Aba Mrisha Mee Kiri Cake Sinhala Recipes අඹ මිශ්‍ර මී කිරි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු අඹගෙඩි 2

  • මුදවපු මී කිරි 500ml

  • ජෙලටින්- 30g

  • කුඩු කරගත් නයිස් බිස්කට් 100g

  • බටර් මේස හැඳි1

  • පදමට සීනි

සාදන ආකාරය -

පළමුව අඹ, වතුර අඬු කෝප්ප 1/2 ක් පමණ දමා හොඳින් ගසා ගන්න. පසුව එයට මී කිරි හොඳින් මිශ්‍ර කර කර ගන්න. ඉන්පසුව උණු වතුර අඬු කෝප 1/4ක පමණ ජෙලටින් දිය කර ගන්න. දැන් සීනි සමඟ අඹ, මී කිරි සහ ජෙලටින් හොදින් කලවම් කරන්න. පසුව නයිස් බිස්කට් සමඟ බටර් එකට කළවම් කර සුදුසු භාජනයක යටට දමා හොඳින් අතින් තද කරන්න. දැන් එයට උඩින් මී කිරි මිශ්‍රණය දමා ශීතකරණයේ දමා සෙට් වුණු පසු කෑමට ගන්න.

Aba Mrisha Mee Kiri Cake අඹ මිශ්‍ර මී කිරි කේක්