත් ඇතුළුව) වැනි හේතු නිසා මේ සෝරෛයසිස් නම් චර්මරෝගය ඇතිවන බව තමයි වෛද්‍යවරුන් මත පළකරන්නේ.
කෙසේ වුවත් පහත සදහන් වන කරුණු හය ගැන නිසි අවධානයකින් යුතුව ක්‍රියා කිරීම මගින් සෝරෛයසිස් තත්වයට ලෙහෙසියෙන්ම සුවයක් ලබාගන්නට පුළුවන්.

 

මෘදු වන්න

 

සෝරෛයසිස් රෝගී තත්වයෙන් සමෙහි චර්ම රෝග ඇති වූ පුද්ගලයෙක් කිසි විටෙකවත් කලබලකාරී ස්වභාවයකින් සම කැසීම සිදු කිරීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. ආසාදනය වූ සම තදින් කැසීමට යාමෙන් රෝගී තත්වය උත්සන්න වන්නට පුළුවන්. ඒ වගේම විවිධ පවිත්‍ර කාරක වර්ග භාවිතයෙනුත් අධික උණු ජලය ස්නානය කිරීමෙනුත් වැලකී සිටියයුතුයි.

 

සමෙහි අධික දැවිල්ලක් ඇති වෙනවා නම් එය නොසලකා හරින්න එපා

 

මේ රෝගී තත්වය නිසා ඔබේ සමේ දැවිල්ලක් ඇතිවනවා නම් මේ තත්වය සුවකර ගැනීමට වෙනත් මගක් සෙවීමට ප්‍රථමයෙන් වෛද්‍යවරයෙකු  මුණගැසෙන්න අවශ්‍ය වනවා.

 

මේ පිළිබදව මානසිකව ලතවීමෙන් වැළකෙන්න

 

මානසික ආතතිය වැඩිවීමත් මෙවන් රෝගී තත්වයන් උත්සන්න වීම කෙරෙහි ලබපාන නිසා ඔබේ මානසික ආතතිය හැකිතාක් අවමකර ගන්න. සාමාන්‍ය පරිදි ව්‍යායාම සිදුකර සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. ප්‍රමාණවත් පරිදි නිදාගන්න. ඔබේ මනස සන්සුන් කරගැනීමට භාවනා ක්‍රම සහ යෝගා අභ්‍යාස කෙරෙහි අවධානය යොමු කරන්න.

 

ඉවසිලිවන්ත වන්න

 

මෙවන් රෝගී තත්වයක දී එක් අයෙකුට සිදු කළ පිළියමක් තත්වත් අයෙකුට නොගැළපෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ සෝරෛයසිස් තත්වයට නිසි විසඳුමක් ලැබෙන තුරු ඉවසිලිවන්ත වන්න.

 

හිරු එළියට නිරාවරණය

 

සෝරෛයසිස් තත්වය නිසා සමෙහි ඇති වූ ආසාදනයන් මතට පාරජම්බුල කිරණ පතිත වීම නිසා මෙම තත්වය උත්සන්න වන්නට පුළුවන්. ඒ වගේම නිරෝගී සමකට පවා හිරු එළිය අධික ලෙස පතිත වීම මගින් මෙවන් චර්ම රෝග ඇතිවන්නට පුළුවන්. ඔබ හිරු එළියට නිරාවරණයවී සිටින විට සම ආවරණය වන පරිදි ඇඳුම් පැළදීමට මතක තබාගන්න.
 

 

සමෙහි තෙතමනය රැකගන්න

 

සෑම අවස්ථාවකම වාගේ ඔබේ සමෙහි තතමනය රැකගැනීමට වගබලා ගන්න. ඔබ ස්නානය කිරීමෙන් පසුව තෙතමනය ආරක්ෂා කරදෙන තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න.

