Somawathi Gurumaiyo සෝමාවතී ගුරුමෑණියෝ sinhala wal katha 2013

Wambatu Wala Guna වම්බටු වල ගුණ

 

නිතර නැවුම් පළතුරු හා එළවලු පරිභෝජනයට ගැනීම නිසා ලෙඩ රෝග හා වෙනත් තත්ත්වයන් පිළිබද අඩු අවධානමක් පවතී. වම්බටු යනු ජනප්‍රියම එළවලුවක් නොවේ. නමුත් එය පෝෂ්‍ය ගුණ වලින් අනුනය. එසේම ඔබේ සෞඛ්‍යසම්පන්න බවට හේතු වේ. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, එසේම තන්තු, නැසුනින් හා ක්ලොරෝජෙනික් අම්ල අඩංගුය. මෙම එළවලුව ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැලදීමේ අවධානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි.

 

ඔබේ ආහාර වේලට තවත් වම්බටු එක් කර ගැනීමට හේතු 8ක් මෙන්න.

 

01. එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වලකයි.
02. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටු වලට ඔබේ කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කල හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසිම කල යුතුය.
03. වම්බටු වල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි.
04. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, බොහෝ විට එළවලු වල මතුපිට පවතින පයිටෝනියුට්‍රියන්ට්ස් නිසා ඔබගේ මොලය පෝෂණය කරයි.
05. වම්බටු ඔබගේ රුධිරයේ සිනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි ජාරක තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි.
06. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කලහැක.
07. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා  අනෙකුත් ඛනිජ වර්ග වම්බටු වල අඩංගුය.
08. කැලරි නොමැති නිසා බර අඩු කිරීමට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තු වලින් අනුන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි.