Rukshan Jayathilaka
∎ පැරණි ස්වාභාවික උපත් පාලන ක්‍රමවලදී ආර්තව චක`යේ සරු හා නිසරු කාලයේ පෙන්වන ලක්ෂණ උපයෝගි කර ගනී.
1. කැලැන්ඩර් ක්‍රමය
2. මූලික දේහ උෂ්ණත්ව ක්‍රමය
3. ගැබ් ගෙල ස්‍රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම


කැලැන්ඩර් ක්‍රමය

∎ කැලැන්ඩර් ක්‍රමය අනුගමනයට පෙර කාන්තාව විසින් අවම වශයෙන් චක්‍ර හයකවත් චක්‍රයකට අයත් දින ගණන ගණනය කළ යුතුවේ.

∎ මාසික ශුද්ධිය පටන් ගන්නා දවස පළමු දිනය ලෙස ගනු ලැබේ.

සරු කාලය ගණනය කිරිම
• ප්‍රථමයෙන් එම කාන්තාවගේ කෙටිම ආර්තව චක්‍රයෙන් දින දහඅටක් අඩු කළ යුතු අතර දිගම ආර්තව චක්‍රයෙන් දින දහයක් අඩු කළ යුතුය.

• එවිට ලැබෙන මූල් අගය සරු කාලයේ පළමු දවස අතර දෙවන අගය සරු කාලයේ අවසාන දිනය වේ.

• මෙම කාලය තුළ සංසර්ගයෙන් වැළකි සිටීම කළ යුතුවේ.

සාර්ථක අසාර්ථක භාවය
සාමාන්‍යයෙන් 25%ක පමණ අසාර්ථක වේ.

දේහ උෂ්ණත්ව ක්‍රමය

∎ එහිදි ඒ සඳහා විශේෂිත වූ උෂ්ණත්වමාන භාවිතා කරනු ලැබේ.

∎ මෙහිදී උෂ්ණත්වමානය ඇඳ අසලම තිබිය යුතු අතර රාත්‍රීයේ නින්දට යාමට පෙර එය ගසා එහි උෂ්ණත්වය 35°c ට වඩා අඩු අගයක තිබිය යුතු වේ.
∎ උදේ අවදිවීමෙන් පසු ඇඳෙන් බැසිමට පෙර උෂ්ණතවය මැනිය යුතු වේ. උෂ්ණත්වමානය මුඛයේ තබා උෂ්ණත්වය මැනීම ප්‍රමාණවත් වේ.

∎ සෑම විටම එකම උෂ්ණත්වමානය භාවිතා කළ යුතු අතර උෂ්ණත්මානය බිඳී ගිය හොත් භාවිතයට අතිරේක උෂ්ණත්වමානයක් තිබිය යුතුවේ.

∎ එලෙස මැනගන්නා ලද උෂ්ණත්වය ප්‍රස්ථාරයක සටහන් කළ යුතු වේ.

∎ උෂ්ණත්වය සිරස් අක්ෂයටත් දින ගණන තිරස් අක්ෂයටත් ගෙන ප්‍රස්ථාරය අඳින අතර මාසික ශුද්ධිය පටන් ගන්නා දිනය පළමු දිනය ලෙස යොදා ගනී.

∎ එම මැනගන්නා උෂ්ණත්ව රේඛාවකින් යා කළ යුතු අතර අලුත් ආර්තව චක්‍රයක් සඳහා අලුත් ප්‍රස්ථාරයක් ඇඳිය යුතුවේ.

∎ ඩිම්බ හරණයෙන් පසු උෂ්ණත්වය 0.2°c කින් පමණ වැඩිවන අතර එම වැඩිවීම අනිත් ආර්තව චක්‍රය පටන් ගන්නා තුරුම පවතී.

∎ ඩිම්බ හරණය වී ඇති ලෙස ගනු ලබන්නේ එක දිගට දින තුනක උෂ්ණත්ව ඊට පෙර ඇති දින හයක උෂ්ණත්ව වලට වඩා වැඩි අගයන් පෙන්වුවහොත් පමණි.

∎ එවිට නිසරු කාලය ලෙස ගනු ලබන්නේ එම උෂ්ණත්ව වැඩි වී දින තුනකට පසු සිට ඊළග ආර්තව චක්‍රය පටන්ගන්නා දින දක්වාය.

වාසි

∎ හෝමෝන හාවිතය නිසා සිදුවන අතුරු ආබාධ නොමැති වීම .

∎ මෙම ක්‍රමයෙන් ඉවත් වීමත් සමග ඉක්මනින්ම දරුවන් ලැබීමේ හැකියාව සාමාන්‍ය තත්ත්වයට පත් වීම.

අවාසි

∎ මෙය හාවිත කළ හැක්කේ ක්‍රමවත් ඔසප් චක්‍ර පවතින කාන්තවන්ට පමණි.
∎ සමාජ රෝගවලීන් ආරක්ෂාව නොලැබේ.
මවු කිරි පමණක් ලබා දීම

• මව් කිරි ලබා දීමේදී ‍ප්‍රොලැක්ටින් ස්‍රාවය වැඩිවන අතර එමගින් ඩිම්බ මෝචනය සිදුවීම වැළකීමත් සිදු වේ. මෙම ක්‍රමය මවට මාස ශුද්ධිය ඇතිවන තෙක් බොහෝ දුරට සාර්ථක වන අතර ඉන්පසු ඇය විසින් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතු වේ.
• මෙම ක්‍රමය නිවැරදි ව භාවිත කරන්නේ නම් පළමු මාස හය තුලදී නැවත ගර්භණි තත්වයට පත් වනුයේ 0.5% ක් වැනි සුලු පිරිසකටය. නමුත් මව් කිරි දීම සාර්ථක නොවීම හේතුවෙන් එය බොහෝ දුරට 2% දක්වා වැඩිවේ.
වාසි

∎ මෙම ක්‍රමය දරුවා බිහි වූ පසු සිටම ආරක්ෂාව සැපයීම සිදු කරයි.
∎ ප්‍රසූතියෙන් පසු මවගේ බර අඩු වීමටද උපකාර වේ.

අවසි

∎ නැවත සරු බවට පත් වන කාලය නිශ්චිතව දැන ගත නොහැකි වීම.
∎ මව එච්.අයි.වී ආසාදිතයකු නම් මෙම ක්‍රමය භාවිතා කිරීමට නොහැකි වීම.

ගැබ් ගෙල ස්‍රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම

• ආර්තව චක්‍රයේ මුල් කාලයේ ඊස්ට්‍රජන් වල බලපෑම හේතුවෙන් ගැබ්ගෙල ස්‍රාවය වීම වැඩිවන අතර එය එය ඇදෙන සුලු ස්වභාවයකට පත්වේ.

• ඩිම්බ හරණයෙන් පසු සිදු වන ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම හේතුවෙන් ගෑබ්ගෙල ස්‍රාවය අඩුවන අතර එය වියළි ස්වභාවයක් පෙන්වයි. මෙම තත්වය මාසික ශුද්ධිය වන තුරුම පවතී.

• ගැබ්ගෙල ස්‍රාවය අධික හා ඉතාමත් ඇදෙන සුලු තත්වයට පත් වී දවස් හතරකට පසු හා අනිත් ආර්තව චක්‍රයේ මාස ශූද්ධිය වන කාලය අතර කාලය ආරක්ෂිත කාලය ලෙස දැක්විය හැක.