Guru Suwendra Sami Thuma sapna fernando bikini instagram new photos photoshoot model

Sudu Kabara සුදු කබර

 

මිනිස් සමට විවිධාකාර සෞඛ්‍යය ගැටළු ඇති වනවා. ඒ අතරින් සමෙ හි සුදු කබර ඇතිවීම යනු මිනිසාට මහත් පීඩාවක් ගෙන එන චර්ම රෝගයක්. සමෙහි සුදු කබර ඇති වූ පුද්ගලයින් විදින පීඩාව ඔබත් අත්විද තිබෙන්නට පුළුවන්.
අද අප ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ සුදු කබර ඇතිවීම වැනි සෞඛ්‍යය ගැටළු සඳහා භාවිතා කල හැකි ස්වභාවික පිළියම් කිහිපයක් ගැනයි.

 

පොල් තෙල්

 

සමෙහි ඇතිවන අවපැහැ ගැන්වුණු ස්ථාන නැවත සැකසීමටත් සමෙහි කාලාන්තරයක් පැවති දැවිල්ල වැනි තත්වයන් වලට සුවය සැලසීමටත් විශ්මිත හැකියාවක්පොල් තෙල් සතුවනවා. ඒවගේම, බැක්ටීරියා නාශක බලයන් සහ දිලීර නාශක බලයන් ද මේ පොල් තෙල් සතුවනවා. ඔබේ සමෙහි සුදු කබර ඇති වී ආසාදිත තත්වය ඇති වී ඇති ස්ථාන වල දිනකට දෙතුන් වතාවක් පොල් තෙල් ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය සති කිහිපයක්ම නොනවත්වා සිදුකරන්න.

 

කහ

 

කහ කුඩු සැලකිය යුතු ප්‍රමාණයක් ගෙන එයට අබ තෙල් තේ හැඳි කිහිපයක් එක්කර මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මිශ්‍රණය ඔබේ සමෙ හි සුදු කබර ඇති වූ ස්ථාන වල ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වනවා.
ඔබේ ශරීරයේ විවිධ ස්ථාන වල සමෙහි වැඩි වශයෙන් සුදුකබර ඇතිවී ඇත්නම් ඔබ එක්කර ගන්නා අබ තෙල් සහ කහ කුඩු ප්‍රමාණය වැඩි කර ගන්න. මේ මිශ්‍රණය දිනකට වාර දෙකක් ඔබේ ශරීරයේ ආලේප කරන්න.
ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න නම් මේ සත්කාර ක්‍රමය අව්රුද්දක කාලයක් නොනවත්වාම භාවිතා කරන්න.

 

මී පැණි

 

මී පැණි තුල අන්තර්ගත වන දිලීර නාශක බලය මගින් දිලීර නිසා ඇතිවන මෙවන් චර්ම රෝග ඉතා හොදින් සුවපත් කර සමෙහි පෙර තිබූ වර්ණය නැවතත් ලබා දෙනවා. ප්‍රථමයෙන් සබන් සහ ඇල්මැරුණු ජලය භාවිතා කර ඔබේ සමෙ හි සුදු කබර මගින් ආසාදනය ඇති වී ඇති ස්ථානය හොදින් සෝදා පිරිසිදු කර තෙත සිඳවා ගන්න. ඉන් පසුව මීපැණි මෙම ස්ථාන වල ආලේප කර සමට උරාගැනීමට සලස්වන්න. මේ ආකාරයට සති කිහිපයක් හෝ මාස කිහිපයක්  මීපැණි සත්කාරය සිදුකිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්වේවි.

 

තඹ “Copper” සමග ජලය

 

අපේ ශරීරයට තඹ අවශ්‍ය වන්නේ ශරීරය තුල මෙලනින් වර්ධනය වැඩිවීමටයි. තඹ කෙණ්ඩියක් ගෙන එයට ජලය පුරවා රැයක් පහන් වනතුරු කාමර උෂ්ණත්වය යටතේ තබන්න. (මේ සඳහා ඔබට ඕනෑම තඹ බදුනක් භාවිතා කරන්නට පුළුවන්) පසුදා උදෑසන එයින් ජලය වීදුරුවක් ගෙන උදෑසන හිස්බඩ ම පානය කරන්න. මේය සෑම උදෑසනකම සිදුකරන්න. තඹ කෙන්ඩිය මගින් තඹ අයන ජලයට නිකුත් කරන නිසා මේ ජලය පානය කිරීම මගින් ශරීරයේ මෙලනින් නිපදවීම වැඩිවී සමෙහි සුදු කබර ඇතිවීමට සුවයක් ලබාගන්නට පුළුවන්.

ගෝවා යුෂ

නැවුම් ගෝවා පත්‍ර කිහිපයකින් යුෂ ලබාගෙන සමෙහි සුදු කබර ඇති වූ ස්ථාන වල ආලේප කරන්න. මෙසේ ආලේප කිරීමෙන් පසුව විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් සිට ඇල් මැරුණු ජලයෙන් මේ ස්ථාන සෝදා පිරිසිදු කරගන්න. මේ සත්කාර ක්‍රමයත් සුදු කබර සුවකර ගැනීම සඳහා නිසැක ප්‍රතිකාරයක් වනවා.

 

විටමින් B  සහ C

 

ඇතැම් පුද්ගලයින්ගේ සමේ හි සුදු කබර ඇතිවීම සඳහා විටමින් B සහ C ඌනතාවයන් බලපානවා.
දිනපතා විටමින් B ආහාරයට ගැනීම මගින් සුදු කබර ඇතිවීම වගේම අජීර්ණ තත්වයනුත් සුවකරගන්නට පුළුවන්.
ශරීරයට විටමින් C ලැබීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර සමෙහි ඇතිවන චර්ම රෝග වලට සුවයක් ලබාදීමත් සිදුවනවා. විටමින් C බහුල පළතුරු සහ එළවළු වර්ග නිතර ආහාරයට ගන්න. ඒ වගේම ඔබට මේ විටමින් වර්ග වලින් සපිරි පාන වර්ගත් සකස්කරගෙන පානය කරන්නට පුළුවන්. එයින් ඔබේ ආහාර ජීර්ණයත් වෙගවත් කරගෙන සුදු කබර ඇතිවීමේ අවදානමෙනුත් ලෙහෙසියෙන්ම මිදෙන්නට පුළුවන්.

 

අවවාදයයි: මේ ඕනෑම ස්වභාවික සත්කාරයක් සිදු කිරීමට පෙර වෛද්‍ය උපදෙස්ලබාගැනීම ඉතාමත් වටිනා බව සිතෙහි තබාගන්න.