Rukshan Jayathilaka

පුරුෂ උපත් පාලන කොපු /කොන්ඩම් (Male Condom)

 පුරුෂ උපත් පාලන කොපු /කොන්ඩම් (Male Condom)උපත් පාලන ක්‍රම -  benefits of condom, Condom, Family Planing, Female condom, Male condom, prevention of STD, උපත් පාලන කොපු, කොන්ඩම්, පවුල් සැලසුම් ක්‍රම, පුරුෂ උපත් පාලන ක්‍රම, ලිංගාශ්‍රිත රෝග

උපත් පාලන ක්‍රම අතරින් කොන්ඩම් වලට විශේෂ තැනක් හිමිවෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ එය මැතකාලීනව ඉහල ගිය ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කිරීමට දායක වීම හා භාවිතය පහසු භාවිතයයි.

 

කෝඩමය යනු රබර් (ලේටෙක්ස්) වලින් සෑදු උපත් පාලන ක්‍රමයක් වන අතර මෙයට අවශ්‍යතාවය අනුව විවිධ ද්‍රව්‍යය මිශ්‍ර කර තිබීමට පුලුවන්

  • 1 උපත් පාලන කොපුවල වාසි මොනවාද? (Advantages of Male Condoms)
  • 2 උපත් පාලන කොපුවල අවාසි මොනවාද? ( Disadvantages of Male Condoms)
  • 3 උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද? (Proper Way to use the Condom)
  • 4 කොන්ඩමයක් ඉවත් කිරීම (Removal of Condom)
  • 5 උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ. (Common misuses of Condoms)
    • 5.1 නැවත නැවත භාවිතය
    • 5.2 විවිධ ස්නේහක භාවිතය.
    • 5.3 අප්‍රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම
  • 6 උපත් පාලන කොපු ලබා ගත හැක්කේ කෙසේද?
  • 7 උපත් පාලන කොපු වෙනුවට ඇති වෙනත් විසදුම් මොනවාද? (Alternatives for Condoms)

උපත් පාලන කොපුවල වාසි මොනවාද? (Advantages of Male Condoms)

මෙය අනෙකුත් උපත් පාලන ක්‍රම වලට සාපේක්ෂව කෙටිකාලීන උපත්පාලන ක්‍රමයක් ලෙස වඩා පහසු හා වඩා කාර්්‍යක්ෂම වී ඇත. එලෙසම මෙහි ඇති පහත් සඳහන් වාසි නිසා මෙය උපත් පාලන ක්‍රමයක් ලෙස වඩා වැදගත් වේ.

  • පහසුවෙන් ලබා ගත ගැකිය
  • මිල අවමය
  • විශේෂිත දැනුමක් අවශ්‍යය නොවේ.
  • සමාජ රෝග වලින් විශේෂ ආරක්ෂාවක් ලබාදේ.

උපත් පාලන කොපුවල අවාසි මොනවාද? ( Disadvantages of Male Condoms)

තවමත් සමාජය තුල උපත පාලන කොපු භාවිතය පිලිබඳ අවබෝධය අඩුවීම මෙහි කර්යක්ෂමතව අඩු වීමට හේතුවක් වී ඇත.

  • ලේටෙක්ස් වලට අසාත්මික පුද්ගලයන්ට සුදුසු නොවේ. ඔවුන් ඒ වෙනුවට වෙනත් ද්‍රව්‍යකින් සැදු කොපු පැලදිය යුතුය.
  • ඉදහිට පිපිරීම සිදුවිය හැකි අතර එමගින් ගැබ් ගැනීම් ඇතිවිය හැකිය
  • සමහර පුද්ගලයන්ට අනුව ලිංගික ස්පර්ෂය අවම වේ.
  • නැවත නැවත භාවිත කල නොහැක.

උපත් පාලන කොපු නිවැදිව භාවිත කරන්නේ කෙසේද? (Proper Way to use the Condom)

  1. නිසි පරිදි සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්න
  2. පලුදු වු ඒවා ඇත්නම් පැකට්‍ටුව සමගම ඉවත් කර දමන්න.
  3. භාවිතයට පෙර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කර බලන්න.
  4. පැකට්‍ටුව විවෘත කිරීමට කතුරු වැනි ආයුධ භාවිතා නොකරන්න. එමගින් කොපුවට හානි පැමිනිය හැකිය
  5. විවෘත කල පසු පළමුව ඉදිරිපස කොටස මඩක් තදකර වාතය හිරවී ඇත්නම් ඉවතට යාමට සලස්වන්න.
  6. ඉන්පසු එය ප්‍රාණවත් වු ශිෂ්ණය මත පලදින්න.

උපත් පාලන කොපුවක් පලදින අයුරු.

කොන්ඩමයක් ඉවත් කිරීම (Removal of Condom)

සංසර්ගයෙන් පසු කොන්ඩමය ඉවත් කිරීම සහකාරිය විසින් සිදුකිරීම වඩාත් උචිතය. මෙහිදී කඩදාසි කැබැල්ලක් භාවිතයෙන් එය ඉවත් කරන්න. පසුව එය ඔතා උනාශ කර තබන්න. කිසි විටෙක වැසිකිලි තුලට නොදමන්න.

උපත් පාලන කොපු භාවිතයේදි නොකල යුතුදේ. (Common misuses of Condoms)

නැවත නැවත භාවිතය

සමහර පුද්ගලයන් සේදීමෙන් පසුව නැවත වරක් භාවිතා කිරීම සිදුකරන අවස්ථා දක්නට ලැබේ. එබැවින් එවැනි ක්‍රියා මගින් වලකින්න.

විවිධ ස්නේහක භාවිතය.

කොන්ඩමය සමග නිෂ්පාදනයේදීම ස්නේහක ද්‍රව්‍යය ඇතලත් කර ඇත. එබැවින් නැවත වරක් ඒවා භාවිත කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවහොත් ඒවා පුපුරා යාමට වැඩි ඉඩක් පවතී.

 

අප්‍රාණික ලිංගේන්ද්‍රය මත පැලදීම

මෙයද නිසි මෙහි නිසි කාර්යක්ෂමතාව නැතිවීමට හේතු වී අත.

 

උපත් පාලන කොපු ලබා ගත හැක්කේ කෙසේද?

මෙවා ඕනැම ෆාමසියකින් කිසිදු වෛද්‍යය නිර්දේශ පත්‍රයක් නොමැතිව ලබා ගත හැකිය.ඒවා විවිධ නම්වලින් දක්නට ලැබෙන අතර ඔබගේ පවුල් සෞඛ්‍යය නිළධාරීන් මගින්ද ලබා ගත හැකිය.

උපත් පාලන කොපු වෙනුවට ඇති වෙනත් විසදුම් මොනවාද? (Alternatives for Condoms)

උපත් පාලන කොපු හැරුණු විට තවත් විවිධ වු උපත් පාලන ක්‍රම පවතින අතර ඒවා ඔබගේ අවශ්‍යතාව අනුව ලබා ගත හැකිය. ඒ අතර ස්ත්‍රී කොන්ඩම, ලූප් ,ගිලින පෙති මෙන්ම තවත් විවිධ ක්‍රම පවතී.