Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ
Hot Kello

Therapum Laksha තෙරපුම් ලක්ෂ Health Sinhala

 

ආතතිය සමග ගනුදෙනු කිරීම සඳහා එකිනෙකාට අනන්‍ය වූ ක්‍රමවේදයන් අප සියලු දෙනාටම පවතිනවා. ඇතැමුන් අව්ව සහිත මුහුදු වෙරළ සොයා යන අතර ඇතැමුන් වයින් වීදුරුවක් පානය කිරීම සිදු කරනවා. තවත් සමහරුන් ආතතිය මගහැරීම සඳහා තමන්ගේ වැඩ කටයුතුවලට වැඩි අවධානයක් ලබාදීම සිදු කරනවා. මේ සෑම ක්‍රමයකටම ඒවාට අනන්‍ය වූ වාසි මෙන්ම අවාසි ද පවතිනවා.
විශේෂයෙන්ම පීඩනයෙන් පෙළෙන සෑම මොහොතකම මෙකී ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකියි. මේ නිසා තෙරපුම් ලක්ෂ්‍යයන් නිවැරදිව තෙරපීම ඉතාම ඉක්මන් සහ කාර්යක්‍ෂම දීර්ඝකාලින විසඳුම ලෙස හඳුනාගත හැකියි. තෙරපීම මගින් ශරීරයට හා මනසට විවිධ මට්ටම්වල ආචරණයන් ප්‍රේරණය කරගත හැකි ශරීරයේ විවිධ ප්‍රදේශයන් තෙරපුම් ලක්ෂ්‍යයන් ලෙස හැඳින්වේ.
හිස්කබල
 
හිස්කබලේ තෙරපුම් ලක්ෂ්‍යයන් ගණනාවක් පවතිනවා. මෙම ලක්ෂ්‍යයන් තෙරපීම මගින් කාර්යක්‍ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස ආතති මට්ටම අඩු කරගැනීමට හැකි වෙනවා. මෙහිදී ඔබට ඔබේ කාර්යාල පුටුවේ වාඩි වීමෙන් අනතුරුව පිටුපසට හේත්තු වී ඇඟිලි දෙකක් භාවිත කරමින් බෙල්ල සහ හිස්කබල සම්බන්ධ වන ස්ථානය තත්පර 20 ක් හොඳින් සම්බාහනය කිරීම සිදුකළ යුතු වනවා. උරහිසේ සහ බෙල්ලේ පේශි මගින් දවස පුරා එක්රැස් කරගන්නා පීඩනයට මෙම තෙරපුම් ලක්ෂ්‍යය සම්බාහනය කිරීම මගින් සහනයක් ලබාගත හැකි වෙනවා.
කණ
 
මෙම තෙරපුම් ලක්ෂ්‍යය Shen Men (ජීව ගුණයේ ගේට්ටුව) ලෙස හඳුන්වනවා. ඇතැම් විශේෂඥයන් ප්‍රකාශ කරන ආකාරයටපීඩනය සමනය කිරීම සඳහා ශරීරයේ පවතින හොඳම තෙරපුම් ලක්ෂ්‍යය මෙයයි. එමෙන්ම ප්‍රතීකජනක මධ්‍යස්ථානයක් ලෙස ශරීරයේ පවතින ඉදිමුම් තත්වයන් සමනය කිරීමට මෙන්ම ශරීරයේ පවතින වේදනාවන් නැති කිරීමටද මෙම ලක්ෂ්‍යය සම්බාහනය කිරීම හේතු වෙනවා. විශේෂඥයන් නිර්දේශ කරන ආකාරයට කොට්න් බඩ් එකක් හෝ පෑනක් මගින් මෙම ලක්ෂ්‍යය සම්බාහනය කරමින් ඒ අතරතුර ගැඹුරු සහ වේගය අඩු ආශ්වාස ප්‍රාශ්වාසයන් ගැනීම සිදු කළ යුතුයි.
 පපුව
 
ආතතික තත්වය ඔබට හුස්ම ගැනීම අමතක කිරීම හෝ නොගැඹුරු ආශ්වාස ප්‍රාශ්වසයන් සිදු කිරීමට පොළඹවනු ඇත. මෙම තෙරපුම් ලක්ෂ්‍යය තෙරපීමෙන් පපුව මගින් එක්රැස් කරගන්නා ලද පීඩනය අඩු කර නැවත සාමාන්‍ය ආකාරයට හුස්ම ගැනීමට ඔබව යොමු කරනු ඇත. මෙම ලක්ෂ්‍යය තෙරපීම සඳහා ඇඟිලි තුනක් භාවිත කළ යුතු අතර එසේත් නැතහොත් එක ඇඟිල්ලක් මගින් මගින් පපුව ප්‍රදේශය රිද්මයාකාරව තට්ටු කරමින් ගැඹුරින් හුස්ම ගැනීම සිදු කළ යුතුයි. ඔබට බොහෝ කල් පවතින ආතතික තත්වයක් පවතිනවා නම් මෙම ලක්ෂ්‍යය සම්බාහනය කරමින් ඇහිබැම දෙක අතර පවතින ලක්ෂ්‍යය ද සම්බාහනය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. එමගින් මෙම ලක්ෂ්‍යයන් දෙක අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඔස්සේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීම සිදු වෙනවා.
උදරය
 
