Advertisement
Hot Kello

Wisha Haranaya විෂ හරණය

 

සෞඛ්‍ය සම්පන්න දිවියක් හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සැමගේ ප්‍රමුඛතාව විය යුතුය. කෙසේ වුවද ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගත් පමණින්ම ඔබේ ශරීරයේ විෂ රසායනික අන්තර්ගත නොවන බව පැවසිය නොහැක. මන්ද අප පරිසරය අප ශරීරයට අහිතකර ලෙස බලපාන විෂ වලින් පිරි පවතී.
ශරීරයට මුත්‍රා, මළපහ, දහදිය වැනි ස්වභාවික විෂහරණ ක්‍රම පවතී. නමුත් සමහර විෂ ශරීරයේ රැදෙන අතර ඒවා දරුණු ලෙඩ රෝග ඇති කරයි.
මේවා ඔබේ ශරීරයේ අනවශ්‍ය විෂ ද්‍රව්‍ය පවතින බවට සලකුණු 9ක් වන අතර මෙවැනි සංඥා ඔබ ශරීරයෙන් ලබා දේ නම් වහාම ක්‍රියාත්මක වන්න.

 

අඩු ජවය

 

අඩු ජවය හා මහන්සිය ඔබේ ශරීරයේ විෂ පවතින බවට සංඥාවකි. විෂ හරණයට සුදුසුම කාලය වන්නේ උදෑසනයි. එයින් ඔබට ප්‍රාණවත්ව හා ජව සම්පන්නව දිනය පටන් ගත හැක.

 

හිස කැක්කුම

 

හේතුවක් නොමැතිව හිස කැක්කුම් ඇති වේ නම් එය ඔබ ශරීරයේ විෂ ද්‍රව්‍ය පවතින බවට සංඥාවකි. වේදනා නාශක නොගෙන ශරීරය විෂ හරණයකට ලක් කරන්න.

 

පිත්තාශය ආශ්‍රිත ගැටලු

 

පිෂ්ටාධික ආහාර අනුභවයෙන් පසු ඔබට උදරයේ සිට පිත්තාශය දක්වා වේදනා ඇති වේ නම් එය ඔබ ශරීරයේ අවශ්‍ය පමණට වඩා විෂ ද්‍රව්‍ය පවතින බවට සංඥාවකි. ශරීරයේ වේදනා ඇත්නම් එය විෂ ද්‍රව්‍ය නිසා ඇති වේ. අක්මාව නිපදවන පිත පිත්තාශයේදී සාන්ද්‍ර වන නිසා ඒවා gallstones වල ප්‍රමාණය වැඩි කරයි.

 

නාසයේ අවහිරතා

 

අනතුරුදායක විෂ ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය අග්‍රහණය නිසා මෙය ඇති වේ.

 

අධික රස්නය

 

මෙය හර්දයේ අධි ක්‍රියාකාරිත්වය හා දහදිය මගින් පිරිසිදු කරන අධික විෂ ප්‍රමාණ නිසා සිදු වේ. විෂ හරණයට අවශ්‍ය ක්‍රම අනුගමනය මගින් සමස්ථ ශරීරයේ විෂ හරණය කළ හැක.

 

කහ හෝ සුදු පැහැ දිව

 

ඔබේ දිවේ සුදු හෝ කහ පැහැති පටලයක් ඇත්නම්, මුවෙන් දුර්ගන්ධයක් පිට වේ නම් ඔබ ශරීරයෙන් විෂ හරණය කළ යුතුය. එසේ කළ විට ඔබේ දිව තද රෝස හෝ ලා රතු පැහැයක් ගනී.

 

උදරීය මේද

 

උදර ප්‍රදේශයේ මේද තැන්පත් වීම ඔබේ ශරිරය් විෂ ද්‍රව්‍ය පවතින බවට සලකුණකි. මෙය ඔබේ පරිවෘත්තිය ක්‍රියාවට දායක වන නිසා විෂ හරණ අහාර වේලක් සුදුසුය. එලෙසම එය ග්ලුකෝස් හා කොලෙස්ටරෝල් මට්ටම් ක්‍රමවත් කිරීමට දායක වේ.

 

සමේ අසාදන

 

වියලි සම, කුෂ්ට රෝග, acne වැනි දෑ  ඇත්නම් ඔබ විවිධ ආලේපන භාවිත නොකර ශරීරය විෂ හරණයකට ලක් කරන්න. රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කර ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරන්න.

 

අනිද්‍රාව

 

නින්දේදී ශරීරය melatonin මුදා හරියි. එනිසා ඔබ ශරීරය විෂ හරණය කිරීම කළ යුතු හේතුවකි අනිද්‍රාව. ඔබේ ශරීරය ක්‍රමවත්ව melatonin මුදාහැරීමට නම් හොද නින්දක් ලබා ගත යුතුය.
පහත ක්‍රම වඩා ඵලදායි විෂ හරණ ක්‍රම වන අතර ඒවා ශරීර ක්‍රියාවන් ක්‍රමවත් කරයි.

 

ස්වභාවික විෂ හරණ වට්ටෝරුවක් අනුගමනය (උදෑසන)

 

·         ව්‍යායාම
·         වසාවාහි සම්භාහනය
·         හුමාලය ඇල්ලීම
·         mini – trampoline මතින් පැනීම.
·         වියළුණු සම ශුද්ධ කිරීම
·         ස්වභාවික විෂ හරණ යුෂ පානය