Ranbanda Guruthuma kallange selfe

Weedana Warga වේදනා වර්ග

 

බටහිර වෛද්‍ය විද්‍යාවේදී විශාල වශයෙන් අතපසු කරන ලද සම්බන්ධයකි ශරීරය හා මනස අතර සම්බන්ධය. බොහෝ විට මිනිසුන්ට කය හා අධ්‍යාත්මය අතර සම්බන්ධයක් අත් දැකීමට සිදු වන නිසා මෙම අතපසු කිරීම විශාල වරදකි. පහත කරුණු ඔබත් අනුගමනය කර සාකුල්‍ය වූ සෞඛ්‍ය තත්වයකට මග පාදා ගන්න.
1.      හිසරදය
දවස පුරා වූ ආතතිය නිසා හිසරදය වැනි හිසේ වේදනාකාරී තත්ත්ව ඇති විය හැක. සැමදිනම යම් විවේක වේලාවක් ගෙන ආතතිය සැහැල්ලු කරගන්න.
2.      බෙල්ලේ වේදනා
බෙල්ලේ වේදනා නිතර ඇත්නම් ඊට හේතුව වන්නේ ඔබ අතීතයේ විවිධ වැරදි කර ඇති අතර ඔබ තවමත් ඒවාට ඔබටම සමාව දී නොමැති කමයි. මෙයට පිළියම වන්නේ ඔබ ඔබටත් ඔබ වටේ සිටින අයටත් සමාව දීමට ඉගෙන ගැනීමයි.
3.      උරහිස් වේදනා
ඉන් අදහස් වන්නේ ඔබ විශාල චිත්ත සන්තාපයක් දරා සිටින බවයි. ප්‍රශ්නයකට උර දීම යන කියමනද පැමිණ ඇත්තේ මෙලෙසිනි. ප්‍රශ්නයට විසදුමක් සෙවීම පිළිබද අවධානය යොමු කරන්න. එසේම ඔබේ ගැටලුව ඔබේ හිතවතුන් සමග බෙදා ගන්න.
4.      පිට කොන්ද වේදනා
මේ ආකාර වේදනා පෙන්වා දෙන්නේ ඔබට චිත්ත ආධාරකයක් නොමැති බවයි. මේ අවස්ථා වලදී ඔබට ඔබ හුදකලා යයි හැගේ. ඔබ තවමත් තනිකඩ නම් කොහේ හෝ යන්න. ගැටලුවට හොදම විසදුමක් සෙවීම පිළිබද අවධානය යොමු කරන්න.
5.      තුනටිය වේදනා
එය ඔබ මුදල් අර්බුදයක බව පවසයි. එසේ නම් ඔබට ලැබිය යුතු වැටුප් වැඩි කිරීමක් පිළිබදව විමසන්න. නැතිනම් මුදල් පාලනය පිළිබදව සිතන්න.
6.      වැලමිට වේදනා
මෙවන් වේදනා වෙනස් වීමට ඇති අකමැත්ත නිසා ඇති වේ. වෙනත් වචන වලින් නම් දරදඩු අත් දරදඩු ජිවිත කියා පායි. එයට විසදුම වන්නේ වෙනස්කම් වලට හා කැපකිරීම් කිරීමට හුරුවීමයි.
7.      අත්වල වේදනා
එයින් ඔබ සමාජ සබදතා ගොඩනගා ගැනීමට අකමැති පුද්ගලයෙක් බව පෙන්වයි. එනිසා අලුත් යහළුවන් ඇති කර ගැනීමට උත්සහ කරන්න. ඔබ හා රැකියා කරන අය සමග මිත්‍රශීලි ආහාර වේලක් ගන්න. නව සබදතා පිළිබද අවධානය යොමු කරන්න.
8.      නිතඹ වේදනා
එනම් ඔබ වෙනසකට බිය පුද්ගලයෙකි. එසේම ඔබ තීරණ ගැනීමට බියක් දක්වයි.
9.      දණහිස් වේදනා
දණහිස් වේදනා ඇත්නම් ඔබ මමත්වයෙන් පිරි පුද්ගලයෙකි. ඔබත් අන් අය හා සමානවම මිනිස් ජිවිතයක් ගත කරයි. එනිසා ඔබේ සුවිශේෂී බව හා අසාමාන්‍ය බව පෙන්වීමෙන් වැලකි සිටින්න.