Advertisement
Hot Kello

Sundara Nethu Sagalakata Upades සුන්දර නෙතු සඟලකට උපදෙස්

 

සුන්දර නෙතු සඟලක් හිමි කරගැනීමට උපදෙස් මාලාවක්

 

දෑස්වලට අහිතකර ලෙස බලපාන එදිනෙදා ජීවිතයේ පුරුදු

 

  • දිගුවේලාවක් පරිගණකය දෙස බලා සිටීම.
  • රාත්‍රියෙහි නිදිවැරීම
  • නිසි ප්‍රමිතියෙන් තොර අව්කාණ්ණාඩි භාවිතය
  • ප්‍රමිතියෙන් තොර දෑස් ආලේපන භාවිතය.
  • දිගු වේලාවක් රෑපවාහිනිය නැරැඹීම.
  • සියුම් දේ දෙස බොහෝ වේලාවක් විරාමයක් නොලබා බලා සිටීම (මෙවැනි අවස්ථාවක ඔබ මොහොතක විරාමයක් ගෙන නොපෙනෙනා ඈත දුර දෙස බලාසිටින්න. ඉන් දෑසට විවේකයක් ලැබෙනවා.
  • මේ කාරණාවලට අමතරව සෙම, කොලෙස්ටරෝල් රෝගාබාධ නිසාද දෑස් වටා කළු පැහැවෙනවා.

 

සුන්දර නෙතු සඟලක් උදෙසා කළ හැකි දේවල් කිහිපයක්

  • පිපිඤ්ඤා පෙති දෙකක් සිහින්ව කපා එය දෑස්මත තබාගෙන මිනිත්තු 20 ක් පමණ හිඳින්න.
  • තේ මණ්ඩි දෑස්වටා මිනිත්තු 20 ක් පමණ කාලයක් තබා ඉවත් කරන්න.
  • කෝමාරිකා යුෂ දෑස්වටා ගල්වා විනාඩි 10 ක් තබා පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.
  • අර්තාපල් පෙති 2 ක් සිහින්ව කපා දෑස්මත තබා සෝදා හරින්න.
  • අමුක්කරා කුඩු, යෝගට් / මී කිරි / එළකිරි සමග මිශ්‍රකර දෑස්වටා ආලේපකර මිනිත්තු 30 කින් පමණ සෝදා හරින්න.
  • තම්බාගත් රාබු අලයක් පැයක් පමණ එළකිරිවල බහා තබා තලපයක් සේ සාදාගෙන දෑස් වටා ආලේප කරන්න.

දෑස්වටා අඳුරු පැහැය ඉහත ප්‍රතිකර්ම මගින් මගහරවා ගත හැකි අතර ඔබට සෙම හෝ කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් ඇත්නම් පළමුව ඒ සඳහා ප්‍රතිකාර සිදුකරන්න.

 

දෑස්වල නිරෝගි බව සහ දීප්තිය ගෙනෙන ව්‍යායාමයක්

පළමුව ඉහළත් දෙවනුව පහළත් ඉන්පසුව වම සහ දකුණත් බලන්න. ඊළඟට ඇස වටයක් කරකවන්න. ක්‍රම ක්‍රමයෙන් වේගය වැඩි කරමින් මෙය වරකට දස වාරය බැගින් සිදු කරන්න.

දෑස්වල ඉහළ සහ පහළ වෙන් වෙන්ව දෑසේ මුල සිට අග දක්වා මෘදුලෙස ඉතා සෙමින් සම්බාහනය කිරීමද යෝග්‍යයයි.

 

ගත යුතු ආහාර පාන

දිනපතා සමබල ආහාර වේලක් ලබාගැනීම, නැවුම් එළවළු පලතුරු ඔබේ ආහාර වේලට එක්කර ගැනීම වගේම දිනකට අවශ්‍ය ප්‍රශස්ත ජල පරිභෝජනයද දෑස් නිරෝගීව හා දීප්තිමත්ව පවත්වාගැනීමට හේතු වෙනවා.