 

චර්ම රෝග විශේෂඥයෙක්ව මුණ ගැසෙන්න

 

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට මේ පිළිබදව විශාල දැනීමක් ඇති නිසා ඔබට ඇතිවී තිබෙන චර්ම රෝගී තත්වය පිළිබදව සියල්ල වෛද්‍යවරයාට පවසා සහනයක් ලබාගන්න.

 

අනෙත් පුද්ගලයන් හටත් මෙවන් රෝගීතත්වයන් ඇති බව දැනුවත් වන්න.

 

ලොව පුරා මිනිසුන් මිලියන 125 කට අධික ප්‍රමාණයක් සෝරෛයසිස් තත්වයෙන්පීඩා විදිනවා. ඔබටත් සෝරෛයසිස් තත්වය ඇති වෙලානම් ඔබ තනිවී නොමැති බව සිතෙහි තබා ගන්න. මෙවන් රෝගී තත්වයක් පිළිබදව ඔබේ මිතුරන් සහ පවුලේ උදවිය සමග කතා කරනවාට අමතරව මෙවන් රෝගී තත්වයක් ඇතිවී ඇති අයෙක් සමගම මේ පිළිබදව කතාබහ කරන්න. ඔබට අන්තර්ජාලය ඔස්සේ මෙවන් අයෙක් පහසුවෙන්ම සොයාගන්නට පුළුවන් වේවි.

 

මද උණුසුම් ජලය ස්නානය කරන්න

 

මද උණු ජලය ස්නානයකින් සෝරෛයසිස් තත්වය නිසා ඇතිවන කැසිල්ල සහ දැවිල්ලට සහනයක් සලසාගන්නට පුළුවන්. දිනකට විනාඩි 15 කාලයක් උණු ජලයේ ගිලි සිටින්න. උණු ජලයට “ bath oil ”, “ bath ge l”, ඔට් පිටි “ oatmeal ”, හෝ මුහුදු ලුණු සවල්පයක් එක්කර ගන්න.

 

සෝරෛයසිස් රෝගයට ස්වභාවික පිළියමක්

 

සෝරෛයසිස් රෝගී තත්වයේ රෝග ලක්ෂණ සුවකර දී ආසාත්මිකතා සඳහා සුවය සලසාගන්නට ඔබ ක්‍රීම් එකක් සමග කෝමාරිකා ජෙල් සහ අලිගැටපේර තෙල් එකට කවලම් කර ආලේපනයක් සකස්කර ආසාදන තත්වය ඇතිවී ඇති ස්ථාන වල ආලේප කරන්න. ඉන්පසුව ආසාදනය සුවවීම වේගවත් කිරීම සදහා ඖෂධීය ගුණ ඇති සගන්ධ තෙල් වර්ගයක් එම ස්ථානයේ ආලේප කරන්න.

 

මෙයින් එක් වර්ගයක් ඔබට භාවිතා කරන්නට පුළුවන්.

 

·         පිච්ච – වියළි සහ සංවේදී සමක් සඳහා
·         සඳුන් – විජලනය ඇතිවූ සංවේදී සහ දැවිල්ලෙන් පීඩා විදින සමක් සඳහා
·         ලැවන්දරා  – අධික ලෙස කැසීම සුවකර ගැනීම සඳහා
·         Geranium – වියළි සහ කසන සමක් සඳහා
·         Melissa – කසන සමට සුවය ලබාගැනීම සඳහා
·         Bergamot – සමෙහි ඇතිවූ කොරපොතු වැනි තත්වයන් සුවකර ගැනීම සඳහා
යම්කිසි හේතුවක් නිසා ඔබටත් සෝරෛයසිස් රෝගී තත්වය ඇතිවූවා නම් මේ පිළිබදව කණගාටු නොවී මේ උපදෙස් නිසියාකාරව පිළිපදින්න. ඔබට නිසැකවම මෙම රෝගී තත්වයට සුවයක් සලසාගැනීමට හැකි වේවි.