Rukshan Jayathilaka

හෝමෝනමය උපත් පාලන පෙති ( Hormonal Contraceptive Pills)

Upath palana Pethi උපත් පාලන පෙති උපත් පාලන ක්‍රම, ලිංගික අධ්‍යාපනය (Sexual Education) -  Family Planing, hormonal pills, Mithuri pills, sex education, උපත් පාලන ක්‍රම, උපත් පාලන පෙති, ගිලින පෙති, පවුල් සැලසුම් ක්‍රම, මිතුරි පෙති

අද වන විට පවුල් සැලසුම් ක්‍රම(Family planing methods) විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ අතරින් උපත් පාලන පෙති (Oral contraceptive pills) විශේෂ ස්ථානයක් ගනී. උපත් පාලන පෙති යනු හෝමෝනමය උපත් පාලන ක්‍රමයක් වන අතර ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටොරෝන්(Estrogen and Progesterone) යන හෝමෝන විවිධ අනුපාතයන් අනුව මිශ්‍රකර ඒවා නිපදවා ඇත. එමෙන්ම මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වන අතර භාවිතයද ඉතා පහසුය.

උපත් පාලන පෙති කා සඳහාද?

උපත් පාලන පෙති දිනපතා පාවිච්චි කලයුතු උපත් පාලන ක්‍රමයක් වන අතර ඕනැම අවස්ථාවක නවතා දැමිය හැක. ඉන්පසු දරුවන් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කටයුතු කල හැක. එලෙසම ඉතා පහසු හා ලාභදායි ක්‍රමයක් වන අතර විශේෂයෙන් නව යුවල් අතර මෙය ජනප්‍රිය උපත්පාලන ක්‍රමයක් වන බව පෙනේ.

ඔබ උපත් පාලන පෙති පාචිචිය සඳහා නොසුදුසුද?

විශේෂයෙන් උපත් පාලන පෙති සඳහා යොමුවීමට පෙර ඔබ සැකහැර දැනගත යුතු රෝග කිහිපයක් වේ. ඒ අතර විවිධ හෘද රෝග, අක්මා රෝග හා රුධිරය ආශ්‍රිත රෝග පවති. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

1. හෘද අකර්මණ්‍යතාව (Coronary Heart Disease), අංශභාගය (Strokes),
2. රුධිරය කැටිගැසීමේ රෝග (Bleeding disorders)
3. අක්මාව ආශ්‍රිත රෝග (liver disease)
4. අධික රුධිර පීඩනය (Hypertension)
5. ඉරුවාරදය (Migraine)
6. අධික තරබාරුබව (Obasity)

උපත් පාලන පෙති භාවිතයේ වාසි

1. පහසුවෙන් ලබා ගත හැකිය.
2. මිල අඩුය.
3. කෙටි කාලීන වශයෙන් වඩා ප්‍රතිඵලදායකය.

උපත් පාලන පෙති භාවිතයේ අවාසි

1. කෙටි කාලීනය.
2. දිනපතා ලබාගත යුතුවේ
3. පෙති මගහැරීම නිසා අනවශ්‍යය ගැබ්ගැනීම් බහුලය.

උපත් පාලන පෙති ලබාගැනීමේදි ඇතිවන සංකූලතා

1. රුධිර කැටි ගැසීමේ රෝග, අධිරුධිර පීඩනය වැනි රෝග උත්සන්න වීම
2. වමනය
3. කලන්තය
4. හිසරදය
5. පියයුරු ආශ්‍රිත වේදනාව

පෙති ලබාගත යුතු ආකාරය

මෙම පෙති පැකට්‍ටුවක පෙති 28ක් බැගින් පවතින අතර ඔබගේ ඔසප් චක්‍රය අනුව එවා පෙලගස්වා ඇත. පැකට්‍ටුවේ පසුපස පෙත්තේ පෙති ලබාගතයුතු ආකාරය ඊ හිසක් මගින් දක්වා ඇත. ඔබ පෙති ලබා ගැනීම සඳහා දිනයේ විශේෂ වේලාවක් වෙන්කර තබාගත යුතු අතර මෙය දින දර්ශනයක සටහන් කිරීමද වැදගත් වේ.

පැකට්‍ටුවේ ඇති පලමු පෙති 21 හෝමෝනමය පෙති වන අතර ඒවා දිනපතා ලබාගත යුතුය. අවසාන පෙති 7 යකඩ අඩංගු ඒවා වන අතර ඒවාද අවසන් වනතුරු දිගටම පෙති පාවිච්චි කල යුතුය. එක් පැකට්‍ටුවක් අවසන් වීමේන් පසු ඊලග පැකට්‍ටුව ආරම්භ කළ යුතුය.

එලෙසම ඔබ ඉහත සඳහන් රෝගී තත්ත්ව වලින් පෙලේනම් භාවිතයට පෙර වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ. එලෙසම ඉහත සඳහන් සංකුලතා ඇතිවේනම් උපත් පාලන පෙති නවතා දැමීම හෝ වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීම සුදුසුය.