Piyasena Guruthuma පියසේන ගුරුතුමා sinhala wal katha 2013

Wda Mal Yusha වද මල් යුෂ

 

වද මල් යුෂ අපි එදිනෙදා ජීවිතයේ දී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. සාමාන්‍ය වද මල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන බව තායිවාන පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙනවා. වද මල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants)  රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව ඉහත පර්යේෂණය මෙහෙය වූ චූං ෂාං වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය එච්. ජොං වැං පවසනවා.

 

සම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයට අනුව හදවත් රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා වද මල් යොදාගැනීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය වැනි ආසියාතික රටවල සුලභව දක්නට ලැබෙනවා. එහෙත් වද මලේ මේ ගුණය විද්‍යාත්මකව සනාථ කළ පළමු වතාව මෙය බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.