බොහෝ චිකිත්සකවරු ආතතිය අඩු කිරීම සඳහා මෙම ලක්ෂ්‍යය සම්බාහනය කරන අතර මෙමගින් පපුවට සහ මහා ප්‍රාචීරයට නිදහස් චලනයන් සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී ශ්වසන ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා. මෙම සම්බාහනය සිදු කරගන්නා රෝගීන් අනිච්ඡානුගවම ගැඹුරු ප්‍රශ්වාසයන් සිදු කරන අතර සහනදායි බවක් සංවේදනය වූ බවට ප්‍රතිචාර දැක්වීම සිදු කරනවා.
යටිබාහුව
 
මෙම තෙරපුම් ලක්ෂ්‍යය සම්බාහන චිකිත්සාව සහ කටු චිකිත්සාව සම්බන්ධව අතීතයේ පටන් පිළිගත් ලක්ෂ්‍යයකි. ආතතිය සහ ව්‍යාකූලත්වය නිසා ශරීරය තුළ ප්‍රතිලෝම ශක්තියක් ගලා යාම සිදු වනවා. මෙම ලක්ෂ්‍යය තෙරපීම මගින් එම ප්‍රතිලෝම ශක්තිය යථා තත්වයට පත්කිරීම සිදු කරනවා. එමගින් ඔබේ ශරීර ශක්තිය ක්‍රමවත් ලෙස චලනය කිරීමට දායක වන අතරම ආතතිය ඉවත්කර  මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීමට ද උදව් වෙනවා.
අත්ල
 
මෙම ලක්ෂ්‍යය තෙරපීම සිදු කරන අවස්ථාවේදීම ඔබේ ආතතික තත්වය ඉවත්ව යනු ඔබට සංවේදනය වනු ඇත. මෙම ලක්ෂ්‍යය පිහිටා තිබෙන්නේ ශරීරයේ මර්මස්ථානයකය.  (ශක්තිය ගලා යන මාර්ගයක) මෙමගින් හදවත, අක්මාව හා අග්න්‍යාශයට ශක්තිය ගලා යාමට බලපෑම්සහගත කාර්යයක් ඉටු කරයි.
විශේෂඥයන් විශ්වාස කරන ආකාරයට ඔබ මුහුණදෙන ආතතික තත්වයන්ගෙන් වැඩි ප්‍රමාණයක් අක්මාවේ ගබඩා වී පවතිනවා. එමනිසා මෙම ලක්ෂ්‍යයට තෙරපුමක් සිදු කිරීම ඉතාම කාර්යක්‍ෂම ප්‍රතිඵල ලබා දෙනවා. එමෙන්ම ආතතියේ රෝග ලක්ෂණයන් ලෙසද හඳුන්වන හිසරදය, උදරාබාධ, අජිර්ණයන්, සහ නින්ද නොයාමේ තත්වයන් සඳහා ඉක්මන් සහනයන් ලබාගැනීමටද මෙම සම්බාහනය ප්‍රයෝජනවත් වෙනවා.
කෙන්ඩ
 
ඔබේ ශරීරයේ උඩ කොටසට ආතතික තත්වයක් දැනෙනවා නම්, මෙම ලක්ෂ්‍යය සම්බාහනය කිරීම මගින් උපරිම සහනයක් ලබාගැනීමට හැකි වනු ඇත. අධික ආතතියක් සහිතව කටයුතු කරන අයගේ  මෙම ප්‍රදේශය ඉතාම මොළොක් ස්වභාවයක් ගන්නා අතර කාන්තාවන් අතර මෙම තත්වය සුලබව දැකගත හැකිය.
පාදය
 
මෙම ලක්ෂ්‍යය සම්බාහනය කිරීම මගින් ආතතියකින් යුතු මනසක් නැවත නැවතත් ආතතියට හේතු වූ කරුණ පිළිබඳව සිතීම මගහැරීම සිදුකරනවා. ඇතැම් චිකිත්සකයින් විශ්වාස කරන්නේ මෙම ලක්ෂ්‍යය සම්බාහනය කිරීම  අග්න්‍යාශයික ගැටළු සඳහා පිළියම් කිරීමට පවතින හොඳම මර්මස්ථානය බවයි. පාදයේ මධ්‍යය සම්බාහනය කිරීම මගින් රෝගීන්ට ආතතිය යටපත් කර ශරීරය පිළිබඳව වැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව ලබා දෙනවා.